[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුන් දකින්නට සිත                        සෑදූ
දහම් අසන්නට මඟ                        පෑදූ
සඟුන් වඳින්නට පින                        පෑදූ
අනුබුදු හිමි වඳිනෙමු                      සාධූ

ගාමිණී ජයලත් තල්දෙන

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා ආලෝක පූජාව ජූනි 23, 24 සහ 25 දිනවලදී

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පොසොන් පුර පසළොස්වක පෝදා පැවැත්වේ. මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවරද 59 වන වරට ජූනි 23 සිට 25 දක්වා තෙදිනක් තුළ පැවැත්වේ. 1963 වසරේදී ආරම්භ කරන ලද මෙහි සංවිධායකත්වය ලේක්හවුස් ආයතනය මඟිනි. බැතිබර දායකත්වය සපයනු ලබන්නේ ඩයලොග් ආයතනයයි. සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය විසිනි. 24 වැනිදා පස්වරු 6 ට මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව විවෘත කරනු ලබන්නේ ජනාධිපතිතුමා විසිනි. මීට සමගාමීව ජාතික රූපවාහිනිය මඟින් පොහෝ දින සජීවී වැඩසටහන් ද මෙහිදී විකාශය කෙරේ.

ඓතිහාසික මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය

ලංකාවට නිර්මල බුදු දහමේ සම්බුද්ධාලෝකය බෙදා දුන් මිහින්තලේ පුණ්‍ය භූමිය ආලෝකවත් කරන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව මෙවරත් 59 වැනි වරට පැවැත්වීමට දැන් සියලු කටයුතු යොදා ඇත. මිහින්තලා රාජමහා විහාරාධිපති භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙවරත් අලෝක පූජාව සිදුකරන්නේ ලේක්හවුස් ආයතනයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රමුඛ අප අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ සංවිධානය හා උපදෙස් මත ය. ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ආරම්භ වූයේ 1963 දී ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ අදහසක් පරිදි ය. මෙරට ආයතන දැන් පවත්වන ආලෝක පූජා සියල්ලට ම පරමාදර්ශය වූයේ ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවයි. එදා සිටම අද දක්වාම ලේක්හවුස් ආලෝක පූජාවට සම අනුග්‍රහය දක්වන්නේ විදුලිබල මණ්ඩලයයි. රටේ අන් සියලු ආලෝක පූජාවලට පරමාදර්ශ ආලෝක පූජාව වෙමින් ලේක්හවුස් ආලෝක පූජාව 1963 පොසොන් පසළොස්වක දින එවකට ලේක්හවුස්හි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ රංජිත් විජයවර්ධන හා ජී.බී.එස්. ගෝමස් යන මහත්වරු මෙම මුල්ම ආලෝක පූජාව සංවිධානය කළහ. එදා ආලෝක පූජාව විවෘත වූ මොහොතේ මිහින්තලයේ සිටි පෙහෙවස් සමාදන් වූ හා වන්දනා කළ බැතිමතුන් මේ පූජාව ඇරඹූ අයට පින් දෙමින් සාධු නාද දුන් බව එකල ආලෝක පූජාවට එක්වූ අප පැරණි නිලධාරිහු පවසති.

 

බුදු දහමේ නිර්මල පණිවිඩය ලද පොසොන් පෝදා

ශ්‍රී බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුදහම හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමාත් යන රාජකීය ධර්ම දූත පිරිස මිහිඳු මහරහතන් වහන්සේ සමඟ මෙහි සැපත් වූහ. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසුව පැළලුප් නුවර අශෝකාරාමයේ දී තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වුණි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මෙහි ප්‍රධානත්වය දැරූ අතර මහරහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වූහ. ධර්මාශෝක අධිරාජයා ප්‍රධාන දායකත්වය දැරීය. මෙම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදුදහම, එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ස්වකීය පුත්‍ර වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් ම මෙරටට පිටත්කොට හැරීමෙන් පැහැදිලි වනුයේ ධර්මාශෝක අධිරාජයා ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ බවයි.

 

සිංහල බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙය මිහින්තලා පුදබිමයි

