[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඒහි පස්සික 46: වේදනාවේ අනිත්‍ය තේරුම් ගන්න

වේදනාවේ අනිත්‍ය තේරුම් ගන්න

යම් ක්‍රීඩාවක් සඳහා ක්‍රීඩා උපදේශකවරයෙකු පැමිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇතැයි සිතන්න.ඔවුහු එම උපදෙස් ඉතා සාවධාන ව අසා සිටීමට කටයුතු කළහ. එහෙත් අසා සිටි උපදෙස්වලට අනුව පුහුණුවීම් නොකර සිටිති. එවිට ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් දියුණුවනවාදැයි සිතන්න. එහෙත් උපදෙස් ඉතා අවධානයෙන් අසා සිටි නිසා වෙනත් පිරිසකට කියා දෙන්නැයි කිවහොත් එය ඉතා හොඳින් සිදු කිරීමට පුළුවන.

කියාදීමෙන් පමණක් හෝ, අසා සිටීමෙන් පමණක් ප්‍රතිඵල නොලැබේ. අසා සිටීමෙන් පසුව කළයුතු යමක් ඇති බව සිතට ගත යුතු ය. මෙබඳු බොහෝ කරුණ නිශ්චිත ව සිතා විමසා බැලීමෙන් ධර්මාවබෝධය යනු කුමක්දැයි තේරුම් ගැනීමේ පහසුව සඳහා ය. අපට වැරැදී ඇති, දේ නිවැරැදි කරගත යුතු යැයි තේරුම් ගැනීමට ය.

මේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් තේරුම් ගැනීමට නම් අසා සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. අප තුළින් තේරුම් ගත යුතු ය. අප තුළින් දැක ගත යුතු ය. අප තුළින් දැක ගන්නවා යනු අපගේ මනසට වැටහීමයි.

ගුරුවරයෙක් පන්තියට පැමිණ අසවල් සංයෝග දෙක ඒකරාශි කළහොත් මෙවන් සංයෝගයක් ඇතිවේය යනුවෙන් පාඩමක් කියා දෙනවායැයි සිතන්න. එසේ කියාදුන් අවස්ථාවේ දී ම එම ගුරුවරයා විසින් තමා කියා දුන් පාඩම පිළිබඳ සැකයක්, කුකුසක් තිබේදැයි සිසු දරුවන්ගෙන් විමසනු ලැබේ.

සැක ඇතිවිය හැකි ය. සමහර විට කියා දුන්නාදැයි කවුරුත් නොදනී. එසේ නම් එම සැකය දුරුකර ගැනීම සඳහා පරීක්ෂණාගාරයක් වෙත ගොස් පාඩමට අනුව කියා දුන් පරීක්ෂණය සිදුකළ යුතු ය. එසේ පරීක්ෂණය සිදු කළහොත් නැවත සැක නූපදී. එම සිද්ධිය අපේ ඇසට එය ස්පර්ශවීම මනසින් තේරුම් ගනු ලැබූහ. නැතහොත් ගුරුවරයා කියා දුන් පාඩම මගක ඇති සිසුවෙකු එම පරීක්ෂණය ඇසින් දැකීමෙන් පමණක් අදාළ සිද්ධිය සමග සම්බන්ධ කර ගනු ලැබේ.

අපේ වේදනා සංතතියක්, රූප සංතතියක් ඇත. රූප වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, සංතතිය දැකිය යුතු වේ. අප ඉහත සඳහන් කළ කරුණ ඇසින් දැක, මනසින් තේරුම් ගත්තෙක් විය. සමහර කරුණු කනින් අසා මනසින් තේරුම් ගනු ලැබේ. සමහර දේ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් විඳ මනසින් තේරුම් ගනු ලැබේ. සමහර කරුණු මනසින් දැක මනසින් තේරුම් ගනු ලැබේ. සමහරු නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් විඳ මනසින් තේරුම් ගනු ලැබේ. ඇතැම් දේ මනසින් දැක මනසින් තේරුම් ගනු ලැබේ.

එසේනම් පංචඋපාදනස්ඛන්ධයේ ස්වභාවය දැකිය යුත්තේ කවර තැනකින් ද? මනසින් දැක එය මනසින් තේරුම් ගත යුතු යි.

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]