UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

මහරගම නාවින්නේ ජයගත් පාරේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමයේ අභිනවයෙන් ඉදිකළ විනය සීමා මාලකය කැලණි විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අතින් නොබෝදා විවෘත කැරිණි. නිමල් විජේදාස මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ එම සීමා මාලකය විවෘත කිරීමේ පින්කමට සමගාමීව සියක් නමක් විෂයෙහි සංගඝත දක්‍ෂිණාවක්ද පිරිනැමිණි. ජී.එච්.සෙනරත්

ඉන්දියාවේ ආනන්ද බෝධි වෘක්ෂයේ අංකුර බෝධියක් පසුගියදා ඉංගිරිය ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානයේ රෝපණය කරන ලදී. එහිදී උපාලි සෙනරත් මහතා සහ එම මහත්මිය බෝධි අංකුරය තැන්පත් කළ අයුරු .
ඡායාරූපය - ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

කොත්මලේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අඹතලාව ශ්‍රී පරමින්දාරාමය සහ මාස්වෙල නව මොරපේ ශ්‍රී බෝධිමාලකාරාමය යන විහාරද්වයාධිපති අඹතලාව ශ්‍රී පඤ්ඤාප්‍රදීප පරිවේණාධිපති කොත්මලේ ශාසනාරක්‍ෂක ප්‍රාදේශීය බල මණ්ඩලයේ සභාපති ආරණ්‍ය වංශික සද්ධර්ම කීර්ති ශ්‍රී කර්මාචාර්ය ධුරන්දර පණ්ඩිත ප්‍රවීණාචාර්ය නියම්ගම්දොර ශ්‍රී පඤ්ඤානන්ද නාහිමියන් වෙත ශ්‍රී ලංකා විශ්ව සමාධි පදනම මගින් “ සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්ම ශාස්ත්‍රී ශිරෝමණී “ යන ගෞරව නාමය පිරිනමා ඇත. එහිදී කිරුලපනේ ශ්‍රී සෝමානන්ද අනුනාහිමියන් වෙතින් ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය ලබාගත් අවස්ථාව.
සේයාරුව - කොත්මලේ නාරද ඩී.ලියනආරච්චි පූඬළුඔය මධ්‍යම සමූහ වාර්තාකරු

වසරේ වැදගත් පුන් පෝය දිනයන්හිදී ගාල්ල අවට බෞද්ධ බැතිමතුනට රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඳ ගැනීමේ අවස්ථාවක් දකුණු පළාත් සභා පො.පෙ.මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම , දකුණු පළාත් සභා එ.ජා.ප. මන්ත්‍රී මනුෂ නානායක්කාර, ගාල්ල නාගරික මන්ත්‍රී මෙත්සිරි සිල්වා සහ ගාල්ල නාගරික ව්‍යාපාර ප්‍රජාව එක්ව නිර්මාණය කර ඇත. ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී සර්වඥ ධාතු වන්දනා කරන අවස්ථාවකි මේ.
ජයලාල් ජයවර්ධන - ගාල්ල ඡායාරූප

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දස වසරක ප්‍රගතිය විදහා දැක්වෙන ‘අපේ ගමනේ මඟ සලකුණු’ ග්‍රන්ථය එළි දැක්වීම කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා සිදු කැරිණි. එම අවස්ථාවට වැඩම කළ බෙල්ලන ඥානවිමල මහ නා හිමි, ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, බෙල්ලන්විල විමලරතන හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, බානගල උපතිස්ස හිමි, කිරින්දේ අස්සජි හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි තීනියාවල පාලිත හිමි ඇතුළු මහා සංඝරත්නය වෙත අපේ ගමනේ මඟ සලකුණු ග්‍රන්ථය චන්දන සිල්වා මහතා විසින් පිළිගන්වන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. අන්‍යාගමික පූජකතුමන්ලාද මේ අවස්ථාවට සහභාගි වූ අතර බෙල්ලන්විල විමලරතන හිමියෝද, තීනියාවල පාලිත හිමියෝද අනුශාසනා පැවැත්වූහ.
ඡායාරූපය - සාලිය රූපසිංහ

 

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]