UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ශිෂ්ටාචාරය - 01

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 - ආදර්ශ ප්‍රශ්නෝත්තර

බෞද්ධ ශිෂ්ටාචාරය - 01

අභ්‍යාස අංක – 03

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න

1) අශ්ව මේධ යාගය පවත්වන ලද්දේ මින් කුමන අවස්ථාවකදී ද?

1. රාජ්‍ය බලය රැක ගැනීම සඳහා වූ අවස්ථාවකදී
2. යුද බලය රැක ගැනිම සඳහා වූ අවස්ථාවකදී
3. කීර්ති ප්‍රශංසා ලබා ගැනීම සඳහා වූ අවස්ථාවකදී
4. අසල්වැසි රාජ්‍ය දිනා ගැනීම සඳහා වූ අවස්ථාවකදී
5. සතුරු රජවරු මිත්‍රකර ගැනීම සඳහා වූ අවස්ථාවකදී

2) “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනාදී බුද්ධ වචනය සඳහන් වන්නේ,

1. මහා වංශයේ ය
2. දීප වංශයේ ය
3. මහා වග්ග පාලියේ ය
4.චුල්ල වග්ග පාලියේ ය
5. දීඝ නිකායේ ය

3) බුද්ධ කාලයේ ගිහි ජනතාව සසර දුකින් මිදීම සඳහා සසුන් ගත වූ සේක . නමුත් පසුකාලීනව විවිධ අරමුණු ළඟා කර ගැනීමේ චේතනාවෙන් ද සසුන් ගත වූ බව බෞද්ධ දේශනා තුළින් ප්‍රකට වේ. බුදුරදුන් විසින් ආචාර්ය උපාධ්‍යාය තනතුරු හඳුන්වා දෙන ලද්දේ ,

1. ධර්ම ප්‍රචාරය සඳහා භික්ෂූන් පුහුණු කරවීම සඳහාය
2. නොහික්මුණු භික්ෂූන්ට දඬුවම් කිරීම සඳහාය
3. නවක ශිෂ්‍ය භික්ෂූන්ට විනය උගන්වා හික්මවීම සඳහාය
4. දායකයන්ගෙන් සංඝයාට ලැබෙන සිවුපස ක්‍රමවත්ව බෙදා දීම සඳහාය
5. භික්ෂු විනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහාය.

4) තුන්වන ධර්ම සංගායනාව වන විට භික්ෂු සංඝයා අටළොස් නිකායන් දක්වා වැඩී ගියහ. එම අටළොස් නිකායන් සමඟි කරවන ලද රජතුමා මින් කවරෙක්ද?

1. අජාසත් රජතුමාය
2. ධර්මාශෝක රජතුමාය
3. කණිෂ්ක රජතුමාය
4. කාලාශෝක රජතුමාය
5. උදේනි රජතුමාය

5) බුදුරදුන්ගේ අවසාන දේශනය ලෙස සලකනු ලබන මහා පරිනිබ්බාණ සූත්‍රය අයත්වන්නේ කිනම් නිකාය ගණයටද?

1. මජ්ක්‍ධිම නිකායටය
2. දීඝ නිකායටය
3. සංයුක්ත නිකායටය
4. අංගුත්තර නිකායටය
5. ඛුද්දක නිකායටය

6)මරම්ම දේශය ථෙරවාද බෞද්ධ රාජ්‍යයකි. එම රාජ්‍ය පැරැණි පොත්වල සඳහන්ව ඇත්තේ,

1. බුරුම රට නමිනි
2. තායිලන්ත දේශය නමිනි
3. බංගලාදේශය නමිනි
4. අවන්තිය නමිනි
5. කොරියාව නමිනි

7) කොසොල් රජතුමා නිඝණ්ඨයන්ගෙන් අල්ලස් ලබාගෙන පන්සලක් ගොඩනඟා තිබේ. එය හඳුන්වා ඇත්තේ,

1. ජේතවනාරාමය නමින්ය
2. රාජකාරාමය නමින්ය
3. ඝෝෂිතාරාමය නමින්ය
4. චේතියාරාමය නමින්ය
5. සොත්ථි ශාලාව නමින්ය

8) ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පීන් ථූපාරාමය වටා චේතියඝරයක් ඉදිකර සැදැහැති බොදු ජනතාවට නිදහසේ වන්දනාමාන කිරීමට ඉඩකඩ සලසා දී තිබුණි. එම චේතියඝරය ඉදිකරවන ලද්දේ,

1. පණ්ඩුකාභය රජතුමා විසිනි
2. දේවානම් පියතිස්ස රජතුමා විසිනි
3. සද්ධාතිස්ස රජතුමා විසිනි
4. දුටුගැමුණු රජතුමා විසිනි
5. මහසෙන් රජතුමා විසිනි

9) බුද්ධකාලීන භාරතයේ නගර ශෝභිනියන් ලෙස හැඳින්වූයේ මින් කවර තැනැත්තියක් ද?

