| අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්‍ෂීරපායාස බුද්ධ පූජාව
			 
			අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ මහා ක්‍ෂීරපායාස බුද්ධ පූජාව මෙවරද මෙම මස 26 
			වෙනි දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කැරේ. එදිනට පෙර දින පුර 
			පොහොය බෞද්ධ මණ්ඩල පරිශ්‍රය වෙත ගෙන එන කිරි එළදෙනුන් අට දෙනෙකු සුවඳ 
			පැනින් නහවා විළඳ , ඔළිඳ වැල්මී, මී පැණි සමග කවා පසුදින පාන්දර දිය නා 
			පිරිවට ඇඳ ගත් පිරිසක් විසින් කිරි දොවා ගනු ලබයි. 
			අනතුරුව උඩුවියන් බැඳ වටතිර ඇද සකස් කළ විශේෂ මණ්ඩපයකදී එම කිරි වලින්ම 
			සහල් සෝදා සුවඳ දරින් ගිණි මොළවා ඖෂදීය වාෂ්පයෙන් දිය නොමුසුව පිසින ලද 
			එම ක්‍ෂීර පායාසය එදිනම අළුයම ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පුදනු ලැබේ. 
			ඊට සමගාමීව ව්‍යංජන වර්ග 112 කින් සමන්විත මහ බුද්ධ පූජාව සහ චතුමධුර 
			අෂ්ඨ විධ පාන වර්ග ඇතුලත් මහා ගිලන් පස බුද්්ධ පූජාවද එදිනම සිදු 
			කිරීමට නියමිතය. වජ් පොහොයදා සැදැහැවතුන් උදෙසා දාන, ශීල , භාවනා වැඩ 
			සටහන්ද මරණයට කැප වූ ගවයින් කීප දෙනෙකු නිදහස් කිරීමද සිදු කෙරේ. |