වර්තමාන මිහින්තලය සහ මිස්‌සක පව්ව යන්නට ඉපැරණි හැඳීන්වීම වන්නේ චේතියගිරි හෙවත් සෑගිරි යනුවෙනි. එහි සරල ව්‍යවහාරික නිරුක්‌තිය වන්නේ ස්‌තූප කන්ද යනුවෙනි. මේ අනුව ධාතුන් වහන්සේ තැන්පත් කළ ස්‌තූප විශාල සංඛ්‍යාවක්‌ මෙහි පිහිටා තිබූ බව පෙනේ. මහාවංශයට අනුව මෙය මිශ්‍රක පව්ව ලෙසින් ද හඳුන්වා ඇති බව පෙනේ. (මහාවංශ පරිච්ඡේදය 13 ගාථාව 20) වංශ කතාවන්හි පැනෙන ලෙස අනුරාධපුර නගරයෙන් පිටත වූ මිහින්තලාව ආගමික මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය වූයේ දෙවන පෑතිස් රජතුමා අතින්ම ය. මිහිඳු හිමියෝ ස්වකීය ජීවිතාවසානය තෙක්ම දෙවන පෑතිස් රජතුමා සමඟ ඔහුගේ අනුයාත රජවරුන් විසින් ප්‍රමුඛත්වය සපයනු ලැබූ නිබඳ පැවැති ආගමික ක්‍රියාකාරිත්වයක් සහිත මිහින්තලාවෙහි ම විසූ සේක. මිහිඳු හිමි ඇතුළු සංඝයා වහන්සේ මුල්ම වස්‌ කාලය ගත කරන්නේ මිහින්තලයේදී ය. වංශකතා අනුව මිහිඳු හිමියන් සමඟ පැමිණි භණ්‌ඩුක උපාසක තෙමේ පැවිදි වී උපසම්පදාව ද ලබා රහත් බවට ද පත් වන්නේ මිහින්තලාවේ දී ය. ශී‍්‍ර ලංකාවේ දී ගිහියකු පැවිදි බවට පත් වන ප්‍රථම අවස්‌ථාව මෙය වේ. අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක්‌ ද මිහින්තලයේදී රෝපණය කර ඇත. මහා අරිට්‌ඨ අමාත්‍යවරයා ඇතුළු පනස්‌ දෙදෙනකු සසුන්ගත වන්නේ ද මෙම පුණ්‍ය භූමියේ දී ය. දේවානම්පියතිස්‌ස රජතුමා සංඝයා වහන්සේ උදෙසා ලෙන් 68 ක්‌ පූජා කරන්නේ ද මිහින්තලේදී ය. ථුපාරාමයේ තැන්පත් කිරීම සඳහා වැඩම කරන සර්වඥ ධාතුන් වහන්සේ මුලින්ම තැන්පත් කරන්නේ ද මිහින්තලේ ය.

 

මේ බුද්ධානුස්සතියට කාලය යි

කරුණාවන්ත පියතුමකු තම දයාබර දරුවන් අමතා අනුකම්පාවෙන් අවවාද කරන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේ ද තම ශ්‍රාවකයන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙසේ අවවාද කරති. මහණෙනි, ශ්‍රාවකයන් කෙරෙහි හිතවත් වූ අනුකම්පා සහගත වූ ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළ යුතු ද එය මා විසින් ඔබට කරන ලද්දේ ය. මහණෙනි, මෙන්න ගස්මුල්. මෙන්න හිස් වාසස්ථාන. මහණෙනි, ධ්‍යාන වඩන්න. ප්‍රමාද නොවන්න. පසුව විපිළිසර නොවන්න. මේ නුඹලාට අපගේ අනුශාසනාවයි. බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසටම අවවාද කළේ “ඣායථ භික්ඛවෙ මා පමාදත්ථ” මහණෙනි, ධ්‍යාන වඩන්න ප්‍රමාද නොවන්න කියායි. මෙහිදී “ධ්‍යාන වඩන්න” යන්නෙන් අදහස් වෙන්නේ භාවනා කිරීමයි. භාවනාව යනු සිත වැඩීමයි. එසේ වැඩිය යුත්තේ කුසල් දහම් ය. සිත තුළ කුසල් දහම් වැඩෙන මූලිකම කාරණාව බුදුගුණ සිහි කිරීමයි. බුද්ධානුස්සතිය යනුවෙන් දක්වන්නේ එසේ බුදුගුණ සිහි කරමින් වැඩීමයි. බුද්ධානුස්සතිය වැඩීමෙන් උපචාර සමාධියකට ඉතා ඉක්මණින් පැමිණිය හැකි ය. බුද්ධානුස්සතිය වඩන විට ධ්‍යාන සිත් සමීපයෙහි හැසිරෙන සිතුවිලි පහළ වේ. “බුද්ධානුස්සති” යන වචනය සෑදෙන්නේ “බුද්ධ” හා “අනුස්සති” පද දෙක එකතු වීමෙන් ය. මෙහිදී “බුද්ධ” යන්නෙන් බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණස්ඛන්ධය අර්ථවත් වේ. “අනුස්සති” යනු නැවත නැවත සිහි කිරීමයි. මේ අනුව අපරිමිත බුදුගුණ නැවත නැවත සිහි කිරීම බුද්ධානුස්සතිය යි. බුදුගුණ සිහි කරමින් ඒ අනුව සිත වැඩීම බුද්ධානුස්සති භාවනාවයි. අනන්ත අපරිමිත වූ බුදුගුණ සාමාන්‍ය ලෝක සත්වයාට යම් තරමකටවත් අවබෝධ කර ගනු පිණිස සියලු බුදුගුණ කැටි කොට ගුණ නවයකට බෙදා දක්වා තිබේ. නවඅරහාදී බුදුගුණ යනුවෙන් ව්‍යවහාර කරන්නේ ඒ බෙදා දැක්වීමයි.

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]