[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

නිදහස් සටනට උරදුන් මහා යතිවර වරුණ

ජාතික නිදහස් දිනයට වසර හැත්තෑ තුනක් සපිරෙන මේ මොහොතේ, අප නිදහස් අරගලයේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේගේ දායකත්වය පිළිබඳ සමාලෝචනය කිරීම, සාකච්ඡා කිරීම වැදගත් කොට සලකමු. දේශපාලන විද්‍යාත්මක ව, සමාජ විද්‍යාත්මක ව විශ්ලේෂණය කිරීමේ දී අපේ නිදහස් අරගලය මූලික වශයෙන් කොටස් තුනකට බෙදා දැක්වීමට පුළුවන. එදා 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට මොහොතකට පෙර, මහනුවර මඟුල් මඩුව ඉදිරියේ දී සිංහල කොඩිය පහත හෙළා, ඉංගී‍්‍රසි කොඩිය එසවීම නො ඉවසූ වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ඉංගී‍්‍රසි කොඩිය පහතට ඇද දමා, සිංහල ජාතික කොඩිය ඔසවා තැබීමෙනුයි නිදහස් අරගලය ආරම්භ වන්නේ. එම නිදහස් අරගලය ඉතාමත් තීරණාත්මක බවට පත්වන්නේ 1818 වසරේදී ය. ඒ ඌව වෙල්ලස්සෙන් ඇරඹුණ ජාතික නිදහස් අරගලයත් සමඟිනි. සිංහල ගැමි ජනතාව අවි ආයුධවලින් නිදහස අත්පත් කර ගැනීමට තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන් උඩරට ගිවිසුමේ තිබෙන කොන්දේසි කඩවීමත් සමඟ ය. එහි ප්‍රධාන කොන්දේසියක් වූයේ ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කොට උන්වහන්සේට රැකවරණය ලබා දීමට ඉංගී‍්‍රසි ආණ්ඩුව කැමැත්ත පළ කිරීම ය. එහෙත් ටිකෙන් ටික ඉංගී‍්‍රසි ආණ්ඩුව වෙතින්, දළදා වහන්සේට රැකවරණය සැලසීමත්, ගරු කිරීමත් ගිලිහී යන්නට විය. ඊට අමතරව ස්වදේශික ජනතාව මත බදුබර පැටවීම මෙන්ම, විවිධ අකටයුතුකම් ද සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ය, 1818 ඓතිහාසික ඌව වෙල්ලස්ස නිදහස් සටන ආරම්භ වූයේ. එම සටනේ ඉතාම සක්‍රීය කණ්ඩායම් වූයේ සිංහල ගැමි ජනතාව, ආදිවාසීන් හා අපේ ජනතාවට අවවාද, අනුශාසනා දුන් භික්ෂූන් වහන්සේ ය. ඉතිහාසයේ යම් යම් හැදෑරීම් සහ පර්යේෂණවලට අනුව මෙම නිදහස් සටනේ දී ගැමි ජනතාවට නායකත්වය දුන් භික්ෂූන් වහන්සේ දහස් ගණනකගේ නම් සඳහන් බව පෙනේ. එහිදී භික්ෂූන් වහන්සේ වධ හිංසාවට ලක් වූ අවස්ථාවන්, බන්ධනාගාර ගත කළ අවස්ථාවන් ද බොහෝ ය. දළදා වහන්සේගේ අයිතිකාරීත්වය රටක රාජ්‍ය නායකත්වයේ ප්‍රධාන සංකේතය බවට පත්ව තිබුණි. ඒ අනුව දළදා වහන්සේගේ අයිතිය ඉංගී‍්‍රසීන් වෙතින් නැවත ලබා ගැනීමට ලාංකේයයන්ට නායකත්වය දෙන්නේ භික්ෂූන් වහන්සේ ය. විශේෂයෙන් වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, දළදා වහන්සේ දළදා මාලිගයෙන් ඉවත් කොට, ඉංගී‍්‍රසීන්ට තව දුරටත් රට පාලනය කිරීමේ අයිතිය නොවන බවට පණිවිඩය ජනතාවට සන්නිවේදනය කිරීමට තීරණය කළහ.


  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]