[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත්වීවදාළ
අම්පිටියේ ශී‍්‍ර රාහුල නා හිමි

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

ජාතියේ චීවර පුජාව

ශාසනාභිවෘද්ධිය උදෙසා වූ සම්මා වායාමය 22 වැනි දා අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ දී

වත්මනෙහි රටේ පවතින සංකීර්ණ වාතාවරණය පිළිබඳව පෙරදාට වඩා වැඩි අවධානයකින් හා වුවමනාවකින් ජාතියේ මුරදේවතාවුන් ලෙස සාකච්ඡා කරමින් ඊට අදාළ මැදිහත් වීම් කරමින්, අනේකවිධ අවලාද, ගැරහුම් මැද තමන් වෙත පැවරුණු ඓතිහාසික ජාතික වගකීම හිසින් දරා ගනිමින් හා සක්‍රීය ලෙසත්, උජුපටිපන්න ව හා ආදීන ලෙසත් ක්‍රියාත්මක වන ආකාරය දැක අපි මහත් සතුටට පත් වන්නෙමු. රට තුළ ඉතා වේගයෙන් ගම්බිම් සිසාරා මුදාහැර ඇති ඉතා සියුම් සංස්කෘතික ආක්‍රමණික බලවේග යුහුසුළුව හඳුනාගෙන ඊට ප්‍රතික්‍රියා දැක්වීමත්, අපේ දායක ජනයා දැනුවත් කොට තම විහාරස්ථානයට අයත් සතරපේරුව ආරක්ෂා කර ගැනීමට ඉක්මන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. වීදි සටන්, විරෝධතා, පෙළපාළි හා සාකච්ඡා, සම්මන්ත්‍රණ තුළින් පමණක් ඒ අභියෝග ජයගත හැකි නොවේ. ජාතික ව්‍යාපාරයක් ලෙස අපි බොහෝ දේ උගත්තෙමු. ලද අත්දැකීම් තුළින් ශක්තිමත් හා උපායශීලී ව මෙන්ම ඥානවන්තව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පන්නරය ලබා ගත්තෙමු. අප හමුවේ ඇති අභියෝගවලට ප්‍රායෝගික ව හා උපායික ලෙස මුහුණදීමට ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස ම එක රොදකට ගොනු කිරීමේ මහා ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කළෙමු. මේ උත්තම කටයුත්ත සම්පූර්ණ කරගැනීමට ඔබ වහන්සේලාගේ අනුශාසනාවත්, ආශිර්වාදයත් සහයෝගයත් පතමින් අපගේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්නෙමු.

 

දිනමිණ වෙසක් කලාපයට නිර්මාණ බාර ගැනේ

2020 ‘දිනමිණ වෙසක් කලාපය’ සඳහා බෞද්ධ සහ ශාස්ත්‍රීය ලිපි බාර ගැනේ. ඔබගේ ලිපි (වචන 500 - 1000 ) මාර්තු 31 වැනි දිනට පෙර ‘දිනමිණ විශේෂාංග අංශය’, ඩී.ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට එවිය යුතු ය. පරිගණක අකුරුකරණය කරන ලද ලිපි ඉස්කෝල පොත අක්ෂරයෙන්, යුනිකෝඩ් ක්‍රමවේදයට හරවා [email protected] ලිපිනයට එවිය යුතු ය. වැඩිවිස්තර 0112429245 - 6

 

ඩී.ආර්. විජයවර්ධන මහතාගේ 134 වැනි ජන්ම දිනය නිමිත්තෙනි:

දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය බිහි කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ගෞතම බුදුපියාණන් වහන්සේ තෙවරක් ම අපේ රටට වැඩම කළ සේක. තෙවන වර වැඩම වූයේ ඓතිහාසික කැලණිය පුදබිම වෙත ය. බුදුරදුන්ගේ තෙවනවර ලංකා ගමනය සිහියට නැඟෙත් ම නිරන්තරයෙන් සිහිපත් වන ඓතිහාසික පුණ්‍ය භූමියකි ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය. ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථ නව විහාර කර්මාන්තය විසිතුරු සිතුවම් පිරි අසිරිමත් කලාගාරයක් වැනි ය. මෙරට සිතුවම් කලාවෙහි අමරණීය නාමයක් රැන්දූ සොයිලියස් මැන්දිස් කලාකරුවාගේ තෙලිතුඩින් නිම වූ එම අභිනව විහාර කර්මාන්තය අසිරිමත් බුදු සිරිතේ වෙසෙස් අවස්ථා රැසකින් යුක්ත ය. ලෝ වැසි සිත් සතන් පහන් කරවීමටත්, සිතුවම් කලාවෙහි අග්‍රගණ්‍ය කලාගාරයක් බවට එය පත් කිරීමටත් එම අභිනව විහාර කර්මාන්තය කරවනු ලැබුයේ හෙළේනා විජයවර්ධන ළමාතැනිය විසිනි. සියවස් ගණනක් පුරා ලෝවැසියන්ගේ සිත් පහන් කරවන ආගමික මෙහෙවරක් ඉටු කළ හෙළේනා විජයවර්ධන ළමාතැනියගේ දයාබර පුත්‍රරත්නය ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය ප්‍රතිෂ්ඨාපනය කර මෙරට ජනතාවගේ නැණ පහන් දැල්වීමට සිදු කර ඇත්තේ යුග මෙහෙවරකි. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ යුග මෙහෙවර පුවත්පත් කලාවට පමණක් සීමා වූවක් නොවේ. සම්බුදු සසුනේ චිරස්ථිතිය පතා ද අනූපමේය මෙහෙවරක් සිදු කර ඇත.

 

ධර්ම දේශනාව:

සරු නිසරු දෙයතේරුම් ගනිමු

සිරි සුගත තාථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙක සංජය නම් පිරිවැජියාගේ මිත්‍යා අදහස් නිමිති කරගෙන ඉහත සඳහන් ගාථා ධර්මය දේශනා කළ සේක. රජගහ නුවරට නුදුරු උපතිස්ස කෝලිත යන බමුණු ගම් දෙකේ මෙම සම්බුදු සසුන විරාජමාන කළ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම කුඩා කාලයේ පටන් එක්වන් ව හැදී වැඩී යොවුන් විය දක්වා සියලු සම්පත් ඇති ව කල්ගත කළහ. ගමේ නමින් ම උපතිස්ස, කෝලිත නමින් ම ප්‍රකට ව දිනක් මේ දෙදෙනා ගිරග්ග සමජ්ජ නම් නාට්‍යයක් බලන්නට ගියහ. නාට්‍ය බැලීමෙන් මෙම දෙදෙනාට ම කිසිම වින්දනයක්, සතුටක් නොවීය. එකල ඉතා ප්‍රසිද්ධව සිටි සංජය නම් පරිබ්‍රාජකයා වෙත ගොස් විමුක්ති මාර්ගය දැන ගැනීමේ අභිලාෂයෙන් දෙදෙනාම සංජයගේ ශිෂ්‍යයන් වශයෙන් ඔහුගේ ධර්මය හදාරන්නට වූ හ. ඔහුගේ ධර්මය සම්පූර්ණයෙන් ම ඉගෙන ගත් නමුත් එයින් ද අර්ථයක් නොදැන දෙදෙනාම සංජයගෙන් බැහැරවගොස් මෝක්ෂ මාර්ගය දන්නා කෙනෙකුන් සොයමින් නගරයෙන් නගරයට සංචාරය කළහ. දිනක් ගෙයින් ගෙට ඉතා සංවර ලීලාවෙන් පිඬු සිඟා වඩින අස්සජි මහරහතන් වහන්සේ දැක සොම්නස්ව, උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ වෙත පැමිණ තොරතුරු විමසා දැනගත්තේ ය.

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

 

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]