UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථනයේ ඇසළ මහ පෙරහර

සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථනයේ ඇසළ මහ පෙරහර

හම්බන්තොට ඵෙතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ 46 වැනි වරටත් පවත්වන ඇසළ මහා පූජෝත්සවය හා සංස්කෘතික මංගල්‍යය මේ මස 15 දින සිට 21 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඵෙතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ බස්නායක නිලමේ ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් හා ජාතික සවිය අනුරාධපුර දිස්ත්‍රික්යේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ශ්‍රී රෝහණ කිර්ති ශාසනබන්දු කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මැතිතුමා විසින් මෙම පෙරහර සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් හා අනුශාසනා පරිදි පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට මැදිහත් වී මෙම පුණ්‍ය කටයුත්ත සඳහා නව ජීවයක් ලබාදෙන ලදී.

අභිනව ප්‍රධාන බස්නායක නිලමේතුමා විසින් මෙම විහාරස්ථානය හා පෙරහර මංගල්‍යය ජාත්‍යන්තර තලය දක්වා රැගෙන ගිය අතර ජනාධිපතිතුමාගේ හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානයට යොමුකර විහාරස්ථානය අවට මාර්ග පද්ධතිය ලක්ෂ 450 ක් වැයකර ඉදිකරන ලදී. තවද ඉහළ විහාරය දක්වා විදුලි ආලෝකය ලබාදුන් අතර වොට් ධාරිතාවය වැඩිකර ට්‍රාන්ස්ෆෝමරයක් අලුතින් ඉදිකිරීම සහ විහාරස්ථානයට තොරතුරු තාක්ෂණය මධ්‍යස්ථානයක් ද ලබාදෙන ලදී. සතර මහා දේවාල සඳහා නිලමේවරයෙකු බැගින් පත්කර පේලි පෙරහර සඳහා නව පනක් ලබාදුන් නිලමේතුමා මෙම විහාරස්ථානයේ ඵෙතිහාසික තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් ද ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා වාසි බෞද්ධ ජනතාවට මෙතෙක් කලක් අප්‍රකටව පැවැති ඵෙතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානය වන්දනා ගමන් ආඥා පනත යටතේ ලියාපදිංචි පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඵෙතිහාසික ස්මාරකයක් ලෙස නම් කිරීමට කටයුතු කරන ලද්දේද ප්‍රධාන බස්නායක නිලමේ කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා විසිනි. එතුමාගේ් ප්‍රධානත්වයෙන් දේවාල නිලමේවරුන්ද, පරිවාර නිලමේවරුන්ද, පිරිවරාගෙන මෙම රන්දෝලි පෙරහර මේ මස 19 වනදින රාත්‍රී සිට වීථි සංචාරය කරනු ඇත.

අතිගරු ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුම යන සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

පුරා දින 07 ක් පැවැත්වෙන මෙම කලා මංගල්‍යය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවලක්ද ක්‍රියාත්මක වේ. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර තාරුණ්‍යට හෙටක් නිල් බලකාය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ජනාධිපති කාර්යාලය ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වන මෙම පූජෝත්සවය සඳහා සහභාගිවෙතැයි සැලකෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ජලය, ඇතුළු අනෙකුත් පහසුකම් රැසක් උපරිම මට්ටමින් සකස් කර ඇත.

මෙම පෙරහර ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී අගලබඩ පියසිරි නාහිමියන්ගේ හා කෘත්‍යාධිකාරි කිරම ගුණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රධාන බස්නායක නිලමේ ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා ඇතුළු දායක සභාව ප්‍රමුඛ ප්‍රදේශවාසීන් මෙහි සංවිධාන කටයුතු සඳහා දායක වී ඇත.

ඔක්තෝබර් 17 - රාත්‍රී 8.00 ට ශ්‍රී කතරගම දේවාල පෙරහරද, 18 වැනිදා රාත්‍රී 8.00ට රජ්ජුරුබණ්ඩාර දේවාල පෙරහරද, 19 වැනිදා - රාත්‍රී 9.00 ට උඩරට, පහතරට, සබරගමු නර්තන හා අලි ඇතුන්ගෙන් සමන්විත රන්දෝලි මහා පෙරහරද, 20 දා රාත්‍රී 7.00 ට කෝල්මුර යාගය හා ගිනි පෑගීම, 21 දා අලුයම දිය කැපීමෙන් හා මහා දේව දානයෙන් පින්කම් මාලාවට නිමාවට පත්වේ.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]