UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතයට සවිමත් පදනමක්

ජීවිතයට සවිමත් පදනමක්

මිනිසත් බව ඉතා දුර්ලභව ලබාගත යුතුදෙයක්. වැදගත් වන්නේ ඒ දුර්ලභ වූ භාග්‍යය වටිනා ආකාරයට පරිහරණය කිරීමයි.

බුදුරජාණන් වහන්සේ අපට සීලය නම් ශික්ෂණ ක්‍රමය පෙන්වා දෙන්නේ ඒ දුර්ලභව ලැබූ මිනිසත් බව ක්‍රමවත්ව භාවිත කිරීමටයි. විචාර බුද්ධියෙන් ජීවිතයේ නිසි ඵල නෙළා ගත හැකි ශක්තියක් ඇති මනුෂ්‍යයා සීල සංවරය තුළ වටිනා සත්ත්වයෙක් බවට පත් වෙනවා. එවැනි කෙනෙකුගෙන් සමස්ත සමාජයටම සිදුවන්නේ මහත් වූ යහපතක්.

හොඳ දේ සිතුමත්

සිතු දේ කීමත්

කී දේ කෙරුමත්

නොහරි සිරිමත්

යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් කවියට නැඟුවේද සංවර වූ මනසකින් සිතීමද, සිතූ දේ කිරීමද, කී දේ කිරීමද වන බව ළමා මනසට ඒත්තු ගන්වන්නටයි. ඒ යහපත් වූ, තැන්පත් වූ, සාදාචාර සම්පන්න වූ ක්‍රියාවන් අපගේ ජීවිතය යහපත් කර ගැනීමට උපකාරි වෙනවා. සියල්ල සිතින් සිතා පසුව සිදු කරන බැවින් සිත සංවර කරගත් විට සියල්ල සංවර වෙන බව ද ඉතා අර්ථවත්වෙනවා.

එය බීමට ගන්නා ජලය එකතු කරන ජල ටැංකියකි. ඒ වටා කරාම පහක් ද සවිකර තිබේ. ඒවා රනින් නිමවා ඇත. එහෙත් ටැංකියේ ජලය අපිරිසුදු ය. රන් කරාමවලින් එන්නේ එහි ඇති අපිරිසුදු වූ ජලයයි. එතැනදී කරාමය තනා ඇත්තේ රනින් ද, පිත්තලවලින්ද යන්න වැදගත් නැහැ. ඒ කරාම වලින් පිටතට එන ජලයෙහි ගුණාත්මක භාවයයි වැදගත් වෙන්නේ. ටැංකියේ ඇති ජලය පවිත්‍රනම්, ඒ ජලය කුමන හෝ වර්ගයක කරාමයකින් ලබා ගත්තද ප්‍රයෝජන ලද හැකිය.

මේ සිතිවිලි නරක නම් ඒ ඉන්ද්‍රියයන්ගෙන් ක්‍රියාත්මක වන්නේ ද නරක දේමයි. මේ අනුව සිල්වත් වෙනවා කියන්නේ එක්තරා ආකාරයකට සිතෙහි යහපත් සිතිවිලි වර්ධනය කර ගන්නට කරන උත්සාහයක් වශයෙන් සිතා ගත හැකිය. ජල ටැංකිය අපේ සිත ලෙසත්, ටැංකියේ පිරි ඇති ජලය සිතිවිලි ලෙසත් සිතා ගන්න. සිතේ පවතින සිතිවිලි හොඳනම් ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වන්නේ ද හොඳ දේමයි.

බොහෝ ආරවුල් ඇතිවන්නේ කට මුල්කර ගෙනයි. පවුලක, සමාජයක, රටක, ලෝකයක පවා අර්බුද ඇතිවන්නට ප්‍රධාන හේතුවක් වන්නේ අවිචාරවත් ව වචන භාවිත කිරීම යි. බොහෝ විට ඇස, කන ආදීි අනෙකුත් ඉන්ද්‍රියයන් පිහිටා ඇති කය ලෙඩ වෙන්නේද කට පාලනය කිරීම ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති වූ විටයි. ශරීරය ලෙඩ වන ලෙසින් ආහාර අනුභව කරන්නේ රසයට ඇලුණු විටයි. රසයට ඇලෙන්නේ සිත පාලනය කර ගැනීමට නොහැකි නිසයි. ඒ අනුව ද පැහැදිලි වන්නේ සීලයට සිතේ සංවරය බෙහෙවින්ම බලපාන බවයි. එසේම තැන්පත් වූ සිතින් යුතුව කරන ක්‍රියාකාරකම් හෙවත් සීලය මානව සමාජයේ පැවැත්මේ ක්‍රමවත් භාවයක්ද ඇති කරවනවා. වඩාත් නිවැරදි ව පවසන්නේ නම් සීලය කියන්නේ අපගේ අධ්‍යාත්මික හා භෞතික ජීවිත සංවර්ධනයේ සවිමත් පදනමයි. ඒ අනුව සවිමත් අත්තිවාරම මත ගොඩ නගන ගොඩනැගිල්ලක් ශක්තිමත්ව පවතින්නාක් සේ සවිමත් සීල පදනමකින් යුතු තැනැත්තාට වඩාත් ස්ථාවර ලෙසින් සීලය දියුණු කර ගත හැකිනම් එය ඔහුගේ ජයග්‍රහණයක් වෙනවා.

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]