[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආළවක දමනය

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 24 වනදා සිකුරාදා පූර්ව භාග 02.17 ට ලබයි. 25 වනදා සෙනසුරාදා පූර්වභාග 03.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 02 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 155 වන ආදි කර්තෘ සමරුවට
29 වනදා අනුරපුරදී පින්කම් රැසක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 155 වන ආදි කර්තෘ අනුස්මරණ උත්සවයට කුල දරුවන් සියයක් (100) සසුන් ගත කෙරෙන අතර, මහා සංඝරත්නය දහස් නමකට දවල් දානය පිරි නැමීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් 29 වනදා අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් පරිශ්‍රයේදී සිදු කරන බව සාරානන්ද පරිවේනාධිපති සහ විහාරාධිපති රාජකීය පණ්ඩිත උඩගබ්බල ඤාණාලෝක නා හිමිපාණන් වහන්සේ පවසති. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි නාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කළ අතර මෙවර 155 වන අනුස්මරණ උත්සවය උතුරු මැද පළාත් සංඝ සභා පහක් සමඟ ගෝනගල ඤාණාලෝක හිමි, දම්පහළ ඉන්දසෝම හිමි, ඇලක්පන්කුලමේ වංශානන්ද හිමි සමඟ අප විහාරස්ථ මහා සංඝ රත්නය විසින් සංවිධාන කටයුතු සිදු කරන බවද එම උත්සවය සඳහා 29 වන දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය දහස් නමකට අධිකව ද සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ගිහි පින්වතුන් සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු දේශපාලන අධිකාරියේ මැති ඇමතිතුමන්ලා ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට නියමිත ය.

අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර 25 වනදා අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ අභියස දී

සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරි මහ බෝ පදනම මගින් රටේ අනාගත සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් වාර්ෂිකව පවත්වනු ලබන අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර ජනවාරි 25 වෙනිදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පැවැත්වේ. එම අසිරිමත් මහ බෝ වන්දනාවට සම්බන්ධ වන සැදැහැවතුන් රිය පෙරහරකින් 25 වෙනිදා උදේ 6.30 ට කටුගස්තොටින් පිටත් වේ. අනතුරුව අනුරාධපුර රුවන්ැවලි මහ සෑය අබියසට ළඟාවී සවස 1.00 ට පෙරහර රුවන්වැලි මහා සෑය මලුව අභියස දී සකස්වී සවස 2.00 ට ජය සිරිමහ බෝධින් වහන්සේ අභියසට ළගාවී සවස 4.30 ට මහා සංඝරත්නයෙහි මූලිකත්වයෙන් එම ආශිර්වාද මහ බෝ වන්දනාව ආරම්භ කෙරේ. මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල. මාතලේ , කෑගල්ල, ගම්පහ, කොළඹ , කුරුණෑගල ආදී පළාත්වල වගාවන ධාන්‍ය වර්ග, භෝග වර්ග ඖෂධවලින් පිරි මහා පාත්‍රයක්, කප්රුක් සහිත පංචතූර්ය නාද සහිත මහා පෙරහරකින් වැඩමව ගෙන ගොස් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීමෙන් අනතුරුව එම ආශිිර්වාද මහා වන්දනාව ආරම්භ කෙරේ. ගරුතර මහා සංඝරත්නය පෙරටු කර ගනිමින් විවිධ පළාත්වලින් පැමිණි සැදැහැවතුන්ගෙන් එම මහා පෙරහරට මෙවර ද ආයතන රැසකින් දායකත්වය ලබා දී ඇත. ආශිර්වාද පූජාව මෙවර පවත්වනු ලබන්නේ පහළොස්වෙනි වතාවට බව සිරි සිදුහත් භික්ෂු පදනමේ සහ සිරි මහ බෝ පදනමේ සංවිධායක අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති අධිකරණ සංඝනායක මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී, බටුගොඩ සංකිච්චායන නා හිමියෝ සඳහන් කරති.

