UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විහාරාධිපති ධූරය පූජා කිරීමෙන් වනවාසි රාහුල හිමියන් සසුනට ආදර්ශයක් දුන්නා - නාපාන පේමසිරි මහ නා හිමි

වර්තමානයේ සමහර භික්ෂූන් වහන්සේලා විහාරාධිපති ධුරය බෙදාගන්න බැරිව උසාවි යන මෙවැනි කාලයක ජාතික නාමල් උයන විහාරයේ විහාරාධිපති ධුරය තමන් වහන්සේ ඇසුරු කරන භික්ෂුන් වහන්සේ කෙනකුට ඉතා නිර්ලෝභිව නිත්‍යානුකූලව පිරිනැමීම තුළින් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් සිදුකළ මෙහෙය මුළු මහත් සංඝ සමාජයටම ආදර්ශයක් දුන් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියෝ පැවැසූහ.

ඉතිරිය»

උතුම් සිදුවීම් රැසක් සිදු වූ වප් පුර පසළොස්වක පොහෝ දිනය

සුපුරුදු ලෙස ශීලාංගයන්හි පිහිටීමෙන් යුතුව කිසියම් විවේකයක් ලබමින් ආගමික කටයුතුවල යෙදෙන අද දිනය වප් පුර පසළොස්වක පොහෝ දිනය වශයෙන් අපි හඳුනාගෙන සිටිමු. අද දිනයෙහි ශාසනික වශයෙන් මෙන්ම ශාසන ඉතිහාසය සම්බන්ධයෙන්ද බොහෝ වැදගත් සිදුවීම් සිදුවී තිබේ. ඔබේ අවධානය සඳහා බුද්ධචරිතය ඇසුරින් හා ශාසන ඉතිහාසය ඇසුරින් එම සුවිශේෂීතාවන් සිහිපත් කිරීමට බලාපොරෙත්තු වන අතර එය ඔබේ ශ්‍රද්ධාව වඩා වර්ධනය සඳහා හේතු වනු ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ජීවිතය සාර්ථක කර ගැනීමට මාවත

ලොව වෙසෙන කවරකු හෝ වේවා නිරන්තරයෙන් සිහි කළ යුතු සිහියේ තබා ගත යුතු කරුණු කීපයක වප් පුර පසළොස්වක පෝදා ධර්ම දේශනාවෙන් විස්තර කර දීමට බලාපොරොත්තු වෙමි. “ජරා ධම්මෝමිහි ජරං අනතීතොම්හි අභිණ්හං පච්චඛෙක්‍ඛිතබ්බං” මම ජරාවට පත්වෙමියි. ජරාව ඉක්මවු කෙනෙක් නොවන බවද නිතර සිහි කළ යුතු වේ.

ඉතිරිය»

කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානය විදසුන් ආලෝකයෙන් විකසිතව දිලෙන කුසුමකි.

අක්කර 7 ක පමණ බිමෙක යෝගාවචර භික්‍ෂූන් වහන්සේ දස සිල් මාතාවන්, ගිහි මානව මානවිකාවන්, වෙනුවෙන් කුටි 72 කින් පමණ සමන්නාගත මේ නිසල භූමියේ සසර මඟ අතරමඟ සැබෑ විවේකය ගත කරන්නට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වී තිබෙයි. ඒ විවේකයෙන් ප්‍රයෝජන ගත හොත් සැබෑ සුවය දක්වා මේ පෙත් මං දිගේ ගමන් කළ හැකි වේ යැයි සිතේ.

ඉතිරිය»

 

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවින් සංකස්සපුර දොර‍ට පෙළහරින් වැඩි සේක. සිතුවම - සරත් නන්ද කුමාර

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]