[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

****

ප්‍රතිපත්ති ගරුක භික්ෂූන් වහන්සේ ගිහියාට ආදර්ශයකි

ධර්මානුචාරී වීම භික්ෂූන් වහන්සේගේ පරම යුතුකම ය. සිව්පසයෙන් සලකන දායකයන්ට කළ හැකි උපරිම සේවය නම් තමන් වහන්සේ සිල්වත් ව සිටීම ය.

යාදි සං වපතෙ බීජං
තාදිසං හරතෙ ඵලං
කල්‍යාණ කාරි කල්‍යාණං
පාපකාරීව පාපකං

යහපත් ගති පැවැතුම්වලින් සමන්විත භික්ෂූන් වහන්සේ සරුකෙත් ලෙස හැඳින්වේ. සරු කෙතක හොඳ බීජ වර්ගයක් වැපිරූ කල්හි උසස් අස්වැන්නක් ලැබිය හැකි ය. සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේලාගේ පැවැත්ම ගිහියන්ට ආදර්ශයක් වේ. ගිහියන් තුළ ශ්‍රද්ධාවක් පහළ වීමට ප්‍රතිපත්ති ගරුක භික්ෂූන් වහන්සේලාගේ මාර්ගෝපදේශකත්වය මහෝපාකාරී වේ. භික්ෂූන් වහන්සේලා අනුගමනය කිරීම කරණ කොටගෙන ගිහියෝ ධාර්මික වන්නාහ.

****

අම්පාරේ පිරිවෙන් සමූහයට අන්තර්ජාල බිහිදොරක්

අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන පිරිවෙන් සඳහා විශේෂිතවෙබ් අඩවියක් පසුගිය දා එළිදැක්වීය.

අම්පාර දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) මාපාකඩ පේමරතන හිමියන්ගේමග පෙන්වීම යටතේ, දිස්ත්‍රික් පිරිවෙන් සම්බන්ධීකරණ සහකාර අධ්‍යක්‍ෂ කිරිඳීවැල සෝමරතන නාහිමියන්ගේ උපෙදස් මත මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරේ.

පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධ සියලු තොරතුරු හා දිස්ත්‍රික්කයේ පිරිවෙන්ගුරු තොරතුරු එක් අවකාශයකට ගොනුකිරීම හා පිරිවෙන් අධ්‍යාපනයගුණාත්මකව සංවර්ධනය කිරීමට අවශ්‍ය මූලාශ්‍ර සැපයීමේ අරමුණින් මෙම වෙබ්අවකාශය ක්‍රියාත්මක වේ.

විශේෂයෙන් කොවිඩි 19 උවදුර පවතින කාලය තුළ සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා දිරි දීම සඳහා විශේෂිත පාඩම් හා මාර්ග ගත (online) අභ්‍යාසයන් කිරීමේ පහසුව ද මෙම වෙබ් අඩවිය තුළින් සලසා තිබීමවිශේෂත්වයකි.පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් හා අම්පාර දිස්ත්‍රික්කයේ පිරිවෙන්වල ඉගෙනුම් සම්පත් හුවමාරු කරගැනීමට, පිරිවෙන් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාමට හා පිරිවෙන් අතර සබඳතා ගොඩනැගීමට, තොරතුරු තාක්‍ෂණික එළැඹුමක සිට පිරිවෙන් අධ්‍යාපනය නව දිශානතියකට යොමුකිරීමට යන අරමුණු පෙරදැරිව අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සමූහය නම් වන මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන බව දිස්ත්‍රික් පිරිවෙන් සම්බන්ධීකරණ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ කහගල චන්දාලෝක හිමියෝ සඳහන් කරති. දිස්ත්‍රික්කයේ පිරිවෙන් පිළිබඳව පමණක් නොව සමස්ත පිරිවෙන් පද්ධතියට ම අවශ්‍ය කෙරෙන ඉගෙනුම් මූලාශ්‍ර හා තොරතුරු සඳහා අවශ්‍යයොමු කිරීම් මෙම වෙබ් අඩවිය තුළින් ලබා දී තිබීම ද විශේෂත්වයකි.

https://amparapiriven.com  ලිපිනය තුළින් වෙබ් අඩවියට පිවිස අවශ්‍ය සේවාවන් ලබා ගත හැකිය.

****

පිරිවෙන් අධ්‍යාපනයේ අරම්භය හා විකාශනය 03

ධර්මය ප්‍රගුණ කරන අධ්‍යාපන මධ්‍යස්ථානය

එදා අනුරාධපුර යුගයෙහි තිබු මධ්‍යස්ථාන ලෙස මහාවංශයෙහි සඳහන් වන අධ්‍යා‍පනික මධ්‍යස්ථාන මෙසේ නම් කළ හැකි ය.

