ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කරුණා සාගර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු ලෙස අප ලැබූ අත්බවය, බොරළු කැට යායක් මැද දිදුලන ජාතිරංග මාණික්‍යයක් වැනි ය. සැබෑ පිළිසරණ අහිමි වී ගිය මිනිසුන් අතර අප ගෙවන දිවි පෙවෙත තිසරණයෙන් හා ආර්ය මාර්ග විද්‍යාවෙන් ලද නොහිම් සහනයෙන් උතුරන, නිසැක විමුක්තියෙන් අභිෂේක ලැබූවකි. එහෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙදියත පහළ නොවුණා නම් අමාදම් බෙරහඬ රැව් නො දෙනු ඇත. අප ලැබූ බොදුසව් අබිසෙස් මඟහැරෙනු ඇත. කුදිටු අඳෙීනා නිතර ඇසෙන, අඳුරු සසර අනාථ මං තලේ සිව්අපා මහ ගෙදරට ගමන් කරනු ඇත. මහා කුලුණින්, පැහැසර ඥානයෙන් පූරිත පාරමිතාවෙන් වැඩම කොට ඒ මහසත් බෝසත් වියතාණෝ ලද අසමසම සම්බුදු පදවිය නිසා ම අපිදු තිරසාර සරණක් ලැබුවෙමු. සුවසාර විහරණයක් ලැබුවෙමු. නිවන් කෙම්බිම අරා දිවෙන ඒකායන සසුන් මඟ පියමන් කරන්නෙමු. දිගු ගමන් ඇති සසරේ දිවයන සත්වගට නිතැතින් ම මොහඳුරට නතු ව දුක් විඳීන්නට සිදුවේ. හැම අතින් ම බිය-ශෝකය, ජරාව-වියෝව පිරුණු සංසාර අම්බලම සත්වග හෙලූ ලේ කඳුළේ උණුසුමින් ගිනියම් වී පවතී. කෙතෙක් ගිනියම් වුව, රුදුරු වුව සසරට නොබියව පාරමී සැත් ඔසවා කෙලෙස් සතුරු බළ මුළු වනසා පාරමී බුදුකුරු පිරූ සේක් ඔබ අපගේ භාග්‍යවත් මහ බෝසතාණෝ ම ය. සව් සතුන් තම පුතුන් සේ සලකා කාටත් සුවහිත පිණිස යොමු වී වස්තු සම්පත්, රජ ඉසුරු, අඹුදරුවන්, ඇස් ඉස් මස් අතහැර දා ජීවිතය ද අපමණ වාරයක් පූජා කරමින් දාන සීලාදී පාරමී පුරා සම්බුදු වන්නට වැඩි සේක් ඔබ අපගේ අනධීවර සිරි සිදුහත් දිනිඳාණෝ ය. සාරා සැකි කප් සුවහස් ඉකුත් සසරේ ඔබ වහන්සේ වැඩි ගමන් තලාවේ අදටත් නොමැකී ඇති අමයුරු බෝධිපාක්ෂික සිහි සටහන් පුදුම සහගත ය, ආශ්චර්යමත් ය. පෙර එක් සමයක උත්තර භාරතයේ හිමවතට යාබද කපිලපුර නම් සොඳුරු රජදහනක් විය.
මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ. 30 සෙනසුරාදා සිල්
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]