ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ අධි වෙසක් අමාවක පෝ දා 2026 මැයි 16 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අමෙරිකාවට වැඩම වූ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරය සේයාරුව - සුලෝචන ගමගේ
මැයි. 16 සෙනසුරාදා පූ.භා. 05.13න් අමාවක ලබා 17 ඉරිදා පූ.භා. 01.31න් ගෙවේ. 16 සෙනසුරාදා සිල්
අමාවක
මැයි 16
පුර අටවක
මැයි 23
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
පරම සත්‍යවාදී තථාගත බුදුරදුන් චංකී සූත්‍රය තුළ දී කාපටික බමුණා අමතා, සත්‍ය ලෙස යමක් පිළිගැනීමේ දී නිර්ණායක පහක් උපයෝගී කර ගන්නා බව පෙන්වා දුන් අතර, ඒ තුළින් පිළිගන්නා දෑ හැමවිට ම සත්‍ය නොවන බව පෙන්වා දේ. ඒ අතුරින් ‘ශ්‍රද්ධා’ සංකල්පය පිළිබඳ පසුගිය කලාපයේ දී විග්රහ කළෙමි. අද එතැන් සිට ඉදිරියට. ‘අනුස්සව’ (පාලි) ‘අනුශ්‍රව’ (සංස්කෘත) යන පදයට පර්යාය ලෙස සුත/ශ්රැති ආදී පද යෙදේ. කෙනකුගෙන් අසා දැන්ගන්නා සාමාන්‍ය දේ ‘සුත’ නැතහොත් ‘ශ්‍රැතිය’ ලෙස සඳහන් කළ හැකි ය. මෙම ‘අනුශ්‍රව’ යන පදය යෙදී ඇති අර්ථ සන්දර්භය සැලකිල්ලට ගන්නා විට, අර්ථ තුනක් යෝජනා කළ හැකි බව මහාචාර්ය කේ. එන්. ජයතිලක මහතා පෙන්වා දේ. ඒවා නම්, දේවානාවරණය, අධිකාරී සම්ප්රදාය, වාර්තාව ය. මේ සඳහා බහුලව භාවිත වන වදනක් වනුයේ ශ්‍රැතිය යන්න යි. කෙනකුගෙන් අසා දැනගන්නා සාමාන්‍ය දේ ශ්‍රැතිය යැයි සරල ව දැක්වේ. වර්තමානයෙහි අධ්‍යාපනය යන පදයෙන් අදහස් කරන කාර්ය පටිපාටියේ ගුරුවරයාගෙන් අසා දැන ගන්නා දේ ශ්රැති සංඛ්‍යාවට අයත් වේ. ගුරුවරයාගෙන් අසා දැනගන්නා දේ ප්‍රතික්ෂේප කිරීමේ උපදේශයක් බුදු දහමේ නැත. එයින් ප්‍රකට වනුයේ ශ්රැතියට කිසියම් අර්ථයක් ආරෝපණය කිරීමට බුදු දහම පසුබට නොවන බවයි. ‘සුත’ යන පදය බුදු දහම තුළ ඉතා ප්රකටව පෙනෙනුයේ සූත්රාරම්භයේ යෙදෙන ‘ඒවං මේ සුතං’ යන වාක්‍ය තුළ ය. එහි අර්ථය වනුයේ ‘මා විසින් මෙසේ අසන ලදි’ යනුවෙනි. ඒ අනුව මෙහි සඳහන් ‘සුතං’ පදයට අනුව පාලි ත්‍රිපිටකයට අයත් සූත්‍ර දේශනා ද ශ්රැති සංඛ්‍යාවෙහිලා ගැනේ. මෙම සූත්‍ර දේශනා ප්‍රථම ධර්ම සංගායනා අවස්ථාවේ දී අනඳ තෙරණුවන් විසින් ඉදිරිපත් කළ අතර, සූත්‍ර දේශනාවේ යම් වරදක් වේ නම්, එයින් මිදෙනු පිණිස ‘ මාගේ ඇසීම මෙසේ ය’ යන ප්‍රකාශය සිදු කර තිබේ.
අපගේ පෞද්ගලික ජීවිතයේ දී හෝ සාමාජීය ජීවිතයේ දී හෝ වෘත්තීය ජීවිතයේ දී හෝ දවසේ වැඩවල දී කයින්, වචනයෙන් අප කරන සියලු දේ සිහියෙන් කිරීම සතර සතිපට්ඨානය වැඩීමයි. ඇවිදීම, සිටීම, හිඳීම, නිදීම, අඟපසඟ හැකිළීම, දිගු කිරීම, ඔබ මොබ බැලීම, ඇඳුම් ඇඳීම, දෙඩීම, නිහඬ වීම, ආහාරපාන ගැනීම, අනිකක් තබා මළ පහ කිරීම යනාදි හැම වැඩක් කරන මොහොතේ ම ඒ ගැන සම්පූර්ණයෙන් සිත යෙදිය යුතුයි. වෙන වචනවලින් කියතොත්, මේ මොහොතෙහි හෙවත් දැන් කරන වැඩෙහි ජීවත් විය යුතුයි. අතීතය හෝ අනාගතය ගැන කිසිසේත් නො සිති යුතු ය යනු මෙහි අදහස නො වේ. සැබැවින් ම දැන් කරන වැඩය හෙවත් මේ මොහොත පිළිබඳ අතීතයක් හෝ අනාගතයක් වේ නම් ඒ ගැන මොහොතට අනුව සුදුසු පරිදි සිතිය යුතු ය. මේ මොහොතේ අප බොහෝ විට ජීවත් වන්නේ අප කරන වැඩවල නොවේ. අපි අතීතයේ හෝ අනාගතයේ හෝ ජීවත් වෙමු. අප මෙතැන වැඩක යෙදෙන බවක් පෙනෙන නමුත්, අපේ සිතිවිලි පවත්නේ වෙන තැනක ය. සිතින් මවාගත් කරදරවල හෝ ප්රශ්නවල ය. බොහෝ විට මේ සිතිවිලි අතීතය පිළිබඳ හැඟීම්වලට හෝ අනාගතය පිළිබඳ කල්පනාවලට හා ප්‍රාර්ථනාවලට අයත් ය. එහෙයින් අපි මේ මොහොතේ කරන වැඩෙහි ජීවත් වන්මෝ නො වෙමු. එයින් සතුටු වන්නෝ නො වෙමු. මේ පවත්නා මොහොත හෙවත් දැන් කරන වැඩය සතුටට හේතු නො වන විට, එ වැඩේට සිත මුළුමනින් යොදන්නට බැරි වීම ස්වභාවික ය. බොජුන් හලක ආහාර ගන්නා මිනිසකු යමක් කියවනු සමහර විට අපට දක්නට ලැබේ. එවැන්නකු දුටු විට අප සිතන්නේ ඔහු අහර ගැනීමට පවා ඉඩක් නැති වැඩ අධික කෙනකු විය යුතු ය කියායි. ඔහු කරන්නේ අහර ගැනීම ද, නැතහොත් කියවීම දැයි අපට තේරුම් ගත නො හැකි ය. ඇතැම් විට ඔහු ඒ දෙක ම කරතැයි ද සිතිය හැකි ය. එහෙත් ඇත්ත නම් ඔහු එයින් එකක් වත් නො කරන බව ය. එකකින් වත් තෘප්තියක් නො ලබන බව ය. ඔහුගේ සිත කලබල සහිත ය. හේ දැන් කරන දෙයින් සතුටක් නො ලබයි. ඔහුගේ ජීවිතය මේ මොහොතට අයත් නො වෙයි.
මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ‘සතර බ්‍රහ්ම විහරණ’ කියා හඳුන්වන්නේ ඒවා බ්‍රහ්මයන් තුළ පවතින සුවිශේෂි ගුණධර්ම නිසයි. මනුෂ්‍යයන් වශයෙන් අපත් නිතර නිතර බහුල වශයෙන් මේ කරුණූ අපේ ජීවිතවල දියුණු කර ගත්තොත් මරණින් මතු බ්‍රහ්ම ලෝකයක උපත ලබන්නට අපටත් පුළුවනි. බඹ ලොවදී තවදුරටත් ධර්ම මාර්ගය දියුණුූ කරගෙන ධර්මාවබෝධ කරන්නත් පුළුවනි. අන් අයගේ ආර්ථික, ආධ්‍යාත්මික දියුණුව දැක එය අනුමෝදන් වෙමින් එයට හදවතින්ම ආශීර්වාද කරමින්, ඒ කෙරෙහි ඇතිකර ගන්නා සතුට, මුදිතාව කියා හඳුන්වනවා. මුදිතාව නැතිනම් එතැන හටගන්නේ ඊර්ෂ්‍යාව නම් බලවත් දුර්විපාක ගෙන දෙන අකුසල් ස්වභාවය යි. නමුත් මුදිතාව ඇති කෙනා තව කෙනෙක් ධාර්මිකව ධනය රැස්කරගෙන ඉඩකඩම්, ගෙවල් දොරවල් හදාගෙන දියුණු වෙලා ඉන්නකොට ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේ ම අන් අය හොඳින් ඉගෙන ගන්නවා නම්, හොඳ රැකියාවක් කරනවා නම්, හොඳ සමාජ පිළිගැනීමකට ලක්වෙනවා නම්, ලස්සනට ක්‍රමානුකූලව ජීවත් වෙනවා නම් ඒ සෑම කරුණක දී ම සිතේ සතුටක් ඇතිකර ගන්න අපි දක්ෂවෙන්න ඕනෑ. එවිට අපේ ජීවිතවලට උතුම් පින් රැස් වෙනවා. එම පින ඒ සම්පත් අපට ද ලැබීම පිණිසත් කර්මානුරූපව උපකාරී වන අයුරින් පිනක් බවටත් පත්වෙනවා. කුසල් අකුසල් ගැන අවබෝධයක් නැති සමහරු තවත් කෙනකුගේ ලස්සන රූපයට ඊර්ෂ්‍යා කරනවා. එවැනි අකුසල් සිතිවිලි බැහැර කරලා මුදිතාව ඇතිකර ගන්නට අපි මහන්සි වෙන්න ඕනෑ. අන් අය තුළ ගුණධර්ම දියුණු වන විටත් අපි ඒ කෙරෙහි සතුටු වෙන්න ඕනෑ. ඒ කියන්නේ තව කෙනෙක් හොඳින් දන් පැන් පූජා කරද්දී, හොඳ දහම් දැනුමක් ඇතිකර ගනිද්දි අපි හදවතින් ම එයට ආශීර්වාද කරන්න ඕනෑ. තව කෙනෙක් මිහිරි හඬින් තෙරුවන් ගුණ කවි කියනවා නම්, ලස්සනට ධර්මය දේශනා කරනවා නම් ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. ඒ හැම විට ම අප තුළ මුදිතාව දියුණු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අරතිය හෙවත් කුසල් දහම්වල සිත නො ඇලෙන ගතිය දුරු කර ගන්න මුදිතාව වඩන්න කියලයි. මුදිතාව දියුණුකර ගත්තොත් කුසල් දහම්වල සිත අලවාගෙන නිරාමිස සතුටින් කාලය ගත කළ හැකි යි.
ලෝකයට මෙත් සිතින් සාමයේ පා ගමන
බලංගොඩ මහින්ද නාහිමිපාණෝ ප්‍රධාන සංඝනායක පදවි ලබති
අමෙරිකාවේ බුදු දහම ස්ථාපිත කිරීමට තවත් මං පෙතක්
මහනායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොල විමලඥාන නා හිමියෝ
කොබවක විමලධම්ම නාහිමියෝ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබති
කනංකේ විමලඤාණ මාහිමියන්ගේ තෙමස් පූර්ණ ගුණ සැමරේ
ඉතිරිය»
සුවපත් මනසක් සුවබර දිවියක් - 52 කොටස: සීමා රහිතව කරුණාව වැඩිය යුතු අය
උපාසක පරිහානියට හේතු...
ධාර්මිකත්වය ලෝකයේ පැවැත්මට හේතුවයි
බුදු සසුනක දෑස් ඇත්තෝ....
පිරිවෙන් අධ්යක්ෂ ධුරයෙන් පිදුම් ලබන මාදෝවිට වජිරබුද්ධි නා හිමියෝ
මනරම් කඳුමුදුනක සුපසන් පුදබිම කොරතොට රාජමහා විහාරය
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]