[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රජ්ජුමාලා බුදු සරණ යෑම
සිතුවම - සමන් ශ්‍රීකාන්ත

  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

පිරිවෙන:

ගම්පොළ පිරිවෙන්වලට අන්තර්ජාල පහසුකම්

මහනුවර දිස්ත්‍රික් ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන කමිටුව අරඹමින් සියලු පිරිවෙන් සඳහා අන්තර්ජාල පහසුකම් සැපයීම දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ගම්පොළ අධ්‍යාපන කලාපය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) රාජකීය පණ්ඩිත , ආචාර්ය පුස්සැල්ලාවේ ශීලවිසුද්ධි හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුවිය. විශේෂයෙන් දැක සාධනිය නියාමනයක් උදෙසා, “විදර්ශනා” යන නමින් ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන කමිටුව 2020/12/23 වන දින උඩපළාත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. ඒ සඳහා දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) වටිනාපහ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් – පරිපාලන) කොබ්බෑවල මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් සැලසුම්) මිල්ලෑවේ සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) නඹඩගස්වැව සුධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේලා ද සහභාගි වූහ. ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් ආයතන 15ක් ක්‍රියාත්මක වන අතර එම සියලුම පිරිවෙන්වල කෘත්‍යාධිකාරි පරිවේනාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වැඩමවීමෙන් කාර්යය සිදු කෙරිණි. එහිදී රාජ්‍ය අමාත්‍ය නීතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා අනුග්‍රහයෙන් ගම්පොළ අධ්‍යාපන කලාපයේ සියලුම පිරිවෙන් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදු කෙරිණි.

ධර්ම දේශනාව:

ශෝකය හා බිය දුරුකර ගත හැකි මඟ

පේමතෝ ජායති සෝකෝ - පේමතෝ ජායති භයං - පේමතෝ විප්පමුත්තස්ස -නත්ථි සෝකෝ කුතෝ භයං? ප්‍රේමය නිසා ශෝකය උපදී, ප්‍රේමය නිසා භය උපදී, ප්‍රේමයෙන් මිඳුණු සඳ, සොවක් නැත. බියක් නැත. මේ දහම ලොව්තුරු බුදුපියාණෝ වදාළේ දෙව්රම් වෙහෙරදී විශාඛාවන් අරභයා ය. පින්වත්නි, අද අප ජීවත් වන්නේ කොරෝනා වසංගතය නිසා හැම අතින් ම තහංචි වැටුණු අවධියක යි. මේ කාලයේ අප කවුරුත් අසරණ ය. ඒ කෙසේ වෙතත් අප, අපගේ ආධ්‍යාත්මික ශික්ෂණය සේ ම, ආර්ථික දියුණුව ළඟාකර ගත යුතුව ඇත. ලෝකයා අසරණ වූ මෙවන් මොහොතක බුදුන් දෙසූ දහම අපගේ සිහියට නැඟේ. සිත හදන බුදු බණ පදයකින් සංග්‍රහ කිරීමට ලැබීම අපටද අස්වැසිල්ලකි. දම් පද සයුරේ ගිලෙන අප ධම්මපදයේ එන තවත් එක්තරා දේශනාවක් කෙරෙහි අවධානය යොමු කරමු. සැවැත්නුවර විශාඛා මහා උපාසිකාවගේ නිවසේ නිතර දන් දෙති. ඇගේ මාළිගාවේ භික්ෂූන් වහන්සේ උදෙසා දිනපතා දානය සහ ගිලන්පස පිළිගන්වති. ඈට දන්තා නමින් මිනිබිරියකි. ඈ උවටැන් කිරීමේ දක්ෂ ය. සූර ය, අනලස් ය. දන්තාවගේ ශ්‍රද්ධාව ද එසේ ම ය. කරුණු එසේ වුවත් ඈ තරුණ වියට එළඹෙත් ම, අකාලේ මිය ගියා ය. මේ ශෝකය විශාඛාවන්ට දරාගත නොහැකි වේදනාවක් වූයේ ය. විශාඛා මහා උපාසිකාව දිනක් දෙව්රම් වෙහෙරට ගොස් දැඩි සේ ශෝකයට පත්ව සිටියා ය. ඒ දුටු බුදුරජාණන් වහන්සේ ඈ අමතා මෙසේ ඇසූහ. විශාඛාවනි, සොවින් සිටින්නේ ඇයි? එවිට ඈ කියන්නී, බුදුරජාණන් වහන්ස, දන්තාවගේ ගුණ සිහිවෙන කොට මට දරාගත නොහැකි දුකක් සිතට එයි. එය එතරම් ම බලවත් ය. එවිට බුදුරජාණන් වහන්සේ විමසන්නේ මෙබන්දකි. විශාඛාවෙනි, මේ සැවැත්නුවර කොපමණ නම් මිනිස්සු ඇද්ද? එවිට ඈ කියන්නේ, ස්වාමීනි, සත් කෙළක් පමණ ය විශාඛාවනි, සැවැත්නුවර වෙසෙන මිනිසුන් සත් කෙළම ඔබගේ මිනිබිරියෝ වෙත්නම්, ඔබ කැමැති ද? එසේය ස්වාමිනි, යැයි ඈ පිළිතුරු දුන්නා ය.

