UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැවිදි දිවියේ තිස්විය සපුරන දොරවක සුසීම හිමි

පැවිදි දිවියේ තිස්විය සපුරන දොරවක සුසීම හිමි

බෞද්ධ අභිවෘද්ධියට ඇප කැපවන තරුණ යතිවරයාණන් වහන්සේ නමකගේ පැවිදි දිවියෙහි තිස්වන සැමරුම දෙසැම්බර් 31වනදාට යෙදී තිබුණි.

උන් වහන්සේ දොඩන්ගොඩ පිච්චමල් සේනාසනයේ අභිවෘද්ධියට ඇප කැප වෙමින් උදාර සමාජ ශාසනික මෙහෙවරක නිරතවන දොරවක සුසීම හිමියෝය.

සුසීම හිමියන් ජන්ම ලාභය ලැබුවේ වරකාපොළ දොරවක ගම් පියසෙහිය. උන්වහන්සේගේ ගිහි කල නාමය වූයේ එච්. පී . සුසන්ත සිසිර කුමාරය. සිප් සතර හැදෑරුවේ වරකාපොළ, තල්ලියද්ද මහසෙන් විදුහලෙහිය. පාසල් දිවියේදීම පැවිදි වියට ඇළුම් කළ මෙම කුමරු 1986 දෙසැම්බර් 31වනදා කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්ය තාඹුගල ආනන්ද සිරි නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ‘දොරවක සුසීම’ නමින් පැවිදි දිවියට එළඹුණහ.

එදා සිට පිරිවෙන් අධ්‍යාපනය ලැබූ සුසීම සාමණේර හිමියෝ අයගම චන්දවිමල නා හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ අම්බලන්ගොඩ, බටපොළ. කහටපිටිය යෝගාශ්‍රමාධිපති ආචාර්ය දෙල්දූවේ ඤාණසුමන හිමියන්ගේ ශිෂ්‍යයකු වූහ.

නිසි වියට එළඹුණු සුසීම හිමියෝ අම්බලන්ගොඩ දෙල්දූව උදකුක්ඛේප සීමා මාලකයේදී රාමඤ්ඤ මහා නිකායේ අනු නායක බටුවිට නන්දාරාම අනු නා හිමියන්ගේ උපාධ්‍යාත්වය හා දෙල්දූවේ ඤාණසුමන හිමියන්ගේ ආචාර්යත්වය ලැබූහ.

මෙකල නාහිමියන් වහන්සේ සමඟින් කොළඹ සම්බෝධි විහාරස්ථානය මූලිකත්වයෙන් දීප ව්‍යාප්ත පාරමිතා පූජාවන්ට සුසීම හිමියෝ සම්බන්ධ වූහ. 1991 වසරේදී ඇරැඹුණු කලපළුවාව ශ්‍රී ධර්ම විහාරස්ථානයට වැඩමවූ හිමිපාණෝ එහි ධර්ම විද්‍යාලයේ ආචාර්යවරයෙකු සහ ප්‍රධානාචාර්යයන් වහන්සේ ලෙස 2011 වසර දක්වා කටයුතු කළහ. එකල එහි දහම් පාසල කේන්ද්‍රව ‘විකසිත’ නමින් සඟරාවක් ද, ‘විශ්ව ශක්ති’ නමින් පුවත්පතක් ද අරඹා එහි කාර්ය භාරයට ඇප කැප වූහ.

2012 වසරේදී දොරවක සුසීම හිමියන්ගේ පැවිදි දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ කොටගල අමරකිත්ති මාහිමියන්ගේ ආශිර්වාදයෙන් දොඩන්ගොඩ පිච්ච මල් සෙනසුනට වැඩම කිරීමය.

එදා සිට සිව් වසරක් පුරා එම පින්බිම අංග සම්පූර්ණ සේනාසනයක් ලෙස සංවර්ධනය කිරීමට අයගම සූසීම හිමියන් දැරූ වෙහෙස අපමණය.

මහනුවර, හිඳගල ධම්මකූට භාවනා මධ්‍යස්ථානයේ පුහුණුව සහ ආචාර්ය දෙල්දූවේ ඤාණසුමන මා හිමියන්ගේ ‘විශ්ව ශක්ති’ වැඩසටහනට සම්බන්ධ වී ජපානය, සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව ආදී රටවල් රැසක සංචාරක අත්දැකීම්ද සුසීම හිමියන්ගේ ශාසනික දිවියට මහත් අත්වැලක් විය.

විවිධාකාර විෂයන්හි පතල දැනුමකින් දනන්ගේ හිත සුව පිණිස ඇප කැපවෙන දොරවක සුසීම හිමියන්ගේ පැවිදි දිවියට තිස්වසරක් ඉකුත්දා (දෙසැම්බර් 31) සපිරිණි. ඒ නිමිත්තෙන් දෙසැම්බර් 31 වන දින දොඩන්ගොඩ පිච්ච මල් සේනාසනයේදී විශේෂ උපහාර උළෙලක් පැවැත්වීමට නියමිතව තිබිණි. පෙ.ව 7.00 සිට සංඝගත දක්ෂිණාවකින් ඇරැඹෙන පුණ්‍ය මහෝත්සවය අනුශාසනාවන්ගෙන් සහ බෞද්ධ සංස්කෘතිකාංග රැසකින් සමන්විතය.

අයගම සුසීම හිමියන්ට සම්බුදු සසුනට තවත් මෙහෙවර රැසක් කිරීමට සවිය , බලය, දීර්ඝායු ලැබේවා!

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6 වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]