UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියෙන් පිදුම් ලබන ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි

ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය කොළඹ 07 නිදහස් මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් අගෝස්තු 3 වන දා සවස 3 ට පැවැත්වේ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම විනයධර ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේ නමකි. අමරපුර භික්ෂු වංශයේ සියලු පාර්ශ්වයන් එක් වී පිහිටුවන ලද අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියට කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වහන්සේ පත්වී වදාළේ මීට මාස දෙකකට පමණ පෙරය. අග්ගමහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මහා නාහිමියන්ගේ මූලිකත්වයෙන් 50 දශකයේදි අමරපුර මහා නිකායේ සියලු පාර්ශ්වයන් ඒකරාශි කර මහා සංඝ සභාවක් ලෙස ගොඩනගන්නට ක්‍රියා කළේ යුගයේ අවශ්‍යතාවයක් වූ හෙයිනි. කොස්ගොඩ පඤ්ඤාසීහ නාහිමි, පොළතුගොඩ ඤාණාලෝක නාහිමි, අකුරළ සීලවංශ නාහිමි, ඇන්දානේ දයානන්ද නාහිමි යන මහා යතිවරයන් වහන්සේ මේ සඳහා ආරම්භක නායකත්වය ලබා දුන්හ. ඒ අනුව අග්ගමහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මහා නා හිමියෝ ප්‍රථම එම සංඝ සභාවේ සභාපති ධූරයට පත්වූහ.

ඉතිරිය»

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]