UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මිනිස් සිත කියවූ ජාතක කතා

පියවි ඇසට පෙනෙන දේවල් තුළ නොපෙනෙන බොහෝ දේ ඇත. එමෙන්ම සෑම මිනිසෙකුටම අදාළ නොවෙන ඒ ඒ මිනිසාට පමණක් අදාළ වන බොහෝ දෑ ඇත. එකී දෑ පිළිබඳව අඳුරු අහුමුළු කරා සියුම් ආලෝක ධාරාවක් යවමින් ආශ්වාදනීය මනෝවිශ්ලේෂණයක යෙදීමට සමත්වීම අතිශයින්ම ප්‍රශස්ත වේ.  කුරුණෑගල සාහිත්‍ය යුගයට අයත් ජාතක පොත් වහන්සේ බහු කර්තෘ කෘතියකි. ඒ බව ජාතක පොතේ රචනා රීතියත්, භාෂා ව්‍යවහාරයත්, අන්තර්ගතයත් අධ්‍යයනය කිරීමේදී මනාව පැහැදිලි වේ. එහි, මිනිස් ජීවිතවල සංකීර්ණ මනෝභාවයන් සියුම් ලෙස විශ්ලේෂණය කිරීමට ගෙන ඇති උත්සාහය ලෝක ප්‍රකට පඬිවරුන්ගේ පවා අවධානයට යොමු වී ඇත. මිනිසාගේ ප්‍රකෘති ස්වභාවය හෙවත් අමු (ගෝත්‍රික) මිනිසාගේ මනෝමය හැසිරීම් ජාතක කතාකරුවන් ග්‍රහණය කොට ඇත්තේ අපගේ තර්කඥානයට හසු නොවන ආකාරයටය. ස්ත්‍රිය පිළිබඳ දෘෂ්ටිවාදය මත පිහිටා ඇතැම් කතා ගොඩනගා තිබුණ ද සමහර කතා මගින් ස්ත්‍රිය පිළිබඳ දෘෂ්ටිවාදය නිර්දය ලෙස බිඳ දමා ඇත. පියවි ඇසට පෙනෙන දේවල් තුළ නොපෙනෙන බොහෝ දේ ඇත.

ඉතිරිය»

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6 වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]