| 
								
									|  |  
									|   |  
									| ප්‍රංශය, ජර්මනිය, 
										කැනඩාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඉතාලිය 
										යන රටවල වෙසෙන තිස් එක් දෙනෙකුගෙන් 
										සමන්විත පිරිසක් මියන්මාර්හි ඓතිහාසික 
										වෙහෙර විහාර වන්දනාවක යෙදෙමින් ශ්වේතගොන් 
										චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනා කර එහි දී 
										ලෝක සාමයත්, ආගමික සහජීවනයත් ප්‍රාර්ථනා 
										කළ අතර අනතුරුව එම පිරිස සමූහ සේයාරුවකට 
										පෙනී සිටි අයුරු. ප්‍රංශයේ 
										ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර 
										නා හිමියන් ඇතුළු වියට්නාම් සහ කාම්බෝජ 
										හිමිවරු තෙනමක් ද ඊට එක්වූහ. |  
									|  |  
									|  |  | 
මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව උඳුවප් පෝදා 
						 
						 
						 
						 
						 
මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සෑම පුර පසළොස්වක පෝදාකම සිදුකෙරෙන අතර 
උඳුවප් පෝදාද මෙම කප්රුක් පූජාව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණ 
වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් පැවැත්වේ. පෝදා 
සවස 2.30 ට මිහින්තලේ සාංචිවිහාරය අසලින් කප්රුක් පූජා පෙරහර ආරම්භවේ.බද්දේගම වවුලාගල ශ්‍රී ශෛලකූඨාරාම පුරාණ ගල්ලෙන් විහාරාධිපති ගෝනාපීනුවල මේධානන්ද 
හිමියන්ගේ මෙහෙයවීමෙන් සංඝමිත්තා තෙරණියට කළගුණ සළකමු වනමල් පුදමු පදනම 
මූලිකත්වයෙන් චන්ද්‍ර පොන්සේකා (ගුරුමහතා) විජේසිරි පෙරේරා, භද්‍රවානගුරු, (මෑණියෝ) 
ගෝනාපීනුවල ශි‍්‍රයාලතා පෙරේරා, කුමුදුනී විජේනායක, පි‍්‍රන්සි රණසිංහ, දිනුෂි 
කුරේ, දයා කල්පගේ, සෝමා හෙට්ටිආරච්චි, ශි‍්‍රයානි කොඩිතුවක්කු මහත්ම මහත්මීන්ගේ සහ 
කංචුක පූජාව කිරිවැල්දොල පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පියනන්ද සමාජ සේවා 
පදනම වැල්ලවත්ත, අනුග්‍රහයෙන් සිදු කෙරේ. සඟමිත් පූජෝපහාර පැවැත්වීම 13 වන දා පෙ.ව. 
8 ට අනුරාධපුර සංඝමිත්තාරාමයේ දී හා ථූපාරාමය අසලදී පැවැත්වේ. 
						 
						ඉතිරිය» | 
								
									|  |  
									| 
	
		
			| 
 
	
		| 
		උඳුවප් පුර පසළොස්වක පෝය
		උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට 
		ලබයි.14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
 සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා
 
		  
		මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය. |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |