[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යළි පිබිදෙන
ඓතිහාසික කූරගල පුදබිම.
සේයාරුව - චේනක වික්‍රමාරච්චි

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

ඓතිහාසික කූරගල පුදබිම ප්‍රතිනිර්මාණය කිරීමේ මහා පුණ්‍ය මංගල්‍යය මැදින් පෝදා

හෙළ ඉතිහාසය අභිමානවත් වන්නේ බොදු උරුමයත් සමඟිනි. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලක්වැසියන්ට සම්බුදු දහම හඳුන්වා දීමත් සමඟ අපූර්ව සංස්කෘතියක් නිර්මාණය වුණි. ගමත් පන්සලත්, වැවත් දාගැබත් මුල්කරගනිමින් ගොඩ නැඟුණු ඒ මා හැඟි සංස්කෘතිය තුළ අප මුතුන් මිත්තන් අනාගතයට දායාද කළ දෑ බොහෝ ය. කාලයේ වැලි තලාවෙන් ඇතැම් වටිනාකම් සැඟව යන්නට ඇත. එමෙන්ම විවිධ අන්තවාදී පිරිස් බොදු උරුමයත් උදුරා ගන්නට උත්සාහ ගන්නා අවස්ථා ද බොහෝ ය. බළන්ගොඩට නුදුරු කූරගල පුරාවිද්‍යා බිම ද එවැනි අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුවූ පුණ්‍ය භූමියකි. ඈත අතීතයේ හාත්පස සිසාරා දහම් හඬ මුසු වූ, සිල් සුවඳ හමාගිය මේ මනරම් පින්බිම ආධ්‍යාත්මික සුවය සොයන බවුන් වඩන භික්ෂූන් වහන්සේට සිසිල් සෙවන දුන් තපෝ වනයෙකි. විවිධ හේතූන් මත කල්යත්ම මේ පින්බිම බෞද්ධයන්ගෙන් දුරස් වන්නට ඇත. නිරන්තරයෙන් සිහිලැල් දිය දහරාවන් ගලා ගිය මේ බිමේ සතා සීපාවාට ද නිදහසේ සැරිසරන්නට අපූරු තෝතැන්නක් වන්නට ඇත. එහෙත් පසුකාලීනව අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ බිම තෙමී යන්නේ බිලි පූජාවට බිලි වූ දහස් ගණන් සතුන්ගේ ලෝ හිතයෙනි. හාත්පස නිහඬ බව මිඳින්නේ ඒ සතුන් ජීවිතය ඉල්ලා නඟන අඳෙීනාවෙනි. ඒ අඳුරු සෙවණැලි ඉරා දමමින් කූරගල පුදබිමට යළි පිබිදෙන්නට දැන් අලුත් ඉරක් පායා තිබේ. ඒ ආලෝකය රැගෙන වඩින්නේ වතුර කුඹූරේ ධම්මරතන හිමියන් ය. අප කවුරුත් දන්නා නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ ය. උන්වහන්සේ කූරගල පුදබිම අන්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන සංවර්ධනය කොට සියලු ලාංකේයයන්ගේ උරුමයක් කර දෙන්නට පුරෝගාමී ව සිටිති. ඒ අදහස පෙරදැරි කර ගනිමින් නැති වී ගිය ඒ උරුමය යළි ගොඩනඟන්නට උන්වහන්සේ කූරගල කඳු මුදුනේ “අස දිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේ ඉදි කරන්නට ඇප කැප වී සිටිති. ඒ අනුව  (28) මැදින් පුන් පෝදා පස්වරු 4.00 ට එම සෑ රදුන්ගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීමට නියමිත ය.

හන්තාන කඳුවැටියේ සඳගිරි මහා සෑ රදුන්ටකොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය

මුහුදු මට්ටමේ සිට අඩි 3720 ක උසක් දක්වා පැතිරී පවත්නා හන්තාන කඳුවැටියේ අඩි 3039 ක උසින් ඉදිවන සඳගිරි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීමේ මහා පු‍ෙණ්‍යාත්සවය (28) පුන් පොහෝ දින පස්වරුවේ සිදු කිරීමට නියමිත ය. වසර පහක් පුරා ගඩොලින් ගඩොල බැඳී හන්තාන කඳු මුදුනේ වළාකුළු සිප ගන්නා ඉසව්ව දක්වා ගොඩනැඟුණු චෛත්‍යයේ අලංකාරය ඉස්මතු කරන්නට හාත්පස පුරා පැතිර පවත්නා හරිත වර්ණ වෘක්ෂලතාවෝ ලබාදී තිබෙන්නේ මහත් වූ ආශිර්වාදයකි. මීටර 100 ක වට ප්‍රමාණයකින් යුත් සඳගිරි මහා සෑයේ උස අඩි 108 කි.මහනුවර දිස්ත්‍රික්කයේ උසම ස්ථානයේ ස්ථාපනය වූ මෙය මහනුවර දක්නට ලැබෙන විශාලතම චෛත්‍යය වීම විශේෂත්වයකි. කොත් පැළඳවීමේ මංගල්‍යයෙන් අනතුරුව ධවල වර්ණයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ හැඩගැන්වූ පසු එය ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන මහනුවර ලෝක උරුම නගරයට හන්තාන දෙසින් පායා එන සඳක් සේ දිස්වනු නො අනුමාන ය.

 

ධර්ම දේශනාව:

සංවර සිතක් වේ නම් ඕනෑම අභියෝගයක් ජය ගන්නට පුළුවන්

යොචෙ වස්ස සතං ජීවේ - දුප්පඤ්ඤො අසමාහිතො - ඒකාහං ජීවිතං සෙය්‍යො - පඤ්ඤා වන්තස්ස ඣායිනො, “යම් පුද්ගලයකු අනුවණකමින් හා සිත තැන්පත් කර නො ගෙන වසර සියයක් ජීවත් වනවාට වඩා නිවැරැදි අවබෝධයෙන් හා තැන්පත් වූ මනසින් ගත කරන එක දවස ද උතුම් වේ” අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේ දී බාණු කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ ගේ අතවැසි නවක භික්ෂූන් වහන්සේලා පිරිසකට දේශනා කරන ලද මෙම ගාථාව ධම්ම පදයේ සහස්ස වර්ගයේ සඳහන් වෙයි. බුද්ධ කාලයේ කොණ්ඩඤ්ඤ නමින් හැඳින් වූ භික්ෂූන් වහන්සේ නමක් බුදුරදුන්ගෙන් කමටහන් රැගෙන වනගත වී තෙමසක් භාවනා කර රහත් වූහ. ආපසු බුදුරදුන් හමුවීමට වඩින අතරමඟ රාත්‍රී කාලය එක් ගල් තලාවක සමාපත්ති සුවයෙන් වැඩ සිටියහ. එදවස ගමක් කොල්ල කන ලද සොරු කණ්ඩායමක් සෙරා ගත් බඩු ඇතුළත් මලු තොගයක් ද රැගෙන එම ගල්තලාවට පැමිණියහ. ගමන් වෙහෙස නිසා ඔවුහු ගෙනෙන ලද බඩු මලු එක් ස්ථානයක තබා එහිම නිදන්නට වූහ. පසුදින උදයේම තම බඩු මලු ටික ගැනීමට ගිය සොරු පිරිස දුටු දෙයින් බියට පත් වූහ. හේතුව තම බඩු මලු භික්ෂූන් වහන්සේ නමකගේ ශරීරය මත තබා තිබීම යි. බියට පත් ඔවුන් එම ස්ථානයෙන් දිව යාමට සූදානම් වන විට සමාපත්ති සුවයෙන් නැගී සිටි උන්වහන්සේ කාරුණික ව ඔවුන්ට කතා කර තමන්ගෙන් කිසිවකුට කරදරයක් නො වන බවත්, එම බඩු ඉවත් කර ගන්නා ලෙසත් පැවසූහ. පුදුමයට පත් වූ ඔවුහු වහා බඩු මලු ඉවත් කරගෙන උන්වහන්සේගෙන් සමාව ගත්හ. භික්ෂූන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළහ.

 

බුදුරදුන් උපන් බිමට වැඩම වූ මැදින් පෝදා

සිංහල මාස ක්‍රමයට අනුව නව වසරක් ආරම්භ වනුයේ බක් මහෙනි. මැදින් මහෙන් වසරක් අවසන් වෙයි. නව වසරක් ආරම්භ වන බක් මහටත්, වසර අවසන්වීමට පෙර එළඹෙන නවම් මහටත් අතර මැදිව මැදින් මහ උදාවෙයි. තව ද හේමන්ත ඍතුවේ අවසාන කාලයත්, ගිම්හාන ඍතුවේ මුල් කාලයත් යන මධ්‍ය කාලය මැදින් මහට අයත් ය. ඒ අනුව මධ්‍යය, මැද, අතර යන අරුතෙන් මැදින් මහ යන්න භාවිතයට එක්වී ඇති බව පැහැදිලි ය. මෙම මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සැදැහැතියන් ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන අසිරිමත් සිදුවීමක් නිරායාසයෙන් ම සිහියට නැගෙයි. එනම් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ස්වකීය උපන්බිම වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි. වෙසක් පොහෝ දිනයෙහි කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වීමේ අරමුණින් මැදින් පෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම තිබේ. ඒ අතර ඤාතීන්ගේ මානය බිඳ හෙලීම, යමා මහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

 

සසුන් කෙත බැබළවූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණෝ

භික්ෂු ජීවිතයක් බහු ජනතාවගේ හිතසුව සඳහා යෙදවීමට භික්ෂූන් වහන්සේ කෙරෙහි ප්‍රධාන වශයෙන් උපයෝගී වන්නේ ජනපි‍්‍රය ධර්ම කථිකත්වය සහ පරිණත ධර්ම ශාස්ත්‍රීය ඥානයයි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම අංශ දෙකෙහි ම සම්පූර්ණත්වය නිසා ස්වකීය ජීවිතය අර්ථ සම්පන්න කළ සංඝ පීතෘවරයාණ කෙනෙකි. සම්බුද්ධ දේශිත ධර්මයේ ආශීර්වාදය සමාජයේ සෑම අංශයක් කෙරෙහි ම යොමු කරවමින් ජනතාවගේ ගුණ මානසිකත්වය සංවර්ධනය කරනු සඳහා නාහිමිපාණන් වහන්සේ විසින් දරන ලද ප්‍රයත්නය අතිශයින් ම ප්‍රශස්ත ය. මෙසේ සසුන් කෙත ශොභාවත් කරමින් වැඩ සිටි අතිපූජ්‍ය උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම සම්බුද්ධ ශාසනයට කිව නො හැකි තරමේ පාඩුවකි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුගොඩ ඉතා සම්භාවනීය පරපුරක් වන මහනුවර රජ වාසල සම්බන්ධ තනතුරු නම්බුනාම ලබාගත් ඇඳවිතාරණගේ හරමානිස් රුද්‍රිගු හා ඇඳවිතාරණගේ සෙලෙස්තිනා රුද්‍රිගු නම් සැදැහැති දම්පතීන් නිසා 1933 ජනවාරි මස 26 වන දින උපත ලද උන්වහන්සේ කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය ආරම්භ කොට ඉගෙනුමෙහි යෙදී සිටියදී ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති ව වැඩ විසූ පූජ්‍ය උණවටුනේ ධම්මපාල මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු 12 වන දින සම්බුදු සසුනට ඇතුළත් වූහ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]