UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර අටවක 2017.01.05

සාර්ථක දිවියකට...

ජීවිතය තුළින් උදාකර ගත යුතු සතුට,සැනසීම අපමණය. එහෙත් ඒ සතුට සැනසීම පහසුවෙන් උදාකර ගත නොහැකිය. ඒ සඳහා උත්සාහයත්,අධිෂ්ඨානයත් අත්‍යවශ්‍යය. කුඩා කල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුගේ හෝ ශිෂ්‍යාවක ගේ මුලික අපේක්ෂාව විය යුත්තේ අධ්‍යාපනයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීමටය. ඊට උනන්දුව, උත්සාහය, වීර්යය ඉතා අවශ්‍යය. ඇතැම්විට දයාබර මවුපියවරුන්ට හෝ ගුරුවරුන්ට අවශ්‍ය වූ පමණින් අධ්‍යාපනය ලබන දරුවකුගේ අනාගතය සාර්ථක කළ නොහැකිය. ගුරු දෙගුරුන්ටත් වඩා ඊට විශේෂ උනන්දුවක් තිබිය යුත්තේ අධ්‍යාපනය ලබන දරුවා තුළය. පාසලේදී එදිනෙදා උගන්වන පාඩම්වලට අවධානය යොමු කළ යුතුය. මනා සිහියෙන් හා නිසි අවධානයෙන් එදිනෙදා අධ්‍යාපන කටයුතු අතපසු නොකළ තරමට එමගින් සතුටුදායක උසස් ප්‍රතිඵල ළඟා කරගත හැකි වනු ඇත. අද කළ යුතු පාඩම් මඟ නොහැර හෙටට කල් නොදැමිය යුතුය. අධ්‍යාපනය පාසලට පන්තියට පමණක් සීමා නොකළ යුතු අතර ඉඩ ලද හැම විට පොතපතෙහි කටයුතු නොපමාව කළ යුතුය. පාසල් අධ්‍යාපනය ලබන්නේ සීමිත කාලසීමාවක් තුළ පමණි. එහෙත් තමා ඉදිරිපත්වන තරඟ විභාගාදියෙන් උසස් ප්‍රතිඵල ලබාගැනීමට නම් තමාම ඒ සඳහා වෙහෙස මහන්සි විය යුතුය. මෙසේ අධ්‍යාපනය ලබන දරුවෙකු ස්වකීය අනාගතය සාර්ථක කර ගැනීමටත්, ගුරු දෙගුරුන්ගේ යහපත් අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමටත් සිය කාර්යය නොපිරිහෙලා ඉටු කළ යුතුය. එසේ නොකළහොත් එමගින් පසුතැවෙනුයේ ගුරු දෙගුරුන් නොව අධ්‍යාපනය ලබන දරුවාම බව කල්පනාවට ගත යුතුය.

අධ්‍යාපනය ලබන කාලය තුළ බාහිර දේ කෙරෙහි සිත යොමා අනවශ්‍ය බරක් හිතට ගත යුතු නැත. අධ්‍යාපනය ලබන කල මූලික විය යුත්තේ අධ්‍යාපනය ලැබීමය.

උසස් අධ්‍යාපනයෙන් අනතුරුව තමාට සුදුසු යහපත් රැකියාවක නිරත විය යුතුය. දරුවන් හදන වඩන මවුපියවරුන්ගේ විශේෂ බලාපොරොත්තුවක්ද වනුයේ තම දියණිය හෝ පුතනුවන් නිසි ඉගෙනුමෙන් පසු යහපත් රැකියාවක නිරතවීමය. එසේ මවුපියවරුන්ගේ බලාපොරොත්තුද ඉටු කරමින් සුදුසු කල යහපත් රැකියාවක නිරතවිය යුත්තේ තම අනාගතයද එමගින් සාර්ථක කර ගැනීමේ උදාර බලාපොරොත්තුවෙනි.

උසස් අධ්‍යාපනයෙහි නිරත වූවන්ට ආර්ථික වශයෙන් යමක් උපයාගැනීමට සුදුසු රැකියා අවස්ථා කොතෙකුත් පවතී. තමා ආර්ථික වශයෙන් ශක්තිමත් වීමේදී දැහැමි ධනෝපායනය ගැනම අවධානය යොමු කළ යුතුය. එසේ නොවුවහොත් අසීමිත බලාපොරොත්තු වෙනුවෙන් අධර්මයෙන් සොයා ගන්නා ධනය නිසා අවසානයේ කනගාටුවට, පසුතැවීමට පත්වන්නට ඉඩ ඇත. එසේ වුවහොත් ජීවිතයෙන් සතුට, සැනසීම දුරස්වීම නොවැළැක්විය හැක්කකි.

ජීවිතයේ යොවුන් විය වටිනාම කාලයකි. ඒ තුරුණු සවිය නිසි ලෙස යෙදවුවහොත් ජීවිත කාලය පුරාම සතුටෙන් සැනසීමෙන් ජීවිතය ගත කිරීමට අවස්ථාව සැලසේ.

යොවුන් විය ගෙවන විට ජීවිතය ගැන අත්දැකීම් සමුදායක් ජීවිතයට ඒක රාශි වනු ඇත. මවුපිය වැඩිහිටියන්ගේ කාරුණික නිවැරැදි මාර්ගෝපදේශකත්වය ඒ හැමවිට අගයමින් ඒ අනුව ක්‍රියාකිරීමටද උනන්දුවිය යුතුය. ඉහත සඳහන් කළ අයුරෙන් සතුට, සැනසීම ජීවිතයකට නිරායාසයෙන් ළඟා කරගත හැකි දෙයක් නොවන බව තේරුම් ගත යුතුය. ඊට උත්සාහය, උනන්දුව, අත්‍යවශ්‍ය බව සිහිපත් කළ යුතුය.

ජීවිතය කුඩා කාලය, තරුණ කාලය සහ වියපත් කාලය ලෙස කොටස් තුනකට බෙදා වෙන්කර ගත හොත් කුඩා කාලයත්, තරුණ කාලයත් ගත කර වියපත් වූ කාලයේදි ජීවිතය දෙස ආපසු හැරී බලා සතුටෙන් සැනසීමෙන් ගත කළ හැකි ජීවිතයක් ගෙවා ඇත් දැයි විමසිලිමත්ව සිතා බැලිය යුතුය. එසේ සිතා බලා සතුටුවිය හැකි වෙතොත් මෙලොව වශයෙන් සාර්ථක දිවියක් ගෙවා ඇතැයි මනා සතුටක් ලැබෙනු ඇත. එබඳු දිවියක් ගත කිරීමට වටිනා අධිෂ්ඨානයක් ඇති කර ගැනීමට සිතා බැලීම කාලෝචිතය.

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6 වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]