UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතුවම - ආර්. එම්. බී. එන්.  රත්නමලල

ධර්ම දේශනාව:

නොවැඩුණ සිත දමනයට ක්‍රම පහක්

‘අපරිපක්කාය මේඝිය චේතෝ විමුක්තියා පඤ්චධම්මා පරිපක්කාය සංවත්තන්ති”.......

ධර්ම දේශනාව සඳහා තෝරා ගත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ මේඝිය සූත්‍රයයි. තථාගතයන් වහන්සේ චාලිකා නගර සමීපයෙහි වූ චාරිකා පර්වතයෙහි වැඩවසන සමයක උපස්ථායක වූයේ ආයුෂ්මත් මේඝිය ස්වාමීන් වහන්සේය. දිනක් මේඝිය තෙරුන් බුදුන් වහන්සේ වැඳ ජන්තුග්‍රාමයට පිණ්ඩපාතය සඳහා වැඩමකරවීමට අවසර ඉල්ලීය. බුදුරදුන් මේඝිය තෙරුන්ට අවසර දෙයි. ඡන්තු ග්‍රාමයට පිඬුසිඟා වැඩිය මේඝිය තෙරුන් දවල් දානයෙන් පසු කිමිකාලා නම් නදිය අසල සක්මන් කරමින් සිටියේය. මේ අවස්ථාවේ රමණීය වූ අඹවනයක් උන්වහන්සේට දක්නට ලැබුණි. මෙම රමණීය අඹ වනය දුටු මේඝිය හිමියන්ට මෙසේ අදහසක් ඇති වුණි. මේ අඹවනය ප්‍රසාද වෙයි. රමණීයයි. මෙය පධන්වීය¸ වඩනු කැමති කුලපුත්‍රයෙකුට ඉතා සුදුසුයි. බුදුරදුන් අවසර දෙන්නේ නම් පධන් වීය¸ සඳහා මම මේ අඹවනයට එන්නෙමි”යි සිතා බුදුරදුන් හමුවීමට ගියේය. බුදුසිරිපා වැඳ තමන්වහන්සේගේ සිතට ආ කාරණය කියා සිටියේය. මේ අවස්ථාවේ බුදුරදුන් ලබාදෙන පිළිතුර අනුවයි. මේඝිය හිමියන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වන්නේ.

ඉතිරිය»

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6 වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]