[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සංවර සිතක් වේ නම් ඕනෑම අභියෝගයක් ජය ගන්නට පුළුවන්

යොචෙ වස්ස සතං ජීවේ - දුප්පඤ්ඤො අසමාහිතො - ඒකාහං ජීවිතං සෙය්‍යො - පඤ්ඤා වන්තස්ස ඣායිනො, “යම් පුද්ගලයකු අනුවණකමින් හා සිත තැන්පත් කර නො ගෙන වසර සියයක් ජීවත් වනවාට වඩා නිවැරැදි අවබෝධයෙන් හා තැන්පත් වූ මනසින් ගත කරන එක දවස ද උතුම් වේ” අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේ දී බාණු කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ ගේ අතවැසි නවක භික්ෂූන් වහන්සේලා පිරිසකට දේශනා කරන ලද මෙම ගාථාව ධම්ම පදයේ සහස්ස වර්ගයේ සඳහන් වෙයි. බුද්ධ කාලයේ කොණ්ඩඤ්ඤ නමින් හැඳින් වූ භික්ෂූන් වහන්සේ නමක් බුදුරදුන්ගෙන් කමටහන් රැගෙන වනගත වී තෙමසක් භාවනා කර රහත් වූහ. ආපසු බුදුරදුන් හමුවීමට වඩින අතරමඟ රාත්‍රී කාලය එක් ගල් තලාවක සමාපත්ති සුවයෙන් වැඩ සිටියහ. එදවස ගමක් කොල්ල කන ලද සොරු කණ්ඩායමක් සෙරා ගත් බඩු ඇතුළත් මලු තොගයක් ද රැගෙන එම ගල්තලාවට පැමිණියහ. ගමන් වෙහෙස නිසා ඔවුහු ගෙනෙන ලද බඩු මලු එක් ස්ථානයක තබා එහිම නිදන්නට වූහ. පසුදින උදයේම තම බඩු මලු ටික ගැනීමට ගිය සොරු පිරිස දුටු දෙයින් බියට පත් වූහ. හේතුව තම බඩු මලු භික්ෂූන් වහන්සේ නමකගේ ශරීරය මත තබා තිබීම යි. බියට පත් ඔවුන් එම ස්ථානයෙන් දිව යාමට සූදානම් වන විට සමාපත්ති සුවයෙන් නැගී සිටි උන්වහන්සේ කාරුණික ව ඔවුන්ට කතා කර තමන්ගෙන් කිසිවකුට කරදරයක් නො වන බවත්, එම බඩු ඉවත් කර ගන්නා ලෙසත් පැවසූහ. පුදුමයට පත් වූ ඔවුහු වහා බඩු මලු ඉවත් කරගෙන උන්වහන්සේගෙන් සමාව ගත්හ. භික්ෂූන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළහ.


  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]