UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර පසළොස්වක 2016.12.13

සංඝමිත්තාගමනය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා නිරන්තරයෙන් වැඳුම් පිදුම්කිරීම බෞද්ධයාගේ උදාර ලක්ෂණයකි. ශාරිරික ධාතුන් වහන්සේද පාරිභෝගික චෛත්‍යය සහ උද්දේසික වශයෙන්ද එසේ වන්දනා කිරීම සිරිතය. බෞද්ධයා විහාරස්ථානයට ගිය විට පළමුව ශාරිරික ධාතුන් වහන්සේ තැන්පත් චෛත්‍යය වෙතද, අනතුරුව පාරිභෝගික චෛත්‍යය ලෙස බෝධීන් වහන්සේ වෙත සහ උද්දේසික චෛත්‍යය වූ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසාද මෙසේ වන්දනා කරයි.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්ම ස්ඛන්ධයේ පහස ලද වාම ශ්‍රී දන්තධාතුන් වහන්සේ මහනුවර ඓතිහාසික දළදා මැදුරෙහි වැඩ සිටිති. ලෝකවාසී බෙද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පුද පූජාවන්ට, දිනපතා වන්දනාවට බඳුන්වන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ බුදුරදුන් ජීවමානව වැඩ සිටින්නාක් මෙන් පූජනීයත්වයට පත්ව වැඩ සිටිති. ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන අපේ රටේ පුණ්‍යභූමි වන්දනාවේ යෙදෙනුයේ අපමණවූ ශ්‍රද්ධා ගෞරවය මූලික කරගෙනය. අනුරපුර මහමෙහවුනාවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රධාන පාරිභෝගික චෛත්‍ය වෙත බොදු ජනතාවගේ වන්දනාමාන දිනපතා සිදු කෙරේ.

ඈත අතීතයේ සිටම වසරේ මාස දොළහ තුළ යෙදෙන පුර පසළොස්වක පොහොය දිනයන්හි දී ඒ ඒ පොහොය දිනට අදාළ සුවිශේෂී පුණ්‍ය භූමිය වන්දනා කිරීමට රටේම ජනතාව ඒකරාශිවීම සිරිතකි. අද පවා, චාරිත්‍රය අනුගමනය කරමින් ඒ ඒ පුණ්‍ය භූමි වෙත ලක්ෂ ගණනින් සැදැහැවත්හු ඒකරාශි වී දාන ශීල, භාවනාදී පින්කම් වල නිරත වෙත්. වෙසක් පුර පසළොස්වක පොහොය උදාවෙත්ම අසිරිමත් තෙමඟුල සිහියට නංවමින් සතියක් පුරා විවිධ පින්කම්වල නිරතවනු ද දක්නට ලැබේ. පොසොන් පොහොය උදාවත්ම මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලා පුදබිම වන්දනා කරති.

උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත්ම මෙරට ජනතාවගේ මනසට නැගෙන්නේ ශී‍්‍ර සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ අසිරිමත් ලංකා ආගමනයයි. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ වැඩම කිරීමයි. අපේ රට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් සද්ධර්මාලංකාරයෙන් ඒකාලෝක කරන ලදී. එනිසාම රාජකීය කුමාරවරුන් ප්‍රධාන මෙරට වැසියෝ සසුනෙහි පැවිදිවෙමින් ශාසන දායාදය ලබා ගන්නට වූහ. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දහම් අසා ශ්‍රාවිකාවන් බවට පත්ව සිටි අනුලාදේවිය ප්‍රධාන කාන්තාවන්ද පැවිදිවීමේ අපේක්ෂාවෙන් පසුවිය. මිහිඳු මාහිමියන්ගේ මග පෙන්වීමෙන් දේවානම්පියතිස්ස මහරජතුමාගේ ඇරැයුමෙන් ධර්මාශෝක මහ රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයයෙන් සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ ප්‍රධාන භික්ෂුනී සංඝයාද මෙරටට වැඩම කර අනුලාදේවිය ප්‍රධාන මෙරට කාන්තා පක්ෂය පැවිද්දදී මෙහෙණි සසුන පිහිටුවන ලදහ. රාජකීය ඇරයුමෙන් “සඟමිත් තෙරණිය ප්‍රධාන දූත පිරිස මෙහි වැඩම කරවන විට පෙර තුන් බුදුවරයන් වහන්සේලාගේ බෝධි ශාඛාවලින් හිස් නොවූ අපේ රටට ගෞතම බුදුරදුන් පිටදුන් බෝධි රාජයාගේ ශාඛාවක්ද එවනු මැනැවිය යන සංදේශය දඹදිව ධර්මාශෝක මහාධිරාජයා වෙත පිළිගැන්වීය. සඟමිත් තෙරණියටද මිහිඳු මාහිමියන්ගේ පණිවුඩය සැළ කළහ.

එහි ප්‍රතිඵලය වූයේ සඟමිත් තෙරණිය ප්‍රධාන භික්ෂුණී සංඝයාද ජය ශී‍්‍ර මහා බෝධි දක්ෂිණ ශාඛාවද අපේ රටට වැඩම කරවීමය. අනුරපුර මහමෙවුනාවේ වැඩ සිටින ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ වන්දනාවට උඳුවප් පුර පසළොස්වක පෝදා ලක්ෂ ගණන් සැදැහැවතුන් ඒකරාශිවනුයේ සිරි සඟමිත් මහ රහත් තෙරණියගේ ගුණ සිහි කරමින් බෝධින් වහන්සේ පුදන්නටය. පොසෙන් පොහොයට මිහින්තලය ප්‍රධාන බොහෝ වෙහෙරවිහාරවල මිහිඳු පෙරහර පවත්වන්නාසේම උඳුවප් පුරපසළොස්වක පොහොයට ගමින් ගම වෙහෙර විහාර වලදි සඟමිත් පෙරහර ද පවත්වමින් බැතිකුසුම් පුදන්නට අපේ රටේ ජනතාව සැදී පැහැදී සිටීම පැසසිය යුත්තකි.

 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට ලබයි.
14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා

 

මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]