[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බ්‍රාහ්මණ සමාජයෙන් බුදු සමයට එල්ලවූ අභියෝග ජයගත් හැටි

බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය සිදුකළ සමයේ භාරතීය සමාජය විවිධාකාර ආගමික ශාස්තෘවරු හා දාර්ශනිකයන්ගෙන් ගහනව ගිය, විමුක්තිය සොයා යන කුතුහලයෙන් යුක්ත වූ ගවේෂකයන් බහුල වූ අභියෝගාත්මක සමාජයකි. ශ්‍රමණ සම්ප්‍රදායට ම අයත් වූ ෂඩ් ශාස්තෘවරු ලෙස ධර්ම ග්‍රන්ථවල හඳුන්වා ඇති ආගමික ගුරුවරු අට දෙනකුගෙන් යුක්ත වූ, තවත් ජටිල, පරිබ්‍රාජක ආදි විවිධාකාර ආගමික කණ්ඩායම් විශාල ප්‍රමාණයක් එකල භාරතීය සමාජයේ විය. බ්‍රාහ්මණ වේදයට අනුව පෙළගස්වා පාලනය කරන ලද එකල භාරතීය සමාජය තුළ නව මෙන්ම වෙනස් වූ විමුක්ති මාර්ගය ප්‍රචාරය කිරීම ගෞතම බුදුරජාණන් වහන්සේට පහසු වූ කාරණයක් නොවී ය. විවිධාකාර ආගමික ශාස්තෘවරුන්ගෙන් හා සමාජ කණ්ඩායම් මඟින් උන්වහන්සේ අභියෝගයට ලක් වූ අවස්ථා ත්‍රිපිටකයේ සූත්‍ර පුරා දක්නට ඇත. එවැනි ම කතා පුවතක් ඇතුළත් සූත්‍රයක් ලෙස සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ග පාළියේ එන සෝණදණ්ඩ සූත්‍රය හැඳින්විය හැකි ය. එහි කියැවෙන ආකාරයට ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරා අඟු රට, වම්පා නුවර, ගග්ගරා නම් පොකුණු තෙර වාසය කරන අවස්ථාවක මෙම සූත්‍ර දේශනාව සිදුකරන්නට කටයුතු සිදුකර තිබේ. සූත්‍රයේ සඳහන්ව ඇති ආකාරයට මෙය මගධයේ එවකට අධිරාජ්‍යයා වූ බිම්බිසාර රජු විසින් ත්‍යාගයක් ලෙස සෝණදණ්ඩ නම් බ්‍රාහ්මණයා වෙත ප්‍රදානය කෙරුණකි. එකල්හි ඔහු එම චම්පා නුවර ප්‍රධානියා ලෙස බොහෝ පරිවාර සම්පත් විඳිමින් වාසය කරයි. එකල ගෞතම බුදු රජාණන් වහන්සේ මගධය හරහා පෙර නොඇසූ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරමින් යන සමය යි. උන්වහන්සේ යම් ගමක්, නුවරක් කරා වැඩම කළ විට හාත්පස ඒ පිළිබඳ පුවත ඉතා ඉක්මනින් පැතිර යයි. එලෙසින්ම ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සහිත ව තම නුවර වන චම්පා නුවරට වැඩි බව එම නුවර බමුණු ප්‍රධානීන් හට සැලවිය. අරහත් වූ ද, දන්නා සියල්ල තමන් විසින්ම අවබෝධ කරගත්තා වූ ද, සියලු සීලයෙන් සම්පූර්ණ වූ ද, මනා ගමනින් යුක්ත වූ ද, සියලු මිනිසුන් දමනය කිරීමට සමත් වූ ද,දෙව් මිනිසුන්ට අනුශාසක වූ ද, සියලු කෙලෙසුන් නසා මුල, මැද, අග යන තුනම යහපත් වූ සම්පූර්ණ දහමක් දේශනා කරන තථාගතයන් වහන්සේ පිළිබඳ කීර්ති රාවය හාත්පස පැතිර යන්නට වූ අතර උන්වහන්සේ දැකීම පිණිස චම්පා නුවර බමුණු ප්‍රධානීන් විවිධ දිශාවලින් මහත් පිරිස් සහිතව ගග්ගරා නදී තීරයට එක්වන්නට විය.


මැදින් පුර අටවක

පෙබරවාරි 24 අඟහරුවාදා
පූ.භා. 07.04න් පුර අටවක ලබා
25 බදාදා පූ.භා. 04.53න් ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]