| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 පැපිලියාන ඓතිහාසික 
										සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජමහ විහාරයේ 
										අභිනව සත්මහල් භික්ෂු නේවාසිකාගාරය 
										ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඉකුත් 
										10 වැනිදා විවෘත කෙරිණ. විහාරාධිපති, 
										ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 
										ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ 
										අභයතිස්ස හිමියන්ද අධ්‍යාපන ඇමැති බන්දුල 
										ගුණවර්ධන, නිවාස හා ඉදිකිරීම් පොදු 
										පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ යන 
										මහත්වරුන් ද රාජ්‍ය ආරක්ෂක හා නාගරික 
										සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය 
										රාජපක්ෂ මහතා ද ඡායාරූපයේ වෙති.  
										ඡායාරූපය - චන්දන පෙරේරා  | 
								 
								
									
                   
			                   | 
                				 
								
									| 
										 රත්මලාන 
										මල්ලිකාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත 
										මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත 
										වැලිගම ඤාණරතන මහා නා හිමියන්ගේ 101 වෙනි 
										ජන්ම දිනයට සුබ පැතීමට ජනාධිපති මහින්ද 
										රාජපක්ෂ මහතා පසුගිය 14 වෙනිදා එහි ගිය 
										අවස්ථාවේදී ඤාණරතන මහා නා හිමියන් 
										ජනාධිපතිතුමාට ආශිර්වාද කළ අවස්ථාව.  
										ඡායාරූප - සුදත් සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						විහාරාධිපති ධූරය පූජා කිරීමෙන් වනවාසි රාහුල හිමියන්
			සසුනට ආදර්ශයක් දුන්නා - නාපාන පේමසිරි මහ නා හිමි
						වර්තමානයේ සමහර භික්ෂූන් වහන්සේලා විහාරාධිපති ධුරය බෙදාගන්න බැරිව 
			උසාවි යන මෙවැනි කාලයක ජාතික නාමල් උයන විහාරයේ විහාරාධිපති ධුරය තමන් 
			වහන්සේ ඇසුරු කරන භික්ෂුන් වහන්සේ කෙනකුට ඉතා නිර්ලෝභිව නිත්‍යානුකූලව 
			පිරිනැමීම තුළින් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් 
			සිදුකළ මෙහෙය මුළු මහත් සංඝ සමාජයටම ආදර්ශයක් දුන් බව ශ්‍රී ලංකා 
			රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියෝ 
			පැවැසූහ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 වප් පුර පසළොස්වක පෝය 
		වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 
		වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි. 
		19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 
		වැනිදා සිකුරාදා ය. 
		 
 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |