UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ඓතිහාසික බොදු සබඳතා වර්ධනයට පියවර

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින ඓතිහාසික බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙලක් අරඹන බව තෙදින නිල සංචාරයක් සඳහා මෙරට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය එඪඵඵචදභඬපඥච - ව්ඨචථ මහතා අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියන් හා මල්වතු පාර්ශයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව පැවසූ බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඉතිරිය»

 

අසහනකාරී මනෝභාවයන්ගෙන් නිදහස් වන්නේ කෙසේද?

සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා තුළ මාන්නය පවතී. පෘථග්ජන සිතක සාමාන්‍ය ස්වභාවය එය වුවද මෙම සංසාර සාගරයෙන් එතෙර වීමට නම් මාන්නය මුලිනුදුරා දැමිය යුතුමය. විවිධාකාරයෙන් මනසට පැමිණෙන්නාවූ අකුසල සිතිවිලි ඉවත් කර ගැනීමට වෙර වීර්යය ගත යුතු අතර ඒ සඳහා කැපවන පුද්ගලයන්ට ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම අරහත් තත්වයට පත්වීමට එය උපකාරි වනු ඇත. අපගේ සිතට පැමිණෙන විවිධාකාර වූ මාන්නයන් පිළිබඳව අවබෝධයක් අප තුළ ගොඩනගා ගත යුතුයි.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

දෙලොව සැනසුම ලැබෙන දැහැමි දිවි පැවැත්ම

අද ධර්ම දේශනාව සඳහා සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් පබ්බතූප සූත්‍රයේ සඳහන් ගාථාවක් ඉහත දක්වා තිබේ. එම ගාථාවේ සරල අදහස මෙසේ දැක්විය හැකිය. “යමෙක් තමාගේ සිත, කය, වචනය යන තුන්දොර සංවර කරගෙන දැහැමිව ජීවත් වන්නේද? ඔහු මෙලොව දී ප්‍රශංසා ලබන අතර පරලොව සුගතිගාමී ජීවිත ලබා සතුටු වන්නේය.”

ඉතිරිය»

ථූපාරාමය

මිහිඳු මහ රහතන් වහන්සේ සහ දූත පිරිස ඉක්බිතිව පැමිණ වස්සාන සමය මිහින්තලේ උන්වහන්සේ වෙනුවෙන්ම සූදානම් කරන ලද ගල් ලෙන්වල වැඩ සිටියහ. ලාංකික බුදුසමයේ තවත් ප්‍රධාන ආශ්‍රමිකායතනයක් වූ චේතියගිරි විහාරය (මිහින්තලේ) මෙසේ ආරම්භ විය. සාමාන්‍ය ජනතාවගේ පුද පූජා සඳහා ලංකාවේ ප්‍රථම ඓතිහාසික ස්තූපය තිස්ස රජතුමා (පසුව දේවානම්පියතිස්ස) ගොඩ නැඟීය. එහි බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ නිදන් කරන ලදී. ථූපාරාම චෛත්‍යය නමින් හඳුන්වනු ලබන මධ්‍යම ප්‍රමාණයෙන් යුත් මෙම බෞද්ධ ස්මාරකය ශ්‍රී ලාංකික හා වෙනත් ථෙරවාදී රටවල කෝටි සංඛ්‍යාත බෞද්ධයන්ගේ වන්දනයට අද භාජනය වෙයි.

ඉතිරිය»

බුදුරදුන්ගෙන් නදී කාශ්‍යප ජටිල තවුසා ඇතුළු පිරිස පැවිද්ද ඉල්ලීම ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 

     ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය දෙසැම්බර් මස 03 වැනි දා පූර්වභාග 0.04 ට ලබයි. 04 වැනිදා සිකුරාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 03 වැනි දා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]