UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංඝමිත්තා පෙරහර 6 දා

සංඝමිත්තා පෙරහර 6 දා


ශ්‍රී සංඝමිත්තා මහා පෙරහර පසුගිය වසරේ දී විථිසංචාරය කළ අයුරු

උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩමකරවීම නිමිති කොටගෙන අනුරාධපුරයේ වාර්ෂිකව සිදුකරගෙන එනු ලබන ශ්‍රී සංඝමිත්තා මහා පෙරහර රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව මෙවර උසස් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩලය, අනුරාධපුර විහාර මහා දේවී ආරාම කාර්ය සාධක සමිතිය, විහාරමහා දේවී දහම් පාසල් සංවර්ධන සමිතිය, විහාරමහාදේවී දහම් පාසල් ආචාර්ය මණ්ඩලය හා විහාර මහාදේවී දහම් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය ඒකාබද්ධව 2015 දෙසැම්බර් මස 06වන ඉරුදින සංඝමිත්තා මහා පෙරහර පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


වසර 50කට වැඩි කාලයක් පෙරහර නොකඩවා පවත්වාගෙන යාම සඳහා මූලිකව කටයුතු කළ අපවත්වී වදාළ හිස්සැල්ලේ සුදත්තා සිල්මාතාව

වර්තමානයේ පෙරහර සංවිධානයෙහිලා මූලික වී කටයුතු කරන අනුරාධපුර සුමනශීලි සිල්් මාතාව

අලි ඇතුන් සහිතව භක්ති ගීත, නැටුම් ගැයුම් ආදී විවිධාංග රැසකින් හෙබි සංඝමිත්තා මහා පෙරහර මෙදින පස්වරු 2ට වීථි සංචාරය කිරීම ඇරඹේ. අනුරාධපුර විහාරමහාදේවී ආරාමයෙන් පිටත්වෙන පෙරහර අනුරාධපුර කඩපනහ, කඩදොලහ, පොලීසිය පසුකරමින් මහවීදිය ඔස්සේ සිංහකණුව හරහා ශ්‍රී මහබෝධි මළුව දක්වා ගමන්කොට ජය ශ්‍රී මහා බෝසමිඳුන් වෙත පූජෝපහාර පවත්වා අටමස්ථානාධිපති, උතුරුමධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ප්‍රමුඛ අටමස්ථානයේ මහා සංඝ රත්නයේ අනුශාසනාවෙන් පසු පෙරහර නිමාවට පත්වේ.

පෙරහර නිමවී එනම් පසුදින (07) පෙරවරුවෙහි සිල් මාතාවන් 400 නමකට දානය පූජා කිරීම හා පුණ්‍යානුමෝදනාව අනුරාධපුර විහාරමහාදේවී උපාසිකාරාමයේ දී සිදුකිරීමට අභිනව විහාර මහාදේවී ආරාමාධිපතිනි අනුරාධපුර සුමනසීලි සිල්මාතාව ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.

1961 දෙසැම්බර් 21 වෙනි දිනට යෙදුන උඳුවප්පුර පසලොස්වක පොහෝදින ශ්‍රාස්ත්‍රාචාරිනී කෑගල්ලේ සුදර්මා සිල්මාතාව ප්‍රධාන සිල් මාතාවන් කිහිප දෙනෙකුත්, සිරිදත්තා ජයකොඩි මැතිණිය ප්‍රධාන 300ක් පමණ වූ කාන්තා පිරිස ප්‍රථම වතාවට ශ්‍රී සංඝමිත්තා තෙරණියගේ ගුණ සමරමින් ඉතා සුළුවෙන් එම පෙරහර ආරම්භ කරන ලදී. ඉන්පසු මෙම පෙරහර වාර්ෂිකව පවත්වාගෙන යාම සඳහා මහත් වෙහෙසක් දරමින් මූලිකව කටයුතු කළේ අනුරාධපුර විහාරමහාදේවී උපාසිකාරාමාධිපතිනිය ලෙස කටයුතු කළ පසුගියදා අපවත්වී වදාළ විනය කීර්ති ශ්‍රී ශාසන ප්‍රදීපාභිමානී හිස්සැල්ලේ සුදත්තා ලොකු සිල්මාතාව ප්‍රධාන දායක කාරකාදීන් විසිනි. වර්තමානයේ මෙම පෙරහර සාර්ථක කර ගැනීම සඳහා මූලිකව කටයුතු කරන්නේ විහාරමහාදේවී අභිනව ආරාමාධිපතිනි අනුරාධපුර සුමනශීලි සිල් මාතාව ප්‍රමුඛදායක පිරිස විසිනි.

 

 

 

 

     ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය දෙසැම්බර් මස 03 වැනි දා පූර්වභාග 0.04 ට ලබයි. 04 වැනිදා සිකුරාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 03 වැනි දා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]