 

නිදහස් සටනට උරදුන් මහා යතිවර වරුණ

ජාතික නිදහස් දිනයට වසර හැත්තෑ තුනක් සපිරෙන මේ මොහොතේ, අප නිදහස් අරගලයේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේගේ දායකත්වය පිළිබඳ සමාලෝචනය කිරීම, සාකච්ඡා කිරීම වැදගත් කොට සලකමු. දේශපාලන විද්‍යාත්මක ව, සමාජ විද්‍යාත්මක ව විශ්ලේෂණය කිරීමේ දී අපේ නිදහස් අරගලය මූලික වශයෙන් කොටස් තුනකට බෙදා දැක්වීමට පුළුවන. එදා 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට මොහොතකට පෙර, මහනුවර මඟුල් මඩුව ඉදිරියේ දී සිංහල කොඩිය පහත හෙළා, ඉංගී‍්‍රසි කොඩිය එසවීම නො ඉවසූ වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ඉංගී‍්‍රසි කොඩිය පහතට ඇද දමා, සිංහල ජාතික කොඩිය ඔසවා තැබීමෙනුයි නිදහස් අරගලය ආරම්භ වන්නේ. එම නිදහස් අරගලය ඉතාමත් තීරණාත්මක බවට පත්වන්නේ 1818 වසරේදී ය. ඒ ඌව වෙල්ලස්සෙන් ඇරඹුණ ජාතික නිදහස් අරගලයත් සමඟිනි. සිංහල ගැමි ජනතාව අවි ආයුධවලින් නිදහස අත්පත් කර ගැනීමට තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන් උඩරට ගිවිසුමේ තිබෙන කොන්දේසි කඩවීමත් සමඟ ය. එහි ප්‍රධාන කොන්දේසියක් වූයේ ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කොට උන්වහන්සේට රැකවරණය ලබා දීමට ඉංගී‍්‍රසි ආණ්ඩුව කැමැත්ත පළ කිරීම ය. එහෙත් ටිකෙන් ටික ඉංගී‍්‍රසි ආණ්ඩුව වෙතින්, දළදා වහන්සේට රැකවරණය සැලසීමත්, ගරු කිරීමත් ගිලිහී යන්නට විය. ඊට අමතරව ස්වදේශික ජනතාව මත බදුබර පැටවීම මෙන්ම, විවිධ අකටයුතුකම් ද සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ය, 1818 ඓතිහාසික ඌව වෙල්ලස්ස නිදහස් සටන ආරම්භ වූයේ. එම සටනේ ඉතාම සක්‍රීය කණ්ඩායම් වූයේ සිංහල ගැමි ජනතාව, ආදිවාසීන් හා අපේ ජනතාවට අවවාද, අනුශාසනා දුන් භික්ෂූන් වහන්සේ ය. ඉතිහාසයේ යම් යම් හැදෑරීම් සහ පර්යේෂණවලට අනුව මෙම නිදහස් සටනේ දී ගැමි ජනතාවට නායකත්වය දුන් භික්ෂූන් වහන්සේ දහස් ගණනකගේ නම් සඳහන් බව පෙනේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]