UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සමාජ සබඳතා ඔප් නැංවෙන බක්මහ උළෙල

සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුත් මෙම බක්මහ බෙහෙවින්ම භාග්‍යවන්ත මාසයකි. තුරුලතා මල්ඵලවලින් බරව විසිතුරු සියොතුන්ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් බක් මහෙන් ඇරැඹෙයි. වගා කළ කෙත්වතුවල අස්වනු නෙළා නිමකළ ගොවීහුද බක්මහ වන විට අටුකොටු පුරවා නිවෙස් තුළ මහත් සැනසිල්ලෙන් ජීවත් වෙති. බක් මහේ අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම හේතුවෙනි. සිංහල බෞද්ධ හා හින්දු භක්තිකයින් මෙම අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වනුයේ ඉමහත් උනන්දුවකින් හා ඇල්මකින් යුක්තවයි. ලංකාවේ පණ්ඩුකාභය රාජ්‍ය සමයේ පටන් ඇරැඹි මෙම සිංහල දෙමළ අවුරුද්ද සූර්යයා මුල්කොටගෙන පවත්වන උළෙලක් බව පෙනී යයි. මෙකල එයට “සුර්ය මංගල්‍යය” යන නමද ව්‍යවහාර කෙරෙයි. එහෙත් අප පුරාතන උත්සව බොහොමයක් යෙදී තිබෙනුයේ චන්ද්‍ර මාස ක්‍රමය අනුවයි. සූර්යයා මුල්කරගෙන පවත්වන එකම උළෙල මෙම බක්මහ උළෙලයි. අනෙකුත් උත්සවවලට වඩා මෙහි ඇති තවත් විශේෂ වෙනස නම් සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයක් හෙවත් මුළු සමාජයම යම් වෙනසකට මුල පුරණ උත්සවයක් වීමයි.

ඉතිරිය»

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]