[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උත්තර මානවක සෝවාන් වීම

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

තල්පිටියේ බෝධිරාජ මහා විහාරයේ කඨින පින්කම

වාද්දුව තල්පිටියේ ඓතිහාසික බෝධිරාජ මහා විහාරස්ථානයේ මෙවර කඨින චීවර මහා පින්කම මෙම මස 24,25 යන දෙදින තුළ පැවැත්වේ. 24 වනදා රාත්‍රී 7.00 විශේෂ ධර්ම දේශනයක් පවත්වනු ලැබේ. 25 වන දින අලුයම 3.00 තල්පිටිය ගාලුපාර අංක 221 දරණ ස්ථානයේ දිලිප් කුමාර පෙරේරා මහතාගේ නිවසින් කඨින චීවරය රැගත් පෙරහර වීථි සංචාරය කර, අලුයම 5.30 ට විහාරස්ථානයට ළඟාවීම ට නියමිත ය. පස්වරු 3.00 විශේෂ ආරාධනය මත චීනයේ සිට වැඩමකර සිටින චීන ජාතික මහා සංඝයා වහන්සේ ප්‍රමුඛ දූත පිරිස පෙරහරකින් විහාරස්ථානය වෙත වැඩම කෙරෙන අතර පස්වරු 4.00 ශතාධික මහ සංඝ රත්නය වෙත ගිලන්පස පූජාව පවත්වනු ලැබේ. එම කඨින පූජා පින්කම විහාරාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නාහිමියන් සහ විහාරාධිකාරි රාජකීය පණ්ඩිත නිකාරේ ඤාණතිලක හිමියන්ගේ අනුශාසනා, පරිදි විහාරස්ථදායක සභාව, කුළඟන සමිතිය, බෞද්ධ සමිතිය සහ ගම්වාසී දායක පිරිස විසින් සංවිධානය කර ඇත.

ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරයේ සඟසතු දානමය පින්කමක්

ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරය සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයට අයත් විහාරස්ථානයකි. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරෙන් ආරම්භ වී ඇති වීදියගොඩ සඟ පරපුර මේ වන විට විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වී ක්‍රියාත්මක වන විහාරස්ථාන ගණන සියයකට ආසන්න ය. එම විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය දෙසීයනමකට අධික ය. වීදියගොඩ පාර්ශ්වයට අයත් ඔලබොඩුව රජ මහා විහාරය ආරම්භ වන්නේ වීදියගොඩ මහා විහාරයට සමගාමී ව හා වීදියගොඩ මහා විහාර භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙනි. අද වන විට ඔලබොඩුව රජමහා විහාරයෙන් ආරම්භ වී ඇති ශාඛා විහාරස්ථාන විසිහතරකි. වීදියගොඩ පාර්ශ්වීය සියලු මහා සංඝරත්නය එකම ස්ථානයකට වැඩමවා සඟසතු මහා දානමය පින්කමක් සිදුකර ගෞරව උපහාර දැක්වීමත්, සසුනඹර ශෝභාමත් කරමින් වැඩසිට අපවත් වී වදාළ වීදියගොඩ සඟ පරපුරට අයත් සියලු මහා සංඝරත්නය අනුස්මරණය කර පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන විශේෂ දානමය පින්කමක් ඔක්තෝබර් මස 19 වන දා දවල් දෙසිය පනස් නමක් මහ සඟරුවන විෂයෙහි පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

 

ධර්ම දේශනාව:

