ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ මැදින් පුර අටවක පෝ දා 2026 පෙබරවාරි 24 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කැලණිය රාජමහා විහාරයීය සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ සේයාරුව - නිශ්ශංක විජේරත්න
පෙබරවාරි 24 අඟහරුවාදා පූ.භා. 07.04න් පුර අටවක ලබා 25 බදාදා පූ.භා. 04.53න් ගෙවේ. 24 අඟහරුවාදා සිල්
පුර අටවක
පෙබරවාරි 24
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
බුදුරජාණන් වහන්සේ විසින් අපිට පෙන්වා දෙනවා පින් කරන ආකාර තුනක් තිබෙන බව. දන් පැන් දීමෙන් පින් රැස්වෙන විදිහත්, ඒ වගේම සිල් රැකීමෙන් පින් රැස් වෙන විදිහත්, ඒ වගේම තමයි මෛත්‍රි භාවනාව පුරුදු කිරීමෙන් පින් රැස්වෙන විදිහත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. දන්පැන් දීමෙන් රැස්වෙන පිනට වඩා සිල් රැකීමෙන් රැස්වෙන පින මහත් බවත්. සිල් රැකීමෙන් රැස්වෙන පිනට වඩා මහත් වූ පිනක් මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් රැස්වෙන බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ආකාසයේ කොතරම් තරු තිබුණත්, ඒ තාරකාවලින් ආකාසය ආලෝකමත් වෙන්නේ ඉතාම මද වශයෙන්. නමුත් යම් දවසක සඳ පායලා ඒ තාරකාවල ආලෝකය අභිබවා ආකාසය ආලෝකමත් වන්නේ යම් සේ ද, ඒ වගේ ප්‍රමාණ කරන්නට බැරි තරම් මහත් වූ පිනක්, අග්‍ර වූ පිනක් මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් රැස්වෙන බව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ඒ නිසා අපි මේ මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් එහෙම නැත්නම්, මෙත් සිත පුරුදු කිරීමෙන් පින් රැස්කර ගන්නට අපි කවුරුත් පුරුදු වෙන්ට ඕන. මේක අමාරු දෙයක්. නමුත් අපි පුරුදු කර ගත්තොත් ඒක කාටත් පහසු දෙයක් බවට පත්වෙනවා. එහෙත් ආරම්භයේ දී අමාරු දෙයක් වගේ පෙනෙයි. ටික ටික මෙත් සිත පුරුදු කර ගත්තොත් ටික ටික මෛත්‍රි භාවනාව පුරුදු කර ගත්තොත් අපි හොඳින් මෛත්‍රී භාවනාව කරමින්, මෙත් සිත පුරුදු කරමින් මහත් සේ පින් රැස්කර ගන්නට පුළුවන් අය බවට පත්වෙනවා. ගොඩක් අයට තිබෙන ගැටලුවක් තමයි, “අපිට භාවනා කරන්නට වෙලාවක් නැහැ” කියන කාරණාව. ගෙදර දොරේ වැඩ රාජකාරි කටයුතු ආදි දේ නිසා බණ භාවනා කරන්නට වෙලාවක් නෑ කියන අදහස ගොඩක් අය අතර තිබෙනවා. ඒ නිසා ම ඒ අය මේ මෙත් සිත පුරුදු කරමින්, මෛත්‍රී භාවනාව පුරුදු කරමින් මහත් වූ පින රැස්කර ගන්නට තිබෙන අවස්ථාව මඟහැර ගන්නවා. හොඳින් අපි කල්පනා කළොත්. මෛත්‍රී සිත පුරුදු කරන්නට වුවමනා තරම් කාලය අපට තිබෙනවා.
අපගේ ශාස්තෘ වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක වූ ආර්ය සංඝරත්නය ගැන අග්ගප්පසාද නම් සූත්‍ර දේනාවේ දී මෙසේ වදාළා. “පින්වත් මහණෙනි, ලෝකයේ යම්තාක් පිරිස් වේවා, ජන සමූහයක් වේවා, මේ තථාගත ශ්‍රාවක සඟරුවන ම යි ඒ සියලු පිරිස්වලට වඩා අග්‍ර වන්නේ උන්වහන්සේ උතුම් යුගල වශයෙන් හතරක් ද, වෙන් වෙන් වශයෙන් උතුම් පුරුෂ පුද්ගලයෝ අට දෙනයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ආහුණෙය්යයි, පාහුණෙය්යයි, දක්ඛිණෙය්‍යයි, අංජලිකරණීය යි, ලොවට උතුම් පින් කෙතයි, පින්වත් මහණෙනි, එබඳු ශ්‍රාවක සඟපිරිසක් කෙරෙහි පැහැදුනේ නම් ඔවුන් පැහැදී සිටින්නේ අග්‍ර වු පිරිසකටයි. අග්‍ර වූ පිරිසකට පැහැදුන විට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.” ගණනින් සීමා කළ නො හැකි වූ ඒ අපිරිමිත අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සඟරුවනේ උත්තම ගුණ සමුදාය මෙනෙහි කරමින් වඩන භාවනාව ‘සංඝානුස්සතිය’ කියා හඳුන්වනවා. සංඝානුස්සති භාවනාව පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. “පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් ම අවබෝධයෙන් ම කලකිරීම පිණිස ම, නො ඇලීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම පවතිනවා. ඒ එක දෙය නම් සංඝානුස්සතිය යි.” තවද සංඝානුස්සති භාවනාවේ ආනිශංස, සම්බුදු රජාණන් වහන්සේ මහානාම නම් ශාක්‍ය රජුහට මෙලෙසින් ද වදාළා. “මහානාමයෙනි, ආර්ය ශ්රාවකයා සංඝරත්නයේ ගුණ සිහි කරමින් සංඝානුස්සතිය වඩයි. එසමයෙහි ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන් මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත සංඝරත්නයේ ගුණ අරබයා ඍජු බවට පත්වූයේ වෙයි. ඍජූ බවට පත්වූ සිත් ඇති ආර්ය ශ්රාවකයා අරුත් මෙනෙහි කරමින් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූ කෙනාට පී‍්‍රතිය උපදියි. පී‍්‍රති සිත ඇති කෙනාගේ කය සන්සිඳෙයි. සන්සිඳුන කය ඇති ශ්රාවකයා සැපයක් විඳියි. සැප ඇති නම් සිත සමාධියමත් වෙයි.
බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය සිදුකළ සමයේ භාරතීය සමාජය විවිධාකාර ආගමික ශාස්තෘවරු හා දාර්ශනිකයන්ගෙන් ගහනව ගිය, විමුක්තිය සොයා යන කුතුහලයෙන් යුක්ත වූ ගවේෂකයන් බහුල වූ අභියෝගාත්මක සමාජයකි. ශ්‍රමණ සම්ප්‍රදායට ම අයත් වූ ෂඩ් ශාස්තෘවරු ලෙස ධර්ම ග්‍රන්ථවල හඳුන්වා ඇති ආගමික ගුරුවරු අට දෙනකුගෙන් යුක්ත වූ, තවත් ජටිල, පරිබ්‍රාජක ආදි විවිධාකාර ආගමික කණ්ඩායම් විශාල ප්‍රමාණයක් එකල භාරතීය සමාජයේ විය. බ්‍රාහ්මණ වේදයට අනුව පෙළගස්වා පාලනය කරන ලද එකල භාරතීය සමාජය තුළ නව මෙන්ම වෙනස් වූ විමුක්ති මාර්ගය ප්‍රචාරය කිරීම ගෞතම බුදුරජාණන් වහන්සේට පහසු වූ කාරණයක් නොවී ය. විවිධාකාර ආගමික ශාස්තෘවරුන්ගෙන් හා සමාජ කණ්ඩායම් මඟින් උන්වහන්සේ අභියෝගයට ලක් වූ අවස්ථා ත්‍රිපිටකයේ සූත්‍ර පුරා දක්නට ඇත. එවැනි ම කතා පුවතක් ඇතුළත් සූත්‍රයක් ලෙස සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ග පාළියේ එන සෝණදණ්ඩ සූත්‍රය හැඳින්විය හැකි ය. එහි කියැවෙන ආකාරයට ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරා අඟු රට, වම්පා නුවර, ගග්ගරා නම් පොකුණු තෙර වාසය කරන අවස්ථාවක මෙම සූත්‍ර දේශනාව සිදුකරන්නට කටයුතු සිදුකර තිබේ. සූත්‍රයේ සඳහන්ව ඇති ආකාරයට මෙය මගධයේ එවකට අධිරාජ්‍යයා වූ බිම්බිසාර රජු විසින් ත්‍යාගයක් ලෙස සෝණදණ්ඩ නම් බ්‍රාහ්මණයා වෙත ප්රදානය කෙරුණකි. එකල්හි ඔහු එම චම්පා නුවර ප්‍රධානියා ලෙස බොහෝ පරිවාර සම්පත් විඳිමින් වාසය කරයි. එකල ගෞතම බුදු රජාණන් වහන්සේ මගධය හරහා පෙර නොඇසූ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරමින් යන සමය යි. උන්වහන්සේ යම් ගමක්, නුවරක් කරා වැඩම කළ විට හාත්පස ඒ පිළිබඳ පුවත ඉතා ඉක්මනින් පැතිර යයි. එලෙසින්ම ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සහිත ව තම නුවර වන චම්පා නුවරට වැඩි බව එම නුවර බමුණු ප්‍රධානීන් හට සැලවිය. අරහත් වූ ද, දන්නා සියල්ල තමන් විසින්ම අවබෝධ කරගත්තා වූ ද, සියලු සීලයෙන් සම්පූර්ණ වූ ද, මනා ගමනින් යුක්ත වූ ද, සියලු මිනිසුන් දමනය කිරීමට සමත් වූ ද,දෙව් මිනිසුන්ට අනුශාසක වූ ද, සියලු කෙලෙසුන් නසා මුල, මැද, අග යන තුනම යහපත් වූ සම්පූර්ණ දහමක් දේශනා කරන තථාගතයන් වහන්සේ පිළිබඳ කීර්ති රාවය හාත්පස පැතිර යන්නට වූ අතර උන්වහන්සේ දැකීම පිණිස චම්පා නුවර බමුණු ප්‍රධානීන් විවිධ දිශාවලින් මහත් පිරිස් සහිතව ගග්ගරා නදී තීරයට එක්වන්නට විය.
දේව්නිමෝරි සර්වඥ ධාතු වන්දනාවෙන්...
බෝදාගම චන්දිම නා හිමියෝ සියමයේ චූලාලංකෝර් විශ්වවිද්‍යාලයීය ගෞරව සම්මානයෙන් පිදුම් ලබති
පැවිදි පින්කමක්
ඉතිරිය»
වීතරාගී සිතකින් විඳිය හැකි අසිරිය
සුවපත් මනසක් සුවබර දිවියක් - 44 කොටස: සත්‍ය අවබෝධය අත්පත් කර ගන්න
ජීවිතයේ කැඩපත
දුක්ඛිත සසරින් එතෙර වූ සොයුරියන් සත් දෙනා
අපාය සිහිකිරීම උපායකි
සාමයේ ළතෙත් ගුණ ගල්කුළක අකුරු කළ සංගමුව රජමහා වෙහෙරබිම සෙල්ලිපිය
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]