[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ශාසනාලංකාරාරාම විහාරයේ
බෝධීන් වහන්සේ

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර

ගාල්ල, උඩුගම , ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ විරාජමානව වැඩ සිටින ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේට උපහාර පූජා පිණිස 34 වන වරටත් පැවැත්වෙන උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර 2020 ජනවාරි 25 වන දින රාත්‍රී 07.00 ට උඩුගම නගරයේ වීථී සංචාරය කෙරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. දක්ෂිණ ලංකාවේ උඩුගම පුරවරයෙහි පිහිටා ඇති ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානය විසි වැනි සියවසේ ලංකාවාසී බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනාගේ ගෞරවාදරයට පත් වූ අතර ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර ගත් පූජනීය බෞද්ධ සිද්ධස්ථානයකි. ශ්‍රී ලංකාව යටත් විජිතයක් ව පැවති අවධියේ ප්‍රදේශයේ බුදු දහමේ පුනර්ජීවනයක් ඇති කරලීමේ පුරෝගාමීත්වය ගෙන කටයුතු කළේ මෙම විහාරස්ථානයෙහි එදා වැඩසිටි නෙළුවේ ශ්‍රී ගුණානන්ද නා හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ මෙම විහාරස්ථානයෙන් සිදුකෙරුණු ජාතික, ආගමික, සාමාජික, ආර්ථික සහ සංස්කෘතික සේවාවන් අසීමිත ය. ගුණානන්ද නාහිමියන් නෙළුව නම් ගමෙහි ඉපිද ගැමි සිරිය අත්විඳිමින් කුඩා කල මව්පියන් සහ සහෝදර සහෝදරියන් සමඟ කල් ගෙවූහ. ප්‍රවෘජ්ජ්‍යා භූමියට ඇතුළත් වීමෙන් පසු පිරිවෙන් අධ්‍යාපනය තුළින් සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රය මෙන්ම ත්‍රිපිටක ධර්මය මනාව හැදෑරූහ.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 24 වනදා සිකුරාදා පූර්ව භාග 02.17 ට ලබයි. 25 වනදා සෙනසුරාදා පූර්වභාග 03.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 02 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]