UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ජයවර්ධනපුර නුගේගොඩ ඉදිකෙරෙන භික්‍ෂු ගිලන් සේවා සුව සෙවණ

ශ්‍රී ජයවර්ධනපුර නුගේගොඩ ඉදිකෙරෙන භික්‍ෂු ගිලන් සේවා සුව සෙවණ

ගංගොඩවිල, ගිලන්සේවා, බොදු පදනම මඟින්, නුගේගොඩ, ඇඹුල්දෙනිය, සුදර්මාරාම විහාරස්ථානයට අයත් භූමි භාගයේ ඉදිකරමින් පවතින “භික්‍ෂු ගිලන් සුව සෙවණ” වෛද්‍ය ප්‍රතිකාර සඳහා දුර බැහැර සිට නගරයට වැඩම කරන රෝගී භික්‍ෂූන් වහන්සේලාට හා වයෝවෘද්ධ භික්‍ෂු සංඝයා වහන්සේලාට කොළඹ මහ රෝහල, දකුණු කොළඹ මහ රෝහල, ජයවර්ධනපුර මහරෝහල, මහරගම පිළිකා රෝහල හා පෞද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැසීමට හා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සැලැස්වීම සඳහා ඉදිවන පුණ්‍ය ආයතනයකි.

මෙම උදාර සිතුවිල්ල අරමුණ කොටගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පාරමිතා බෞද්ධ විහාරාධිපති පල්ලේවෙල දේවරක්‍ඛිත හිමිපාණන් විසින් රූඩ් 1ක භූමි භාගයක් පරිත්‍යාගය කරන ලදී. “භික්‍ෂු ගිලන්සේවා බොදු පදනම” මඟින් නුගේගොඩ ඇඹුල්දෙනිය සුධර්මාරාම විහාර භූමියේ ඒ සඳහා පවරාදෙනු ලැබූ රූඩ් එකක භූමි භාගය තුළ මහල් 4කින් යුක්තව භික්‍ෂූන් වහන්සේලාට නේවාසිකවද, බාහිරවද, වරකට 60 නමකට පමණ ප්‍රමාණයකට සියලු ආකාරයේ ඇප උපස්ථාන ලබාදිය හැකි පහසුකම් සහිත භික්‍ෂු ගිලන් සේවා ආයතනයක් ඉදිකරමින් පවතී. දැනට තුන්වෙනි (03) තට්ටුවේ වැඩපටන් ගෙන තිබේ. මෙම රෝහලේ ගොඩනැඟිලි පිරිවැය වර්ග අඩියකට රුපියල් 5000/- ක් පමණ වේ. එම අංග සම්පූර්ණ ගොඩනැගිල්ල ඉදිකිරීමට මිලියන 45ක් පමණ වැය වන අතර, වෛද්‍ය උපකරණ වෙනුවෙන් තවත් මිලියන 20 ක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇත. ඒ සඳහා පින්වත් සැමගේ සහයෝගය අවශ්‍ය වී ඇත. ඒ සඳහා නුගේගොඩ, ගංගොඩවිල පිහිටි සම්පත් බැංකුවේ, ගිලන්සේවා බොදු පදනමේ ගිණුම් අංක 013560000019 දරණ ගිණුමට මුදලින් ආධාර කළ හැකි ය.

විමසීම්, වෛද්‍ය අධ්‍යක්‍ෂක, වෛද්‍ය සරත් රත්නායක, දුරකථනය 0777744201 වේ.

සංවිධායක – පී.ඒ.එම්. වීරසේකර, දුරකථනය – 071 5600055 වේ.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]