[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යස කුල පුත්‍රයා බුදු රජාණන් වහන්සේ හමු වීම.
සිතුවම - හර්ෂ ගුණවර්ධන

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

සේරුවාවිල මංගල රජමහා විහාරය වන්දනාවට අවසර

කොවිඩ් – 19 වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව යන බැවින් ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන ලෙස සමස්ත බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති නැඟෙනහිර තමන්කඩුව දෙ පළාතේ ප්‍රධාන සංඝනායක දොම්පේ පාළුගම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ සඳහන් කරති. රජය පනවා ඇති සෞඛ්‍ය නීතිරීතිවලට අනුගත වෙමින් මෙම පුදබිම වන්දනාකර ගැනීමට අවශ්‍ය සියලු පියවර අරගෙන ඇතිබව සඳහන් කළ මෙත්තාරාම හිමියෝ සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා සියලු විධිවිධාන යොදා ඇති බවද සඳහන් කළහ. ඒ වගේම මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් උදේ ,දවල් සහ සවස දෛනික ව පවත්වන තේවා කටයුතු නො කඩවා සිදුකරන බවත්, ඒ සඳහා දායකවීමට කැමති පින්වතුන් සේරුවාවිල මාධ්‍ය ඒකකය අමතා වැඩි විස්තර ලබාගත හැකි බවත් සඳහන් කරයි.

ප්‍රාචීන විභාග කල් යයි

ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා විභාග දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වන ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. එය ජූලි 20 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද රටේ පවත්නා කොවිඩි19 වසංගත රෝගී තත්ත්වය පිළිබඳ වූ වෛද්‍ය උපදෙස් සැලකිල්ලට ගැනීමත්, ඉදිරියේ එළඹෙන මහ මැතිවරණයත් නිසා මෙම තීරණයට එළඹ ඇත. මහ මැතිවරණය අවසන් වී කොවිඩ් තත්ත්වය පහවගිය පසු විභාග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට විභාග පැවැත්වෙන දිනයන් ප්‍රසිද්ධියට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලේකම්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාචීන) බණ්ඩාරවෙල රතනසාර හිමි පවසයි.
 

ධර්ම දේශනාව:

සංසාර සාගරයේ අතරමං වන්නෝ

අන්ධභූතො අයං ලොකො - තනුකෙත්ථ විපස්සති - සකුන්තො ජාලමුත්තෝව - අප්පො සග්ගාය ගච්ඡති, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලව්නුවර අග්ගාලව විහාරයෙහි දී පේසකාර දුවක් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. අලව් නුවර වැස්සන්ගේ ආරාධනය පරිදි අප බුදුරජාණන් වහන්සේ එ නුවර අග්ගාලව විහාරයට වැඩ එහි ජනතාවට මරණය පිළිබඳ ව මෙනෙහි කරමින්, භාවනා කිරීමට ධර්ම දේශනා කළ සේක. එම දහම ඇසූ බොහෝ දෙනා තම තමන්ගේ ගෙවලට ගොස් සුපුරුදු කටයුතුවල යෙදුණාහ . එම ධර්ම දේශනා ශ්‍රවණය කරන පිරිස අතර සිටි පේසකාර දුවක් මෙසේ මෙනෙහි කළා ය. අහෝ! බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යතාව අපට ප්‍රත්‍යක්ෂ වන ආකාරය ඒ දහම පිළිපදින්නා මෙලොව, පරලොව, යහපත් ලබන්නේ ය. මමද මරණානුස්මෘති භාවනාවේ යෙදෙන්නෙමි’යි අදිටන් කරගත්තා ය. අප බුදුරජාණන් වහන්සේ ද එම ධර්මය දේශනා කොට දෙව්රම් වෙහෙරට වැඩි සේක. පේසකාර දුවගේ භාවනාව තුන් වසරක් පුරාවට පැවතුණ අතර, කරුණාවෙන් හා ප්‍රඥාවෙන් වර්ධනය වූ ඇය ආධ්‍යාත්මික ගුණයන්ගෙන් සම්පූර්ණ වූවා ය. මෙසේ කල් යවන අතර, අප බුදුරදුන් එක් දවසක අලුයම් වේලේ ලොව බැලූ කල, මෙම පේසකාර දුවගේ මරණය ද, සෝවාන් වීමට ඇති වාසනා ගුණය ද දැක ඇය කෙරෙහි මහත් අනුකම්පාවෙන් අලව් නුවර අග්ගාලව විහාරයට වැඩි සේක. අලව් නුවර වැස්සන් බණ ඇසීමට අග්ගාලව විහාරයට යන අතරට පේසකාර දුවණිය ද නො කඩවා මරණ භාවනාවේ යෙදී එහි ප්‍රතිඵල ලබන්නට මෙන් ගොස් බණ අසා සෝවාන් ඵලයට පැමිණියා ය. එම අවස්ථාවේ පේසකාර දුවණිය වෙනුවෙන් දේශනා කළ මෙම ගාථා ධර්මයේ කෙටි අර්ථය මෙසේ දැක්වෙන්නේ ය.

