[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ දස ලක්ෂයේ මල් පූජාවක්

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ දස ලක්ෂයේ මල් පූජාවක්

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ වාර්ෂික ව පැවැත්වෙන දස ලක්ෂයේ මල් පූජාව මෙවර ද අපේ‍්‍රල් 03 වන දින සවස 6.00 ට පැවැත්වේ. කොරෝනා වසංගතය ලොවෙන් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් මෙවර පින්කම පැවැත්වෙන අතර, එම පින්කමට සමගාමීව පැවැත්වෙන පරිවාර පින්කම් මාලාව මාර්තු 28 මැදින් පොහෝදා පැවැත්වෙන ශීල භාවනා වැඩසටහනින් ඇරඹේ. මෙදින සිට අපේ‍්‍රල් 03 වන දින දක්වා පෙරවරු 05 ට කිරි ආහාර බුද්ධ පූජාවක් ද, සවස 06 ට අටවිසි ගිලන්පස බෝධිපූජා පින්කමක් ද පැවැත්වේ. මාර්තු 31 සත්බුදු වන්දනාව සවස 06 ට පැවැත්වේ. අපේ‍්‍රල් 01,02 දෙදින සවස 06 ට මල් පින්කමේ ආනිසංශ දේශනය පැවැත්වේ. දිගන සුගතවංශ හිමි සහ හකුරුවෙල සිරිධම්ම හිමියන් විසින් එය පවත්වනු ලබයි. ඊට සමගාමී ව රතන සූත්‍රය, බොජ්ජංග සූත්‍රය, ධජග්ග සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය ආදී සූත්‍ර ඇතුළත් විශේෂ පිරිත් දේශනාව පුරා දින 07 ක් නො කඩවා පැවැත්වේ.

මාර්තු 28 සිට අපේ‍්‍රල් 03 දක්වා දිනපතා රාත්‍රී 07.00 ට විශේෂ ආශිර්වාද දේව පූජාවන්ද පැවැත්වේ. අපේ‍්‍රල් 03 වන දින මල් පූජා පින්කම පැවැත්වෙන බව උග්ගොඩ ධම්මින්ද හිමි දන්වා සිටියි.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]