UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වර්ණ ජයන්තිය සමරණ පන්නිපිටිය විද්‍යාලංකාරය

ස්වර්ණ ජයන්තිය සමරණ පන්නිපිටිය විද්‍යාලංකාරය

සිරිලංකාධරණී තලයේ ආගමික සංස්කෘතික ශාසනික සහ දේශවාත්සල්‍යයේ අභිගමනය පිණිස සුවිශේෂි යතිවර පරපුරක්ද, ගෘහස්ත ජනහිතකාමී පිරිසක්ද බිහිකිරීමට පුරෝගාමි මෙහෙවරක් ඉටුකළ පිරිවෙන් විද්‍යාස්ථාන දෙක වූ කලී විද්‍යෝදය සහ විද්‍යාලංකාර මහ පිරිවෙන් දෙක වෙති.

1875 වර්ෂයේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන ආරම්භ කළ අතර ඒ සඳහා පණ්ඩිත සාර්ව භෞම රත්මලානේ් ශ්‍රී ධර්මාලෝක සහ රත්මලානේ ශ්‍රී ධර්මාරාම යන මහතෙරවරු පුරෝගාමි වූහ. විද්‍යාලංකාර මහ පිරිවෙන පෝෂණය කළ මහ තෙරවරුන් අතර ලුණු පොකුණේ ශ්‍රී ධර්මානන්ද, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, නාත්තන්ඩියේ පඤ්ඤාකර, මහාචාර්ය වල්පොළ රාහුල, මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති, මහාචාර්ය බඹරැන්දේ සිරිසීවලි, මහාචාර්ය කුඩිරිප්පුවේ පඤ්ඤාසේඛර යන මහ තෙරවරු ද ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, දොස්තර නිකලස් ආටිගල වැනි බෞද්ධ ප්‍රභූවරුද ප්‍රමුඛ වෙති. වර්තමාන විද්‍යාලංකාර පිරිවෙන් සමූහයේ අධ්‍යක්ෂවරයා වන්නේ කැලණි විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නා හිමිපාණන් වෙති.

විද්‍යාලංකාර පිරිවෙනේ ධර්ම ශාස්ත්‍ර පුනරුදය සහ පංචමහා බලවේග ඒකරාශී කරමින් අනභිභවනීය සේවයක් ඉටුකරනු දුටු මාපිටිගම ගුණරතන ස්වාමීන්ද්‍රයෝ විද්‍යාලංකාර පිරිවෙනේ පතාක යෝධයා වූ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් හමුවී පන්නිපිටියේ පිහිටි අක්කර තුනක භූ®මි භාගයක් පිරිවෙනක් කරවීම පිණිස විද්‍යාලංකාර පිරිවෙනට පූජා කළහ.

යක්කඩුවේ නාහිමියන් 1963 ඔක්තෝබර් 07 දින එම භූමි භාගයේ පැවිදි සිසුන් දොළොස් දෙනෙකුගෙන් පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරුවන ස්ථාපිත කළහ. එදා මෙදාතුර ගිහිපැවිදි දහස් ගණනක නෙත පෑදූ අප පිරුවන රජයේ ඉහළ තනතුරු දරන විදුලකර පුතුන් රැසක් ජාතියට දායාද කර ඇත. පන්නිපිටිය විද්‍යාලංකාරයේ ආරම්භක පරිවේනාධිපති කෑල්ලේ ධම්මපාල හිමියෝ වූහ. යක්කඩුවේ නාහිමියන් විසින් පත් කරන ලද පිරිවෙන් කෘත්‍යාධිකාරී තනතුර ද ස්වර්ණ ජයන්තිය සමරන අද දක්වාම වසර පනහක් තිස්සේ හොබවන ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ ද වැඩිම කලක් පිරිවෙනක කෘත්‍යාධිකාරි තනතුර දැරීමේ වාර්තාවද මේ සමඟ තබනවා ඇත.

ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්ඛිත, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර යන නාහිමිවරුන්ද ශාස්ත්‍රපති නාපාවල ඉන්ද්‍රසර හිමියෝද පරිවේනාධිපති ධූරය හෙබවූ මෙම පුණ්‍ය භූ®මියේ වර්තමානයේ එම තනතුර දරන්නේ ශාස්ත්‍රපති බැදිගමුවේ අභයතිස්ස හිමියන් ය. ශාස්ත්‍රපති කැකුණවල වනරතන හිමියන් නියෝජ්‍ය කෘත්‍යාධිකාරි ධුරය දරති. පහළොස් දෙනෙක් පමණ වූ ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලය, මූලික ශ්‍රේණි පිරිවෙන් අවසාන අ.පො.ස උසස් පෙළ, ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම අවසාන ශ්‍රේණි සිසුන් සඳහා මනා කැපවීමෙන් කරනු ලබන සේවය ඉතා විශිෂ්ටය.

පිරිවෙන, පිරිවෙන සඳහා නොව පිරිවෙන එඩිතර නීතිගරුක, ශාසනික පුනරුදය, බුද්ධිය, කැපවීම, පරිත්‍යාගය යන ගුණාංග ඉස්මතු වන විද්‍යාලංකාර සම්ප්‍රදාය ගරු කරන පිරිසක් බිහි කිරීමේ න්‍යාය සඵලකර ගැනීමට අඩ සියවසක් සපිරෙන මේ මොහොතේ කැපවීම ගිහි පැවිදි සැමගේ් යුතුකම වන්නාහ. ස්වර්ණ ජයන්ති අනුස්මරණ ප්‍රධාන උත්සවය මෙම මස 25 දින සවස 2.00 ට මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ආචාර්ය සාහිත්‍යචක්‍රවර්තී නියංගොඩ විජිතසිරි අනු නාහිමියන්ගේ් ප්‍රධානත්වයෙන් විද්‍යාලංකාර පරිවේනාධ්‍යක්ෂ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ මඟ පෙන්වීම අනුව සිදු කිරීමට නියමිතය.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]