[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරුවාවිල මංගල රජමහා විහාරය වන්දනාවට අවසර

සේරුවාවිල මංගල රජමහා විහාරය වන්දනාවට අවසර

කොවිඩ් – 19 වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව යන බැවින් ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන ලෙස සමස්ත බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති නැඟෙනහිර තමන්කඩුව දෙ පළාතේ ප්‍රධාන සංඝනායක දොම්පේ පාළුගම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ සඳහන් කරති. රජය පනවා ඇති සෞඛ්‍ය නීතිරීතිවලට අනුගත වෙමින් මෙම පුදබිම වන්දනාකර ගැනීමට අවශ්‍ය සියලු පියවර අරගෙන ඇතිබව සඳහන් කළ මෙත්තාරාම හිමියෝ සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා සියලු විධිවිධාන යොදා ඇති බවද සඳහන් කළහ.

ඒ වගේම මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් උදේ ,දවල් සහ සවස දෛනික ව පවත්වන තේවා කටයුතු නො කඩවා සිදුකරන බවත්, ඒ සඳහා දායකවීමට කැමති පින්වතුන් සේරුවාවිල මාධ්‍ය ඒකකය අමතා වැඩි විස්තර ලබාගත හැකි බවත් සඳහන් කරයි.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]