UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරයෙහි කඨින පින්කම පසුගියදා පැවැත්විණි. මෙවර කෝපන්හේගන් නුවර වස්වසා වැඩසිටියේ ඊස්ට් ලන්ඩන්හි බුද්ධ විහාරයෙහි විහාරවාසී දෙදියවල විමල හිමියන්ය. කඨින පින්කම හා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි. ප්‍රංශයේ ධර්ම චක්‍ර විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමි, ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක ස්ටොක් හොල්ම් බෞද්ධ විහාරාධිපති කිරිදිගල්ලේ ධම්මරතන නාහිමි, එම විහාරවාසී ගනීමුල්ලේ සීලරතන හිමි, ජර්මනියේ වැඩවසන තම්මැන්නාවේ ධම්මානන්ද හිමි සහ කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති කිරිදිගල්ලේ ඤාණරතන හිමිවරු සහ ඩෙන්මාර්ක්හි වෙසෙන ශ්‍රී ලාංකික බැතිමත්හු ද ඕස්ලෝ නුවරින් හා ස්වීඩනයේ හෙල්සින්බෝ රි නගරයෙන් විශාල පිරිසක් ද පැමිණ සිටියහ.

රුහුණු කතරගම මහා දේවාලයේ ඉල් මහා පෙරහර 24 දා

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර මෙම මස 24 දින ඉල් පෝදා රාත්‍රි පැවැත් වේ.

ඉතිරිය»

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]