[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර 25 වනදා

අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර 25 වනදා
අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ අභියස දී


සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරි මහ බෝ පදනම මගින් රටේ අනාගත සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් වාර්ෂිකව පවත්වනු ලබන අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර ජනවාරි 25 වෙනිදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පැවැත්වේ. එම අසිරිමත් මහ බෝ වන්දනාවට සම්බන්ධ වන සැදැහැවතුන් රිය පෙරහරකින් 25 වෙනිදා උදේ 6.30 ට කටුගස්තොටින් පිටත් වේ. අනතුරුව අනුරාධපුර රුවන්ැවලි මහ සෑය අබියසට ළඟාවී සවස 1.00 ට පෙරහර රුවන්වැලි මහා සෑය මලුව අභියස දී සකස්වී සවස 2.00 ට ජය සිරිමහ බෝධින් වහන්සේ අභියසට ළගාවී සවස 4.30 ට මහා සංඝරත්නයෙහි මූලිකත්වයෙන් එම ආශිර්වාද මහ බෝ වන්දනාව ආරම්භ කෙරේ.

මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල. මාතලේ , කෑගල්ල, ගම්පහ, කොළඹ , කුරුණෑගල ආදී පළාත්වල වගාවන ධාන්‍ය වර්ග, භෝග වර්ග ඖෂධවලින් පිරි මහා පාත්‍රයක්, කප්රුක් සහිත පංචතූර්ය නාද සහිත මහා පෙරහරකින් වැඩමව ගෙන ගොස් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීමෙන් අනතුරුව එම ආශිිර්වාද මහා වන්දනාව ආරම්භ කෙරේ. ගරුතර මහා සංඝරත්නය පෙරටු කර ගනිමින් විවිධ පළාත්වලින් පැමිණි සැදැහැවතුන්ගෙන් එම මහා පෙරහරට මෙවර ද ආයතන රැසකින් දායකත්වය ලබා දී ඇත. ආශිර්වාද පූජාව මෙවර පවත්වනු ලබන්නේ පහළොස්වෙනි වතාවට බව සිරි සිදුහත් භික්ෂු පදනමේ සහ සිරි මහ බෝ පදනමේ සංවිධායක අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති අධිකරණ සංඝනායක මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී, බටුගොඩ සංකිච්චායන නා හිමියෝ සඳහන් කරති.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 24 වනදා සිකුරාදා පූර්ව භාග 02.17 ට ලබයි. 25 වනදා සෙනසුරාදා පූර්වභාග 03.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 02 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]