UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ඔක්තෝබර් 29 වනදා ඇරැඹුණු පින්කම් මාලාව 2017 ජනවාරි 13 වනදා දක්වා ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා මාලාව 2017 ජනවාරි 04 වනදා දක්වා පැවැත්වේ. ඒ අනුව දෙසැම්බර් 13 වන දා උදේ 9 – 10 දහම් දෙසුම අතුරලියේ රතන හිමියන් විසින්ද සවස 3 – 4 දහම් දෙසුම නීලම්මහර චතුරශාන්ත හිමියන් විසින් ද රාත්‍රී 7 – 8 දහම් දෙසුම බොරැල්ලේ අතුල නාහිමි, 14 වන දා නාලන්දේ විමලසිරි හිමි, 15 වන දා මාරපන විජිත නාහිමි, 16 වනදා බොරැල්ලේ කෝවිද හිමි, 17 වන දා කොටපොල අමරකිත්ති හිමි, 18 වන දා පොල්පිටුමූකලානේ පඤ්ඤාසිරි හිමි, 19 වන දා රජවත්තේ වප්ප හිමි 20 වන දා හබරකඩ ඉන්දරතන නා හිමි එම දහම් දෙසුම් පවත්වති.


බත්තරමුල්ල සුදස්සනාරාම සදහම් සෙනසුනේ පෝදා පින්කම්

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00-7.30 තෙරුවන් වන්දනාව ,8.15-9.30 භාවනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 9.30 – 11. 00 ධර්ම දේශනාව -ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව - ආචාර්ය මඬිහේ සුගතසිරි මා හිමි, 2.00 - 3.00 ධර්ම සාකච්ඡාව - පිටකන්දේ ආනන්ද විමලකීර්ති මා හිමි, 4.00-5.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පොතේතේවෙල විනීත නා හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව - ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 – අටවිසි බුද්ධ වන්දනාව

මිරිස්සේ ධම්මික නා හිමියන් විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් මෙදින උවසු උවැසියනට පරිත්‍යාග කෙරේ.


ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහාවිහාරය

උඳුවප් පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධ පූජාව, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණී උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 – 10.00 පෙරවරු ධර්මදේශනාව රාජගිරිය සඳහම් සෙවන අධිපති ශාස්ත්‍රපති අතුරලියේ රතන හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 – 4.00 පස්වරු ධර්ම දේශනාව නාරංවල සුමනකීර්ති පිරිවෙන් වාසී නීලම්මහර චතුර ශාන්ත හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව, 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල නා හිමි


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මහරගම ධම්මසිරි නා හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව මහගම සුජාත හිමි පැනසිහගම ඛේම හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ඕපනායක ධම්ම විරාග හිමි, මීගොඩ මධුභානී හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව මීරගහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3.00 – 3.45 ඉංගිරිය සුදම්පාය ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත බෝකුන්දර කුසලධම්ම හිමි, 4.00 – 5.00 ධර්මදේශනය බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි, 5.00 - 6.00 ධම්ම පදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි


අම්පිටිය ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය

අම්පිටිය ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ දී පෝදා ආගමික වැඩසටහන විහාරාධිකාරී මොරගහවැවේ ධම්මසිරි හිමියන් විසින් අටසිල් සහ බුද්ධ පූජාව උදේ 6.30 ටද, උදේ 9.00 ධර්ම දේශනාවක් ද, 10.15 භාවනා වැඩසටහන ද, 10.45 බුද්ධ පූජාව, 12.30 සෙත්පිරිත් දේශනාව, 1.30 ජාතක පොත් වහන්සේ කියවීම, 3.00 බිබිලේ සිරිමංගල හිමියන් පවත්වන ධර්මදේශනාව ද, 4.00 ට සිල්පවාරණය 5.00 ට බෝධි පූජාව ද පැවැත්වේ.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි උදුවප් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ උඳුවප් පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල්, පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ බෞද්ධ කොඩි 300 ක් කිරිවෙහෙර චෛත්‍යයට පැළඳවීම, කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්මදේශනාව විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේදී පැවැත්වේ.

සවස කිරිවෙහෙර විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාවද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලන් උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථදායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී උඳුවප් පුන් පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 -9.00 දහම් දෙසුම පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි, 9.30 – 10.30 දහම් දෙසුම මඬිහේ සුගතසිරි හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද 1.00 – 2.00 දහම් දෙසුම නවසීලන්තයේ වෙලින්ටන් නුවර ධම්මගවේසි භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය වැලිමඩ ජිනාලංකාර හිමි, 3.00 – 5.00 දහම් දෙසුම අතුරුගිරියේ ධම්මවිහාරි හිමි, සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.