1. පංච කල්‍යාණයෙන් අගතැන්පත් වූවෝය
2. ගණිකා වෘත්තියෙහි නිරත වූවෝය
3. අන්තඞපුර ස්තී‍්‍රහුය
4. නගර අලංකාර කළ රුවැත්තියෝ ය
5. පිරිමින් වසඟ කරගත් ස්ත්‍රීහු ය

10) “ස්වාමීනී, අවන්ති දේශය ඉතා දුෂ්කර නමුත් උෂ්ණ දේශගුණ ලක්ෂණවලින් යුක්ත ප්‍රදේශයකි. උපසම්පදා විනය කර්ම සඳහා භික්ෂූන් වහන්සේලා සොයා ගැනීම හරිම දුෂ්කරයි. අප කුමක් කරන්නේ ද? යනුවෙන් ඇසූ කල්හි බුදුරදුන් පිළිතුරු දුන්නේ පස්නමක් සොයා ගත හැකි නම් විනය කර්ම කරන්න යනුවෙනි” බුදුරදුන් එසේ වදාළේ

1. මහා කච්චායන තෙරුන් වහන්සේටය
2. පුණ්ණ තෙරුන් වහන්සේටය
3. මුගලන් තෙරුන් වහන්සේටය
4. පුණ්ණ මන්තානිපුත්ත තෙරුන් වහන්සේටය
5. පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් වහන්සේටය

11) රහසින්වත් පව් නොකළ හෙයින් සහ පූජාවන් ලැබීමට සුදුසු වූ හෙයින් බුදුරජාණන් වහන්සේ

1. සම්මා සම්බුද්ධ නම් වන සේක
2. අරහං නම් වන සේක
3. විජ්ජාචරණ නම් වන සේක
4. සුගත නම් වන සේක
5. ලෝකවිදූ නම් වන සේක

12)කතරගම කිරිවෙහෙර කුමන හැඩයක් ගන්නා චෛත්‍යයක්ද?

1. ඝටාකාර හැඩයටය
2. ඝණ්ඨාකාර හැඩයටය
3. පද්මාකාර හැඩයටය
4. ධාන්‍යාකාර හැඩයටය
5. බුබ්බුලාකාර හැඩයටය

13) අශෝක රජතුමා බුදු දහම කෙරෙහි ප්‍රසාදය ඇති කර ගන්නේ මින් කිනම් කරුණකින්ද?

1. කාලිංග යුද්ධය නිසා දැඩිව සිට කල කිරීමෙන්ය
2. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් ධර්මය ඇසූ නිසාය
3. මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් හමුවීමෙන් පසුවය
4. අන්‍යාගමික පැවිද්දන්ගේ විප්‍රකාර දැකීම නිසාය
5. ස්වකීය රජ බිසව බුදු සමය කෙරෙහි පැහැදී සිටි නිසාය

14) ලක්දිව ප්‍රථම වරට මාඝාත අඥාව පනවන ලද්දේ මින් කිනම් රජතුමාද?

1. දුටුගැමුණු රජතුමාය
2. දේවානම් පියතිස්ස රජතුමාය
3. සද්ධාතිස්ස රජතුමාය
4. සිරිසඟබෝ රජතුමාය
5. අමණ්ඩ ගාමිණී අභය රජතුමාය.

15) මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩටම කළේ මින් කුමන දේශයක සිටද?

1. පාඨලී පුත්‍රයේ සිටය
2. මගධයේ සිටය
3. වින්ද්‍යාවේ සිටය (වේදිසාවේ )
4. රජගහ නුවර සිටය
5. විශාලාවේ සිටය

පිළිතුරු


පසුගිය සතියෙන්: අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 - ආදර්ශ ප්‍රශ්නෝත්තර: - 01

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]