[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

රයිගම්පුර ඉතිහාසයේ මං සලකුණු පවසන කොතලාවල රාජ මහා විහාරය

ගම්පොළ සහ කෝට්ටේ යුගවල දී පරිපාලනමය සහ ආර්ථික වශයෙන් සුවිශාල වැදගත්කමක් දැක්වූ රයිගම් පුරවරයෙහි පිහිටි පෞරාණික විහාරස්ථානයක් වශයෙන් සැලකෙන කොතලාවල රාජමහා විහාරය කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම හොරණ මහා මාර්ගයේ පිහිටා ඇත. පානදුර සහ කළුතර තොටමුණුවලට ආශ්‍රිතව පිහිටා තිබීම නිසා වැදගත් වානිජ්‍යමය වටිනාකමක් රයිගමට ලැබුණු බව නොරහසකි. ගම්පොළ යුගයේ ප්‍රභූරාජ හෙවත් මහාමාත්‍ය පදවිය හොබවන ලද අලගක්කෝනාර හෙවත් අලකේශ්වර සෙන්පති පරපුරේ පාරම්පරික නිජබිම ලෙස හඳුනා ගන්නේ රයිගමයි. උතුරේ ආර්යචක්‍රවර්තී නම් පාලකයාගේ ආක්‍රමණ හමුවේ ගම්පොළ තුන්වන වික්‍රමබාහු රජු ආරක්ෂාව පිණිස පසුබැස පැමිණියේ රයිගමට වීම නිසා මෙහි ආරක්ෂාව ඉහළ මට්ටමක පැවතුණැයි අනුමාන කළ හැකි ය. සිංහල සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා අනුපමේය දායකත්වයක් ලබාදුන් වීදාගම මහා මෛත්‍රෙය මාහිමියන් වහන්සේ වැඩසිටි වීදාගම ඝනානන්ද පිරුවන පිහිටියේ ද මීට නුදුරිනි. වීදාගම මාහිමියන්ගේ අනුග්‍රහයෙන් ළමා කල රැකවරණ ලැබූ සයවැනි පැරකුම්බා නිරිඳුන් වර්ෂ 1412දී ඔටුනු පළඳන ලද්දේ රයිගම දී ය. වර්ෂ 1415 දී කෝට්ටේ රාජධානිය පිහිටුවන තෙක් රටේ රාජධානිය වශයෙන් රයිගම පැවතුණි. මින් සියවසක් ඇවෑමෙන් විජයබා කොල්ලයෙන් පසු කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදී ගිය පසු ඉන් එක් කොටසක් වූයේ රයිගම් බණ්ඩාර කුමරු පාලනය කළ රයිගම රාජ්‍යයයි. රයිගම් බණ්ඩාර කුමරුගෙන් පසු සීතාවක රාජධානියට එක් වූ වකවානුවේ සීතාවක රාජසිංහ රජු සමඟ එක්ව සටන්වලට සහභාගී වූ රයිගම පෙරුම්පුල්ලි නම් අමාත්‍යවරයකු පිළිබඳ සීතාවක හටනේ සඳහන් වෙයි.

පොසොන් අමාවක

ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ.
සිකුරාදා සිල් 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]