UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුතරට අපමණ සෙත සදන කළුතර බෝධි භාරකාර මණ්ඩලය

කළුතරට අපමණ සෙත සදන කළුතර බෝධි භාරකාර මණ්ඩලය

රුපියල් ලක්ෂය බැගින් වටිනා පිරිකර විහාරස්ථාන එකසිය පනහකට

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා කළුතර නීතිඥවරයකු ලෙස කටයුතු කළ අවදියේදී විසින් බෝධීන් වහන්සේට පුද පූජාවන් පවත්වනු දැක ඒ කෙරෙහි සැදැහැති පිරිසක් ප්‍රසාදයට පත්වඑම ස්ථානය පූජනීයත්වයට පත් කළ යුතු යැයි දැඩි අදිටනින් ක්‍රියා කළේය. එම ස්ථානය කෙටි කලකින් සංවර්ධනය වී පහන් සිය දහස් ගණනක් දැල්වෙන පූජනීය ස්ථානයක් බවට පත් විය.

ශතවර්ෂ කීපයක පෞරාණිකත්වයක් දක්වන කළුතර බෝ සමිඳුන් අති සම්භාවනීය පුජනීය තත්ත්වයට පත් කිරීමෙහිලා කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙවර පැසසිය යුතුව ඇත.


කළුතර කළු ගංතෙර දැකුම්කළු රමණීය පරිසරයක පිහිටි බෝධි පරිශ්‍රය සැදැහැ ගෞරවයට බඳුන් වන සිද්ධස්ථානයකි.

සම්බුදු සසුනේ යහපත සඳහා ඇප කැපවී කටයුතු කිරීමත්, මහ සඟරුවනෙහි අවශ්‍යතා සොයා බලා පහසුකම් සැලසීම , ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට අධ්‍යාපනය සඳහා අනුග්‍රහය දැක්වීම, දහම් පාසල් නගා සිටුවීමට අවශ්‍ය කටයුතු සැලසීම ආදි ව්‍යාපෘති රාශියක් බෝධි භාරකාර මණ්ඩලය මගින් දැනුදු ක්‍රියාත්මක කරනු ලැබේ. කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ පරලොව සැපත් ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතා විසින් දශක කීපයකට පෙර අරඹන ලද සමාජ සුබ සාධන සේවා මෙන්ම ජනතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිද එලෙසම සිදු කරගෙන යාම සුවිශේෂී වේ. මෙම කටයුතු සියල්ල කළමනාකරණය කරනු ලබන්නේ බෝධිභාරකාර මණ්ඩලයේ වත්මන් සභාපති අජිත ද සොයිසා මහතාගේ නායකත්වයෙන් පවත්වා ගෙන යනු ලබන බෝධි භාරකාර මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් විසිනි.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ස්වකීය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් කළුතර නගරයේ පාසල් දෙකක් ආරම්භ කර ඇත. ඒ කළුතර විද්‍යාලය සහ කළුතර බාලිකා විද්‍යාලයයි .සමාජ සේවකයෙකු වශයෙන් ඒ මහතා එවකට විවිධ සමිති සමාගම් රැසක අනුශාසක, සභාපති, සාමාජික තනතුරු හොබවා ඇත.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා එවකට ආරම්භ කරන ලද ස්වර්ණපාලි බස් සමාගමේ බස් රථ ගාලුපාරේ ධාවනය වු හෙයින් කළුතර බෝධින් වහන්සේ අබියසින් ධාවනය වන විට ස්වකීය බස්රථවල මගීන්ගෙන් සම්මාදම් එකතුකර බෝධියේ පින් කැටයට දමන ලෙස එතුමා විසින් තම බස් රථවල සේවය කළ කොන්දොස්තරවරුන්ට උපදෙස් දී ඇත. දර්ශනීය වටදාගෙය සහිත මහ සෑ රදුන් වහන්සේ කළුතර පුරවරයට අලංකාරයකි. එමෙන්ම කළුතර පුරවරය හඳුන්වනු ලබන ප්‍රධාන සංකේතය බවටද එය පත්ව ඇත.

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ අනුග්‍රහයෙන් ශාසනික, ආගමික, අධ්‍යාපනික හා සාමාජික මෙහෙවර රැසක් සිදු කෙරේ. දිනපතා සිය දහස් ගණනින් බුදුන් පුදන කළුතර බෝධි පරිශ්‍රයේදි ඉකුත් 15 වනදා අගනා පින්කමක් සිදු කෙරිණි.

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් විහාරස්ථාන සහ මහා සංඝරත්නය වෙනුවෙන් කළ අගනා පින්කම නම් 'ගිරිභණ්ඩ' පූජාව පැවැත්වීමයි. කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මග පෙන්වීම මත අඩු පහසුකම් සහිත විහාරස්ථාන 150 ක් පමණ තෝරාගෙන සිදුකළ එම පින්කමේ දී විහාරස්ථානයකට අවශ්‍ය වන සියලු පිරිකර වර්ග සියයක් පමණ රුපියල් ලක්ෂයකට අධික පුද පූජා භාණ්ඩ එම විහාරස්ථන වෙත පූජා කෙරිණි.

“ගිරිභණ්ඩ පුජාව” යනු කන්දක් මෙන් උසට විවිධ පිරිකර භාණ්ඩ එක් රැස් කර මහ සඟරුවන උදෙසා පූජා කිරීම ය. කළුතර බෝධි පරිශ්‍රයේ දි පැවැති එම ගිරිභණ්ඩ පූජාව සඳහා පරිත්‍යාගශීලි විවිධ ආයතන සහ දානපතියන් මුදලින් සහ ද්‍රව්‍යමය වශයෙන් ද ආධාර පිරිනමා තිබිණි.

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙහෙයවීමෙන් පොහෝදා සීල භාවනා පින්කම් ඇතුළු ධර්මදේශනා, බෝධිපූජා ආදි පින්කම් අඛණ්ඩව පැවැත්වේ.

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]