[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වෙසක් සඳ

වෙසක් සඳ

ලුම්බිණි සල් වනේ
සල්මලින් බර වුණේ
දෙව් බඹුන් රැස් වෙලා
රැකවරණ සැලසුණේ
බෝසතුන් මනුලොවට
වඩින බව සැල වුණේ
නිලඹරේ ලෙළ දෙමින්
වෙසක් සඳ බැබළුණේ

ඇසතු බෝරුක් සෙවණෙ
උතුම් වජිරාසනේ
මර සෙනඟ පැරදුණේ
කෙලෙස් මුල් දුරු වුණේ
ගයාවේ පින්බිමේ
බෝසතුන් බුදු වුණේ
නිලඹරේ ලෙළ දෙමින්
වෙසක් සඳ හිනැහුණේ

නිම් තෙරක් නොමැති වූ
සංසාර සාගරය
නිම කරන්නට අපට
එතෙර වෙන මඟ කියා
සාල රුක් සෙවණ යට
නිවන්මඟ කිය කියා
බුදු සමිඳු පිරිනිවී
වෙසක් සඳ බැස ගියා

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]