[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පින් පිරෙන කුසල් වැඩෙන පින්බර වස් සමය

වසරකට වරක් වස් සමාදන්වීම භික්ෂූන් වහන්සේගේ කාර්යයකි. එයට දායකයන්ගේ ආරාධනාවක් අනවශ්‍ය ය. දායකයන්ගේ ආරාධනාවක් ඇතත් නැතත් උපසම්පදා භික්ෂුව වස් සමාදන්වීම කළ යුතු ය. වස් වසනවා යනු තුන් මාසයක් එකතැනක වසන්නෙමි යන අදහස යි. වස් වැසීමත් මහජන හඬට කන්දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදයකි. ලංකාවේ මෙන් නොව ඉන්දියාවේ ඇසළ මාසයෙන් පසුව ඇති වන වර්ෂා කාලය ඉතා බැරෑරුම් ය. පීඩාදායක ය. ඒ අනෝරා වැස්සේ බුදු සසුනේ භික්ෂූහු ආදියේ ගමන් බිමන් ගියහ. පිණ්ඩපාතයේ ගියහ. මේ පිළිවෙතට මිනිස්සු විරෝධය පළ කළහ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් කෙනෙක් තීර්ථක වැනි කොටස් වස්සාන කාලයේ එක්තැනකට වී සිටීමේ ආදර්ශය දුන්හ. මේ ආදර්ශයත්, මහජන විරෝධතාවයත් භික්ෂූන් වහන්සේට වස් විසීමට පෙළඹ වූ බව පෙනෙයි. සෑම වර්ෂයක ම ඇසළ පසළොස්වක දවසට පසුවදා වස් එළඹිය යුතු ය. මාස හතරකින් යුක්තවන වස්සාන සෘතුවේ දී පළමු තුන් මාසය එක් තැනකට වී මහණදම් රැකීම වස් එළඹීම වශයෙන් නියමය වේ. වස් එළඹෙන්නහු විසින් වහළක් ඇති, අරින්න වහන්න පුළුවන් දොරක් ඇති සෙනසුනකම වස් එළඹිය යුතු ය. සෙනසුනක් නැතයි වස් නොඑළඹ සිටිනු අයුතු ය. සෙනසුනක් නැත්නම් අත් උදව්කාරයකු සොයා දායකයකු සොයාගෙන සෙනසුනක් තනවා ගත යුතු ය. අත් උදව්කාරයකු නැතිනම් තමන් විසින් හෝ සෙනසුනක් තනා ගත යුතු බව විනයාලංකාර ටීකාවේ උගන්වා ඇත. නවත්වා ඇති නැවක හෝ වස් විසීම කළ යුතු ය. එය ද විනයානුකූල ය.


පොසොන් අමාවක

ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ.
සිකුරාදා සිල් 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]