UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලංකා “ලයිට් ඔෆ් ඒෂියා“ තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය-2007


ජනිත්‍රා චතුරභානි සේනානායක ශිෂ්‍යාව ඇයට හිමි එම්.පී. වනිගසේකර අනුස්මරණ කුසලානය කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති ප්‍රසන්න ගුණතිලක මහතා අතින් ලබා ගත් අවස්ථාව.

ශ්‍රී ලාංකික දරුවන්ගේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය ප්‍රවර්ධනය මේ වකවානුවේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස මුලින්ම අවබෝධ කරගත් කොළඹ තරුණ බෞද්ධ සංගමය ඉතා සාර්ථකව දිවයින පුරා විහිදී ඇති පාසල් දරුවන්ව ඒකරාශී කර පවත්වනු ලබන මෙම “ලයිට් ඔෆ් ඒෂියා” තරඟය වසර 82 ක් අඛණ්ඩව පවත්වා 83 වන වරටද 2007 ඔක්තොම්බර් 20 වෙනි දින අතිඋත්කර්ෂවත් අන්දමින් බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පවත්වන ලදී. එන්.ඊ. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ. මෙම උත්සවයේදී දිවයින පුරා පාසල් වලින් ඉදිරිපත්වූ අපේක්‍ෂකයින් 1400 කින් තෝරා ගන්නා ලද ඒ ඒ කාණ්ඩවලින් කුසලතා දැක්වූ ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට ත්‍යාග සහතිකපත් හා ජයසංකේත පිරිනමන ලදී.

මූලාසනයේ දේශනය පැවැත්වූ දිසානායක මැතිතුමා මෙම උත්සවයේ වැදගත්කම අළලා දීර්ඝ කතාවක් කරමින් මෙම වැඩ පිළිවෙළින් ළමයින්ට වන යහපත අවධාරණය කළේය. එමෙන්ම මෙම වැඩ පිළිවෙළ තව තවත් පුළුල් අන්දමින් ඉදිරියට ගෙන යායුතු බවද එතුමාගේ අදහස විය. තරඟ අවසානයේදී මෙම තරගවලියේ දක්‍ෂතම ශිෂ්‍යාවට පිරිනැමෙන ශූ®රතාවය ඕඥඵබ ර්‍ණමඥපචතත ඛ්ධදබඥඵබචදබ ඛ්භන (බෙස්ට් ඕවරෝල් කන්ටෙස්මන්ට් කප් ) නාලිනී ද අල්විස් අධ්‍යාපන ආයතනයේ රුවිනි වගීෂා කොඩිප්පිලි ශිෂ්‍යාව විසින් දිනාගත් අතර දිසානායක මහත්මිය විසින් එම ශූරතාවය ඇයට ප්‍රදානය කරන ලදී. මෙම තරගය සාර්ථකව පවත්වා ගැනීම සඳහා මූල්‍ය අනුග්‍රහය සපයනු ලැබුයේ නුගේගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ අධ්‍යක්‍ෂක ලක්‍ෂමන් කුරුප්පු මහතාය .

ඒ ඒ කාණ්ඩ වලින් ප්‍රථම ස්ථානය ලබාගත් තරඟකරුවන්, තරඟකාරියන් මෙසේය . හරිනි ඉඳිකැටිය , මාලක රන්දුල යටිගල, රුවිනි වගීෂ කොඩිප්පිලි , යසන්ත රජිතතේජ හෙට්ටිආරච්චි, නෙත්මි ගුණසේකර , චතුර නෙරංජන් ගුණසේකර , අනුරාධ අධිකාරම්, සසික ලක්සිත රත්නතිලක, ජනිත්‍රා චතුරභානි සේනානායක, සංජය නවෝද් විජේසේකර , ජේ.ජී. සදිනි රුමේෂිකා , එච්, ඩබ්.ඩබ්. එම්. කේ. ආර්. හුලුගල්ලය.

ඉල් අමාවක

 
ඉල් අමාවක පෝය
දෙසැම්බර් 08 වනදා
සෙනසුරාදා අපර භාග
09.01 ට ලබයි.
9 වනදා ඉරිදා අපර භාග 11.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
09 වනදා ඉරිදාය .


මී ළඟ පෝය දෙසැම්බර්
17 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]