UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්‍ෂීරපායාස බුද්ධ පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ මහා ක්‍ෂීරපායාස බුද්ධ පූජාව මෙවරද මෙම මස 26 වෙනි දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කැරේ. එදිනට පෙර දින පුර පොහොය බෞද්ධ මණ්ඩල පරිශ්‍රය වෙත ගෙන එන කිරි එළදෙනුන් අට දෙනෙකු සුවඳ පැනින් නහවා විළඳ , ඔළිඳ වැල්මී, මී පැණි සමග කවා පසුදින පාන්දර දිය නා පිරිවට ඇඳ ගත් පිරිසක් විසින් කිරි දොවා ගනු ලබයි.

අනතුරුව උඩුවියන් බැඳ වටතිර ඇද සකස් කළ විශේෂ මණ්ඩපයකදී එම කිරි වලින්ම සහල් සෝදා සුවඳ දරින් ගිණි මොළවා ඖෂදීය වාෂ්පයෙන් දිය නොමුසුව පිසින ලද එම ක්‍ෂීර පායාසය එදිනම අළුයම ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පුදනු ලැබේ.

ඊට සමගාමීව ව්‍යංජන වර්ග 112 කින් සමන්විත මහ බුද්ධ පූජාව සහ චතුමධුර අෂ්ඨ විධ පාන වර්ග ඇතුලත් මහා ගිලන් පස බුද්්ධ පූජාවද එදිනම සිදු කිරීමට නියමිතය. වජ් පොහොයදා සැදැහැවතුන් උදෙසා දාන, ශීල , භාවනා වැඩ සටහන්ද මරණයට කැප වූ ගවයින් කීප දෙනෙකු නිදහස් කිරීමද සිදු කෙරේ.

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]