01. මහාවිහාර පිරිවෙන

02. අභයගිරියේ උත්තරෝළ්හ පිරිවෙන

03. ජේතවන පිරිවෙන

04. මයුර පිරිවෙන

05. කාලාපාසාද පිරිවෙන

මෙම පිරිවෙන් ආයතනවල සිදු වූයේ ත්‍රිපිටකය, අට්ටකථා ආදිය ඉගෙනීම, කටපාඩම් කිරීම, ප්‍ර ගුණ කිරීම, පාලි භාෂාව හෙවත් මාඝදී භාෂාව ප්‍රගුණ කිරීම හා ධර්මය සජ්ඣායනා කිරීම වැනි අධ්‍යාපනික කටයුතු ය. ථෙරවාදය මුල්කරගත් අධ්‍යාපනික කටයුතු මහාවිහාර පිරිවෙන කේන්ද්‍ර කරගනිමින් සිදු වූ අතර අභයගිරි පිරිවෙන් විහාරය ඊට වෙනස් මගක ගමන් කළ බව පෙනේ. සංස්කෘත භාෂාව මුල්කරගනිමින් දෙස් විදෙස් වශයෙන් හෙවත් ජාත්‍යන්තර සබඳතා පවත්වමින් අභයගිරි පිරිවෙන වෙනස් මගක කමන් කළ බවට මහාවංසය සාක්ෂි දරයි.

ඔවුන් ධර්මය පමණක් නොව මහජන සුභසිද්ධිය සඳහා අවශ්‍ය වන ලෞකික විෂයයන් ද මෙහි ඉගැන්වීම සිදුකළ බව පෙනේ. බුදු රජාණන් වහන්සේගේ උපදේශය අනුව “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය...“ යන කියමනට අනුගත වෙමින් ගම් දනව් සැරිසරමින් බොහෝ ජනයාට අධ්‍යාත්මික විමුක්ති සුවය ලබාදීම සිදුකිරීම එක් පිරිවෙනක් ඇසුරු කරමින් සිදුවන අතර පොදුජනයාගේ එදිනෙදා ජීවිතයේ සුභ සිද්ධිය පිණිස හේතුවන දේ මෙන් ම විහාරස්ථාන අභිවෘද්ධිය පිණිස වන කටයුතු තවත් පිරිවෙනකින් සිදුවීම විශේෂත්වයකි. මේවා අසුරු කරමින් මහජනයාට ඉගැන්වීම සඳහා විශේෂ භික්ෂූ පිරිසක් ද පුරුදු පුහුණු වූහ.

1. ධර්ම කථික - ධර්මය දේශනා කළ පිරිස

2. පද භාණක - ධර්ම පාඨ වචනයක් පාසා විස්තර කරන පිරිස

3. දිවා කථික - දිවා කාලයේ ධර්මය උගන්වන පිරිස

4. භාණක පරම්පරා - ති‍්‍රපිටකය පාඩම් කළ පිරිස

(මෙම භාණක පරම්පරා අතර සූත්‍ර භාණක, විනය භාණක, අභිධර්ම භාණක වශයෙන් ති‍්‍රපිටකය කොටස් වශයෙන් පාඩම් කළ පිරිස් මෙන් ම ත්‍රිපිටකය ම පාඩම් කළ ති‍්‍රපිටක භාණක යනුවෙන් ද පිරිසක් සිටිබව පෙනේ)

මාතලේ අළුවිහාරයේ දී ති‍්‍රපිටකය ග්‍රන්ථාරූඪ කරනතුරු මෙම භාණක පරම්පරා අවිච්ඡින්න ව පවත්වා ගෙන ඒමට භික්ෂූන් වහන්සේ කි‍්‍රයා කොට ඇත. බැමිණිතියා සායෙන් පසු මෙම පිරිවෙන් ඉතිහාසය නවමු මගකට යොමුවිය. එහි සුවිශේෂී දියුණුවක් අපට දක්නට ලැබෙන්නේ කෝට්ටේ යුගයේ දී ය.

(මතු සම්බන්ධයි)

****

ප්‍රාචීන විභාග කල් යයි

ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා විභාග දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වන ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. එය ජූලි 20 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද රටේ පවත්නා කොවිඩි19 වසංගත රෝගී තත්ත්වය පිළිබඳ වූ වෛද්‍ය උපදෙස් සැලකිල්ලට ගැනීමත්, ඉදිරියේ එළඹෙන මහ මැතිවරණයත් නිසා මෙම තීරණයට එළඹ ඇත. මහ මැතිවරණය අවසන් වී කොවිඩ් තත්ත්වය පහවගිය පසු විභාග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට විභාග පැවැත්වෙන දිනයන් ප්‍රසිද්ධියට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලේකම්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාචීන) බණ්ඩාරවෙල රතනසාර හිමි පවසයි.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]