UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් ශ්‍රේණි විභාගය – 2016

බුද්ධශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ශ්‍රේණි විභාගය නොවැම්බර් මස 20 වන දින දිවයිනේ දිස්ත්‍රික්ක 21 දී පැවැත්වේ. මෙම විභාගය සඳහා දහම් පාසල් 9942 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුදුසුකම් ලබා ඇති බව බුද්ධ ශාසන අමාත්‍යංශය කියයි. විභාග මධ්‍යස්ථාන 3972 දී පවත්වනු ලබන මෙම දහම් පාසල් ශ්‍රේණි විභාගයට දහම් පාසල් දරු දැරියන් 914787 ක් සහභාගි වෙති. ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරි , සභාපති ස්වාමින් වහන්සේලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින් සහ සංවර්ධන නිලධාරින් මෙම කාර්යය ප්‍රාදේශීය මට්ටමින් සංවිධානය කොට පවත්වනු ලැබේ

ඉතිරිය»

ප්‍රාචීන විභාගයේ උසස් ප්‍රතිඵල විද්‍යෝදය පිරිවෙණින්

2016 වර්ෂයේ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මඟින් පැවැත්වූ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාගයන්හි ප්‍රතිඵල පසුගිය දා නිකුත් විය. එම පතිඵලවලට අනුව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ විශිෂ්ට ප්‍රතිඵල අත්කරගෙන ඇත.ප්‍රාචීන අවසාන විභාගයේ ප්‍රතිඵල අනුව විභාගයට පෙනීසිටි සියලු සිසුන් රාජකීය පණ්ඩිත උපාධිය දිනාගෙන ඇත. එහි දී පින්කන්දේ දමිතසාර හිමියන් විශිෂ්ට සම්මාන 08 ක් සහිතව පණ්ඩිත උපාධිය සමත් වී ඇති අතර, මීට අමතරව මධ්‍යම සහ ප්‍රාරම්භ විභාග සඳහා ඉදිරිපත් වූ බහුතරයක් සිසුන් විශිෂ්ට සම්මාන සහිතව සාමාර්ථය ලබා ඇති බව වාර්තා වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සීලය නැති තැන ඉන්නේ හිස නැති මිනිසෙක්

ආරෝග්‍ය මිච්ඡෙ පරමංච ලාභං
සීලං ච වුද්ධානුමතං සුතංච
ධම්මානු චත්තී ච අලීනතා ච
අත්ථස්ස ද්වාරා පමුඛා ඡලෙතෙති

ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට අපේක්ෂාවෙන් සිටින මේ සැදැහැවතුන්ට අද මං ජාතක පාලියෙන් ගාථාවක් තමයි මාතෘකා කළේ. ජාතක පාලිය අයත් වන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට .ජාතක පාලියෙන් බණ අහන්න අපේ පින්වතුන් විශේෂ කැමැත්තක් දක්වනවා. හේතුව ජාතක පාලිය මුල්වෙලා තමයි අපට ජාතක පොත් වහන්සේ උරුම වෙලා තියෙන්නේ. සුපින්වත්නි, මං අද මාතෘකා කළේ අත්ථස්ස ද්වාර ජාතකයයි. මේ ගාථාවෙන් දියුණුවේ දොරටු විස්තර වෙනවා. අප කවුරු කවුරුත් දියුණු වෙන්න කැමැතියි. මේ දියුණුවේ පැති දෙකක් දක්නට ලැබෙනවා. ඒ තමා ලෞකික දියුණුවයි. ආධ්‍යාත්මික දියුණුවයි. සමහර අය ලෞකික වශයෙන් දියුණුයි. නමුත් ඇතුළත හිස්. සමහර අයගේ අධ්‍යාත්මය ගුණ දහමින් පිරිලා හැබැයි ලෞකික දියුණුවක් නැහැ. මාතෘකා කළ ගාථාවෙන් මේ දෙපැත්තම ගැන සාකච්ඡා වෙනවා. බෞද්ධයන් වශයෙන් අප මෙලොව පරලොව විශ්වාස කරනවා. මේ දෙලොවම සැපවත් කර ගන්නට, දෙලොව දියුණුව සඳහාම උපකාරවන මේ ගාථා වේ අන්තර්ගත වන දහම් කරුණු අද ධර්ම දේශනාවෙන් ඉගෙන ගන්නට උත්සාහ කරන්න.

ඉතිරිය»

නො සිඳෙන ප්‍රේමයක රහස

ප්‍රේමය ලෝකයේ පවතින සුන්දර වදනකි. භද්‍ර යෞවනයේ සිට මහලු විය දක්වා මිනිසා අපේක්ෂා කරන මනෝභාවයකි. ප්‍රේමය වෙනුවෙන් ලෝකයේ ලියැවුණු කවි ගී අපමණය. චිත්‍ර, මූර්ති, කැටයම්, නාට්‍ය, චලන සිතුවම්, සාහිත්‍ය කෘති මෙන්ම ඉසුරුමුණියේ පෙම් යුවළ, ටජ්මහල වැනි අනේකවිධ කලා කෘති ද බිහිවූයේ ප්‍රේමයේ නාමයෙනි. එසේම ප්‍රේමය නිසා කඳු හෙල් ගිරි පවුරු ගංගා නිම්න ආදියට දිවි පිදුවෝ ද අනන්තය. මේ අතර ප්‍රේමයෙන් වෙළී සුන්දර ලෙස ජීවිතය භුක්ති විඳීන්නෝ ද අධ්‍යාත්මික සන්තෘෂ්ටියෙන් නිර්වාණය දක්වා ගමන් කළෝ ද වෙති. මෙසේ මිනිසා විපතට මෙන්ම සැපතට පමුණුවන මෙකී ප්‍රේමය කුමක්ද? එය යහපත් දෙයක් නම් එයින් විපතක් සිදුවිය නො හැකිය.

ඉතිරිය»

සංවේදී දරුවෙක් හදමු

අප්‍රමාණ බලාපොරොත්තු සමඟින් ජීවිතය ජීවත් කරවන්නට ශක්තියත්, ධෛර්යත්, ලැබෙන්නේ තමන්ගේ දරුවන් නිසා බව දාරක ස්නේහයෙන් පිරි හදැති මවුපියවරුන්ගේ හැඟීම ය. සිය කුස නොපිරුණ ද දරුවන්ගේ කුස් හිස් නොකරන්නට, දැන උගතුන් කරන්නට වෙහෙසකර බව නොබලා ඔවුහු දිවා රෑ කාලය වෙන්කරන්නේ ඒ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගන්නටය.

ඉතිරිය»

සිදුහත් කුමරු සර්වමිත්‍ර බමුණු පඬිතුමාගෙන් ශර්‍ණඡ්ල්ප හැදෑරීම. - සිතුවම - පුන්සර උදාර

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]