UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

කදුරුගොඩ විහාරය

යාපනයේ, චුන්නාකම්හි (හුණුගම) පිහිටි කන්දරෝඩේ හෙවත් කඳුරුගොඩ විහාරයේ අතීතය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමය දක්වා දිව යයි. ක්‍රි.පූ. 6 වැනි සියවසේ බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කොට චූලෝදර මහෝදර රජවරුන් අතර පැවැති නොසන්සුන්තාවය සමථයකට පත්කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයට වැඩම කොට මොහොතක් විවේක සුවයෙන් ගත කළ බැව් ජනප්‍රවාදයෙහි එයි. 1917 දී එවකට යාපනයේ දිසා විනිසුරු වශයෙන් සේවය කළ ආචාර්ය පෝල් ඊ පීරිස් මහතා විසින් කදුරුගොඩ පුදබිමෙහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම සම්බන්ධයෙන් පුරාවිද්‍යා බලධාරීන් වෙත ලිඛිතව දැනුම්දීමෙන් පසු 1917 සිට 1919 දක්වා මෙහි කැණීම් සිදුකර ඇත. එම කැණීම්වලදී සොයාගත් පුරාවස්තූ අතර බුදුපිළිම, වර්ණාලේපිත උළු කැබලි හා කාසි තිබී ඇත. ඒවා අනුරාධපුර හා පොළොන්නරු යුගවලට අයත් බැව් අනාවරණය වී තිබේ. එසේම එම පුරාවස්තු 1 වැනි පැරකුම්බා ලීලාවතී සහ බුවනෙකබාහු යන රජවරුන්ගේ යුගවලට අයත් බවද සොයාගෙන ඇත.

ඉතිරිය»

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]