බුද්ධ රත්නය

යං කිඤ්චි විත්තං ඉධවාහුරංවා - සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන - ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු,
මනුෂ්‍ය ලෝකයෙහි හෝ පරලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ බුද්ධ රත්නයට වඩා ප්‍රණීත, ශ්‍රේෂ්ඨ රත්නයක් තවත් නැත්තේ ය, යනු රතන සූත්‍රයෙන් උපුටාගත් ඉහත ගාථාවෙහි අර්ථය යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දෙව් වන සේක. බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වන සේක. සීලාදී ගුණ ධර්මවලින් ද, ප්‍රඥා වීර්යාදී අධ්‍යාත්මික ශක්තිමය ගුණධර්මවලින් ද අතිශයින් පිරිපුන් භාග්‍යවත් වූ බුදුවරයෙකුට වඩා කාය බලයෙන් හෝ,ඤාණ බලයෙන් හෝ, බලවත් වූ වෙනත් කිසි කෙනෙකු දිව්‍ය ලෝකයෙහිවත්, බ්‍රහ්ම ලෝකයෙහිවත්, මනුෂ්‍ය ලෝකයෙහිවත්, කිසිම තැනෙකත් නැත්තේ ය. ‘රතන’ යනුවෙන් හඳුන්වන්නේ මේ ලෝකයෙහි පවත්නා ඉතා වටිනා ශ්‍රේෂ්ඨ වස්තුවකටය. බුදුරජාණන් වහන්සේ රත්නයක් වන්නේ කෙසේදැයි, අපි මෙහි දී සලකා බලමු. පොළොවෙහි සැඟ වී පවත්නා අගනා ඛනිජ වර්ගවලට රත්න යැයි, ඒවායෙහි අගනා බව සලකා අපි කියමු. එසේ කියන්නේ ඒවා නිතර හමු නොවන බැවින් ද, සෑම තැනෙක ම දක්නට නොලැබෙන බැවින් ද යන කරුණු නිසා ය. එහෙයින් ලෝ වැස්සන් විසින් ඒවා අගනා වස්තුන් හැටියට සලකනු ලැබේ. බුදුරජාණන් වහන්සේලා ද ලෝකයෙහි දක්නට ලැබෙන්නේ ඉතාමත් දුර්ලභ ව ය. බුද්ධ රත්නය. ධම්ම රත්නය සහ සංඝ රත්නය ද මිනිස් ලෝකයේ එසේ ඉතා දුර්ලභ ව දක්නට ලැබෙන, අගය කළ නොහැකි වස්තූහු ය. එයිනුදු බුද්ධ රත්නය ම ඉතාමත් දුර්ලභ රත්නයක් වන්නේ, ජීවමාන ව වැඩ සිටින බුදුරජාණන් වහන්සේ කෙනෙකු ලොව දැකිය හැක්කේ ඉතාමත් ම කලාතුරකින් සහ කෙටි කාලයක් තුළ බැවිනි.

 

සාර්ථක දිවියක උරුමය

ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක වශයෙන් එක්ව ජීවත්වීම අපහසුවිය හැකි ය. නැතහොත් පහසු විය හැකි ය. ස්වාමිපුරුෂයෙකුට සහ භාර්යාවකට එක්ව සතුටින් ජීවත් විය හැක්කේ කෙසේදැයි ප්‍රශ්නයක් නැගුවහොත්, ලැබෙන කිසිම පිළිතුරු දෙකක් එක සමාන නොවනු ඇත. එහෙත් සමහරු පින්වත් ඔබට කියනු ඇත්තේ, එය ඔවුන්ගේ ඡ්‍යොතිෂ්‍යය ඉරණම සහ දෛවය මත රඳා පවතින බවයි. අවඥාවෙන් බලන අය පවසනුයේ, එය දෑවැද්දේ ප්‍රමාණය මත රඳා පවතින බවයි. භාග්‍යවතුන් වහන්සේ මෙම ප්‍රශ්නයට තනි වචනයකින් පිළිතුරු දුන් සේක. එනම්, “හිතකාමීත්වය” යන්න ය. අන්‍යොන්‍ය හිත කාමීත්වය හෙවත් කාරුණිකත්වයේ හා පරිත්‍යාගයේ විශ්ව කාරණා සතර (සතර සංග්‍රහවස්තු) භාවිතයට නැගීම මගින් එක්ව ජීවත් වීමේ සතුට ප්‍රවර්ධනය කෙරෙයි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]