UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

වේවැල්දෙණියේ මේධාලංකාර මහ
නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ශාසන ශෝබන සිරි සද්ධර්මවාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්ම ජෝතිකා ධජ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියන්ගේ අනු නවවන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පින්කම් රැසක් සිදු කිරීමට මීරිගම ශාසන වර්ධන පිරිවෙන් මහා විහාරීය දායක සභාව සහ මීරිගම විශ්ව මිත්‍රත්ව පදනම කටයුතු යොදා ඇත.

ඉතිරිය»

බුදු හිමියන් අනුදැන වදාළ ‘ධර්ම සංගායනා’ පිළිවෙත

ගායනා යන්නේ අර්ථය “සාමූහිකව කියවීමය” පිරිසක් සාමූහිකව කියවීමෙන් සම්මුතියක් පහළ වෙයි. ආගමික හෝ වෙනත් ඕනෑම සංස්ථාවක ආයතනයක ඉදිරි පැවැත්ම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යය. ඒ සංවිධානාත්මක වැඩ පිළිවෙළ ඔස්සේ සංගායනා සංකල්පය බිහි වී ඇත. එපරිදි සාමූහිකව සජ්ක්‍ධායනා කිරීමෙන් සංඝ සංම්මුතිය ලද සංගායනා තුනක් (ථෙරවාදී සම්මුති අනුව) දඹදිව දී පවත්වා ඇත. මින් ප්‍රථම ධර්ම සංගායනාව අනෙක් ඒවාට වඩා වෙනස් වන්නේ මෙහිදී බුදුහිමියන් විසින් දේශිත ධර්මය හා විනය පළමු වරට එක්රැස් කිරීම නිසා ය. අනතුරුව පැවැති සංගායනාවලදී සිදුව ඇත්තේ එසේ එක්රැස් කළ ධර්ම විනය ත්‍රිපිටකය වශයෙන් සාමූහිකව සජ්ඣායනා කිරීමය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සුගතියට-නිවනට කැඳවන දහමේ බලය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සුවිඡානෝ භවං හෝති
සුවිජානෝ පරාභවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරාභවෝ

කාරුණික පින්වත්නි

සම්මා සම්බුදුරජාණන් වහන්සේ, විසින් පුද්ගලයාගේ පිරිහීමේ ලක්‍ෂණ පොදු සමාජයට බලපාන අයුරු සමාජ විද්‍යානුකූලව දේශනා කළසේක. මිනිසා උපදින්නේ මිනිස් වර්ගයාගෙන්ම නිසා හැදෙන්නේ ද කලින් කලට උපදින උදාරතම මිනිසුන්ගේ නිර්මාණාත්මක චින්තන මාර්ගයේ පිය සටහන් අනුව ගමන් කිරීමෙනි. මෙතෙක් මානව පරපුරේ බිහි වූ ශ්‍රේෂ්ටතම මිනිසා අප බුදුරජාණන් වහන්සේ බව සෑම දෙනාගේම බුද්ධිමත් තීරණයයි. එයට හේතුව මිනිසකු වශයෙන් ඉපිද, එමෙන්ම උත්තම තම මිනිසෙකු වශයෙන් පෙනී සිට, මිනිසා මූලික කරගත්, එමෙන්ම විශ්ව සාධාරණ ධර්මයක් දැනගෙන දේශනා කිරීමයි.

ඉතිරිය»

ගංගොඩවිල සෝම හිමි සමරා
පින්කම් රැසක්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ සිව් වැනි වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් ගුණානුස්මරණ පින්කම් රැසක් සිදු කැරේ. ඒ අනුව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී මෙම 12 වැනිදා ශතාධික මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ.

ඉතිරිය»

පන්නිපිටිය පැලැන්වත්ත වැලිපත ශ්‍රී සෝරත ධර්මායතනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. 2003 වසරේ දී නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කරන ලද මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලද්දේ කලා භූෂණ සමාරිස් සන්දරගේ මූර්ති ශිල්පියා විසිනි. බුදුරදුන් අනෝතත්ත විල් තෙරට වැඩම කර කඨිනය අනුදැන වදාළ අවස්ථාව, මෙම බුද්ධ ප්‍රතිමාවෙන් හා පසුබිමෙන් පිළිබිඹු වෙයි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඉල් අමාවක

 
ඉල් අමාවක පෝය
දෙසැම්බර් 08 වනදා
සෙනසුරාදා අපර භාග
09.01 ට ලබයි.
9 වනදා ඉරිදා අපර භාග 11.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
09 වනදා ඉරිදාය .


මී ළඟ පෝය දෙසැම්බර්
17 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]