තෙලවල විජය රූපාරාම ධර්මායතනය

මොරටුව - කටුබැද්ද - තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන පුන් පොහෝදින වැඩසටහන මෙසේය.

6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නා හිමි, 8.00 – 9.00 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 9.30 – 10.30 ජාතක කතා දේශනය පරිවේනාචාර්ය නිමල් අමරවංශ මහතා, 10.30 – 11.00 භාවනාව ධර්මායාතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, 1.00 – 2.30 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.30 – 3.00 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 3.00 – 3.40 සුධර්මා කුළඟන සමිතියේ සාකච්ඡාව, 4.00 – 5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත මහ පිරිත් දේශනාව , 5.00 සිල් පවාරණය ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, 6.30 – 7.30 අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නා හිමි, පස්වරු 12.30 බුදුසරණ පුවත්පත බෙදා දීම, දායකත්වය – ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා ප්‍රියදර්ශනි මෙනවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය මගිනි.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේ දී උඳුවප් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කිරීමට කළුතර බෝධි භාරකාර මණ්ඩලය කටයුතු යොදා ඇත.

පෝදා පෙරවරු 6.15 සිල් සමාදන් කරවීම තෙරුවන් වන්දනාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි 7.30 – 9.45 දහම් දෙසුම ගම්පහ සිරිසීවලී හිමි 10 – 11.30 දහම් දෙසුම වැලිපිටියේ දීපරංසි හිමි පස්වරු 1 – 2.45 දහම් දෙසුම දංකොටුවේ ලක්ඛණ හිමි 3 – 4 දහම් දෙසුම ගාල්ලේ ධර්මකීර්ති ශ්‍රී ශාසනරතන නා හිමි 4.30 – 6 දහම් දෙසුම ගම්පහ මහානාම හිමි 6.15 – 7.15 දහම් දෙසුම හෝකන්දර පඤ්ඤාවාස හිමි 8.10 – 9 ධර්මාචාර්ය කේ. අරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව


බම්බලපිටියේ සිරිවජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 10.00 – 11.00 භාවනාව/අනුශාසනාව සහ බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි, පස්වරු 12.30 – 1.30 සෙත් පිරිත් ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව පානදුරේ පසන්න හිමි, 4.00 – 5.00 පටිගතකළ ‘සංසාරේ’ වීඩියෝපට දර්ශනය හා ගිහිදේශනය සරත් ඉඹුලමුරේ මහතා, 5.00 – 6.00 භාවනාව හා අනුශාසනාව තලාවේ සුමනරතන හිමි, 6.00 – 6.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව - සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා විසිනි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ පොහෝදා, ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ.එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්මදේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසි ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව හා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ උදෙසා පිදෙන දහවල් අටවිසි බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නා හිමි, පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසී, ස්වාමින්වහන්සේලා, 1.00 – 2.00 මාසික රැස්වීම 2.15 – 3.15 ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍රදේශනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව දෙණියායේ සිරි නන්ද නා හිමි, 6.00 සිල්පවාරණය තලල්ලේ සිරිමහින්ද නා හිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රි 8.00 – 9.00 දක්වා ධර්ම දේශනයය (පටිගත කරන ලද දේශනයක්)


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ බෝධිධම්ම හිමි, 1.00 – 2. 00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය ආචාර්ය චන්දන ගුණවර්ධන මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව වල්ගම සුමන හිමි, 4.15 – 5.00 ධම්මපදය වල්පොල ගෝතම හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි


මාතර, නාවිමන ගිරිකන්දරාරාම පුරාණ රජමහා විහාරය

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය, උදෑසන කිරි ආහාර බුද්ධ පූජාව මෙහෙයවීම - විහාරාධිපති යටලමත්තේ විපස්සී හිමි, 8.30 – 9.30 ධර්ම දේශනය – කථිකාචාර්ය දර්ශනපති වීරපාන ජිනරතන හිමි, 9.45 – 10. 40 භාවනා වැඩසටහන, 11.00 – 11.30 දහවල් බුද්ධ පූජාව පස්වරු 1.00 – 1.30 සෙත්පිරිත් සජ්ඣායනය, 2.00 – 3.00 ධර්ම දේශනාව - වල්පොල කමලසීල හිමි, 4.00 – 5.30 ධර්ම දේශනාව - පණ්ඩිත ශාස්ත්‍රපති හල්ගම්පිටියේ සුමනතිස්ස හිමි, 6.00 සිල් පවාරණය, 7.00 – 8.00 බෝධි පූජාව

 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට ලබයි.
14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා

 

මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]