UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර අටවක 2016.04.14

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවිය. අලුත් අවුරුද්දේ පෞරාණික චාරිත්‍ර නොපිරිහෙළා ඉටු කිරීමට සියලු දෙනා ඇප කැපවීමද අගය කළ යුතුව ඇත.

අලුත් අවුරුද්ද උදාවට පෙර ගේ දොර පිරිසුදුකර වෙනදාට නොවූ අලුත් බවක්, නැවුම් බවක් ඇති කිරීමට සියලු දෙනා කටයුතු කරති. භෞතික බොහෝ දේ එසේ පිළියෙල කරන අතරතුර වසරේ අන් කවරදාකටත් වඩා යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට උනන්දුවෙන් කටයුතු කිරීමද අගය කළ යුතුව ඇත. ගොවිතැන් කටයුතුවලින් ලබාගත් භවබෝග සම්පතින් අටු කොටු සපුරා ගැනීමටද පසු බට නොවෙති.

රැකියාවකට හෝ වෙළෙඳාමකට, ගොවිතැනකට හෝ කවර කටයුත්තක් සඳහා වුවද එතෙක් ගමෙන් බැහැරව සිටි සියලු දෙනා අලුත් අවුරුද්දේ තම සුපුරුදු නිවහනට පැමිණේ. මව්පියවරුන් වැඩිහිටියන් ස්වකීය දරුවන් අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවහනට, පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් පසුවේ. අලුත් අවුරුද්දේ ආහාරපානාදියෙන් මෙන්ම නව වස්ත්‍රාභරණද රැගෙන ගොස් බුලත් අතක් පිළිගන්වා තම මව්පිය වැඩිහිටියන් වෙත වන්දනා කිරීම අතීතයේ සිට පැවැත එන මහඟු චාරිත්‍රයකි. අවුරුද්ද යනු බොහෝ දුරට චාරිත්‍රවලටම මුල්තැන දෙන මහඟු අවස්ථාවකි.

පරණ අවුරුද්ද ගෙවී යන මොහොතේ උදාවන පුණ්‍ය කාලය තුළ දී සියලු වැඩ කටයුතුවලින් ඈත්ව ගමේ පන්සල වෙත ගොස් තෙරුවන් පිදීමද පෞරාණික චාරිත්‍රයකි. පවුලේ ලොකු කුඩා සියලු දෙනා ඒකරාශී වී තෙල් මල් සුවඳ ආදීය රැගෙන ගොස් බුද්ධ වන්දනාවේ යෙදීමෙන් පුණ්‍ය කාලයේදී පින් රැස්කර ගැනීමට උනන්දුවන අවස්ථාවකි.

ගමක වෙසෙන ගම්වැසියන් ගමේ පන්සලේ දී වෙසෙසින්ම පොහොය දිනකට හෝ වෙනත් ආගමික දිනයකට හැර පන්සල ඒකරාශීවන විශේෂ අවස්ථාවකි පුණ්‍ය කාලය. එමගින් ගම්වැසියන් තුළ සමගිය තව තවත් වර්ධනය වීමද අගය කළ යුතු ය.

ගෙවීගිය වසරේ තම තමන්ගේ ජිවිත දෙස ආපසු හැරී බැලීමට සුදුසුම අවස්ථාවකි. අලුත් අවුරුද්දක් උදාවන අවස්ථාව, මනුෂ්‍යයා තුළ පවතින පුහුදුන් ස්වභාවය හේතුවෙන් වැරැදි අඩුපාඩු සිදුවීම ජීවිතයක ස්වභාවය වේ. නිවසකදී කාර්යාලයක, රැකියාවක ආදී කවර ස්ථානයක දී වුවද තම වගකීම නොපිරිහෙළා ගෙවී ගිය වසර පුරා ඉටු කළේ දැයි විමසා බැලීමෙන් සිදුවූ යම් සුළු අඩුපාඩුවක් වුවද නැවත සිදු නොවීමට අදිටනක් ඇති කර ගත හැකි වේ.

ඉතා සුළු අතපසුවීමක් වුවද තමන්ට තමන් දෙස හැරී තමන් කොතෙක් දුරට නිවැරැදිදැයි අවංකව විමසා බැලීමට සුදුසුම අවස්ථාවය. ඇතැම් විට වචන හුවමාරුවීම් ආදී අවස්ථාවන්හිදී පවා හිත් රිදවන තරමේ සුළු අඩු පාඩුවක් වුවද ඒවා සියල්ල පිළිගනිමින් අලුත් අවුරුද්දේ එවැනි අඩුපාඩු සිදු නොවීමට වග බලා ගැනීම වගකීම වේ. එවිට කාර්යාලයේ වේවා නිවසේ හෝ වේවා තම අසල්වැසියන් මෙන්ම හිතවතුන් ගෙවී ගිය වසරේ අමතක කළ යුතුදැ අමතක කර නව සිතුම් පැතුම් උදාකර ගැනීමටද මඟ සලසා ගනු ලැබේ.

කවර සමාජයක වුවද මව්පිය වැඩිහිටියන් යනු බෙහෙවින්ම අත්දැකීම් බහුල පිරිසකි. එබඳු ආදර්ශවත් පිරිසක් ඇසුරු කිරීමෙන් ද නිහතමානීත්වය ඇති කර ගත යුතු ය. ආවේගශීලීත්වයෙන් හෝ කෝපයෙන් ඈත්ව නිවස තුළ සංයමයෙන් කටයුතු කිරීමට අදිටන් කර ගැනීමට අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනාවක් ඇති කර ගත යුතු වේ. මව්පිය වැඩිහිටි ආදීන්ද සිය ජීවිතය ආදර්ශවත්ව ගත කිරීමෙන් හැදෙන වැඩෙන දරු පරපුරටද එය මහඟු පිටුබලයක් වනු ඇත. ච

අවුරුද්දක් ගෙවීගොස් අලුත් අවුරුද්දක් උදාවූයේ නිකරුණේ කාලය ගත කිරීමට නම් නොවේ. ජීවත්වන කාලය තවත් වසරකින් කෙටිවූවායැයි මොහොතක් මෙනෙහි කරන්නේ නම් අතපසුවීමකින් හෝ ජීවිතයේ අඩුපාඩු ඇතිකර ගැනීමට උත්සාහ නොකරනු ඇත. ගෙවී ගිය කාලය ගැන පසුතැවීමෙන් වැළකී උදාවූ අලුත් අවුරුද්දේ යහපත් සිතුම් පැතුම් ඔස්සේ තමන්ගේ මෙලොව ජීවිතයේ යහපත සඳහා කටයුතු කිරීමට මහඟු අවස්ථාව උදාවූ අලුත් අවුරුදු උදාවයි.

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]