 

ධර්ම දේශනාව:

ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් ධර්මය පිළිපදිමු

කිච්ඡෝ මනුස්ස පටිලාභො - කිච්ඡං මච්චාන ජීවිතං - කිච්ඡං සද්ධම්ම සවණං - කිච්ඡො බුද්ධානං උප්පාදො, සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස්නුවරට නුදුරුව මහරිරුකක් මුල වැඩ සිටින අවස්ථාවේ ඒරකපත්ත නම් නාගරාජයාගේ ඇඬීම නිමිතිකර මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. මෙම නාගරාජයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ව දිවි ඇතිතෙක් මහණදම් පිරූ භික්ෂුවකි. එකල එම භික්ෂුව කිසියම් කරුණකට ගමනක් යන්නේ ගඟකින් එතෙරවීම සඳහා අඟුලකට නැගීමට තැත්කරද්දී ඒරු අත්තක් අල්ලාගෙන ගඟේ යද්දී ඒරු අත්ත කැඩී ගියේ ය. උපසම්පදා භික්ෂුවකට එය සුළු ඇවැතකි. එම ඇවතින් මිඳෙණු සඳහා ඇවැත් දෙසීම නොකළ බැවින් මිය යන වේලේ එම ඇවතින් නොමිඳී බැව් සිහි වී පසුතැවිලි ව මිය ගොස් ඔරුවක් පමණ වූ නාරජෙක් ව ඉපදී ඒරකපත්ත නාගරාජ නමින් ප්‍රකට විය. එම නාගරාජයා මහරිරුකමුල වැඩ සිටින බුදුරදුන් වෙත පැමිණ අඬන්නට විය. මෙම කාරණය නිමිති කරගෙන අප බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ට හිත සුව පිණිස ඉතා දුෂ්කර කාරණා හතරක් දේශනා කළ  සේක.

 

ඉටුවිය යුතු යුතුකම් මග හැර තිබෙනවාද?

සෑම දරුවෙකුම තමන් හැදූ වැඩූ මව්පියන්ට තමන්ට හැකි ආකාරයෙන් සැලකිය යුතු යි. බුදු දහම ඉගෙන ගත්තත් මව්පියන්ගේ වැරැදි අඩුපාඩු හොයන දරුවන් වැඩි වශයෙන් ම ඉන්න රට ශ්‍රී ලංකාව යි. අපේ රටේ බොහෝ දෙනා අන්‍යයා පිළිබඳව කරුණු කාරණා සොයා බැලීමට ඉමහත් රුචිකත්වයක් දක්වයි. කළ යුතු දෙයට වඩා නො කළ යුතු දෙය කිරීමට බොහෝ දෙනා උත්සාහ ගනී. අනෙක් පුද්ගලයන් පිළිබඳ සිතන්න අවශ්‍ය නැත. තමන් පිළිබඳව එළඹ සිටි සිහියෙන් සිතීම හොඳටම ප්‍රමාණවත් ය. තමන්ගේ මව්පියන්ට තමන් කෙතරම් ප්‍රමාණයකට සලකා තිබෙනවාද? මේ වන විටත් කෙතරම් ප්‍රමාණයකට සලකනවාද? තමාගේ ගැටලු ඉදිරියට යොදා ගනිමින්, එම කාරණා තමාගේ වාසියට ගනිමින් තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් මගහැර තිබෙනවාද? යන ප්‍රශ්නය ඇසිය යුත්තේ අනෙක් පුද්ගලයන්ගෙන් නොවේ. තමාගෙන් ය. පළමුවෙන් ම දරුවන්ට යම් යම් දේ ලබාදෙන්නේ මව්පියන් පුබ්බදේව, පුබ්බාචරිය යන නම්වලින් මව්පියන් හඳුන්වා තිබෙන්නේ ද එම නිසයි. සෙනෙහස දක්වමින් ලේ කිරිකර පොවමින් පළමු ගුරුවරයා ලෙස කටයුතු කරන්නේ අම්මා, තාත්තා ය. මව්පියන් විසින් සෙනෙහසින්, මෛත්‍රියෙන් කළ යුතු නො කළ යුතු දේ හරි වැරැද්ද පහදා දෙයි.

 

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]