 

ස්වාභාවික විපත්වල සැඟවුණු යථාර්ථය

ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ එය තුළ ජීවීත්වන ජීවින්ගේ විශේෂයෙන් ම මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරිත්වය අනුව බව බුදුදහම පෙන්වා දෙයි. මනුෂ්‍යයා කෙලෙස්වලින් ආතුර නො වී ධර්මානුකූලව කටයුතු කිරීමේ දී ඔහුගේ එම නිවුණු සිත හෙවත් කුසල සිත වෙතින් ස්වභාව ධර්මයට හෙවත් පරිසරයට මුදා හැරෙන කිරණ යහපත් කිරණ වන අතර, ඒ මඟින් ස්වභාව ධර්මය යහපත් වී සමතුලිත භාවයෙන් ක්‍රියා කරයි. මනුෂ්‍යයා කෙලෙස්වලින් ආතුර වී අධාර්මික ව කටයුතු කිරීමේ දී ඔහුගේ රත් වූ සිත හෙවත් අකුසල සිත වෙතින් ස්වභාව ධර්මයට හෙවත් පරිසරයට මුදා හැරෙන කිරණ අයහපත් විෂ කිරණ ය. ඒ මඟින් ස්වභාව ධර්මය අයහපත් වී අසමතුලිත භාවයෙන් ක්‍රියා කර යි. ඒ හේතුවෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදි මහා භූත රූප විකෘති වී ජල ගැලීම් , නියඟ භූමිකම්පා මෙන්ම වසංගත රෝග ආදිය ද ඇතිවන බව බුදුදහමේ පෙන්වා දී ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග ඇතැම් බෞද්ධ රටවල කොරෝනා වයිරස රෝගයේ ව්‍යාප්තිය මදක් හෝ අවම වූ බව දක්නට ඇති අතර, ආර්ථික අතින් ද, විද්‍යා හා තාක්ෂණ ඥානය අතින් ද ඉතා ඉහළ තලයක පසු වන බොහෝ බටහිර රටවල රෝගය පාලනය කර ගැනීම දුෂ්කර වී ඇති බව දක්නට ලැබේ. ඊට හේතුව ඒ ඒ රටවල සිදු කෙරෙන අකුසල කර්මයන්ගේ අඩු වැඩි වීම බව පෙන්වා දිය හැකි ය. බටහිර අන්‍යාගමික රටවල පමණක් නොව පෙරදිග ඇතැම් බෞද්ධ රටවල ද පංච ශීලය සුරකින ධාර්මික දිවි පෙවෙතකට හුරු වූ මිනිසුන් සොයා ගැනීම තරමක අසීරු ය. බුදු දහමේ කේන්ද්‍රස්ථානය යනුවෙන් හඳුන්වන අපගේ ශ්‍රී ලංකාව තුළද මනුෂ්‍යයාගේ රස තෘෂ්ණාව සංතර්පය කිරීම සඳහා දිනකට මරණයට පත් කරනු ලබන ගවයන්, එළුවන්, කුකුළන් , ඌරන් හා තවත් ගොඩබිම වසන අහිංසක සතුන් ද...

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]